තුරු ලතා මල් පිරුණු වන දහන නුඹම වේ
පෙර කළක මට සිසිල සුව සැදූ
පැමිණි ගිනි නුඹ දවා
ඉඩෝරෙට හසු වෙලා
දැවෙයි අද නුඹම කතරක් වෙලා
පැමිණ සැරිසැරුවෙමි යලිත්
කතරකැයි පැවසු මුත්
නෙක දනන්
දනිමි මා නුඹම බැව් වන දහන
මවා වැලි කුණාටුව
නොපෙළන්න නුඹ මාව
පැමිණියේ මා ඉතින්
තුරු ලතා මල් යලිත් තනන්නට..
මේක නම් කවියක් විතරක්ම නෙවෙයි. මගේම අත්දැකීමක්. යම් යම් හේතු නිසා විස්තර සහිතව කියන්න බැරි උනත් පැහැදිලි වෙන්නත් එක්ක කෙටියෙන් කියන්නම්.
ගොඩක් කාලෙකට පස්සෙ මට කෙනෙක් එක්ක කතා කරන්න ලැබුණා. ඒ වෙලාවෙ එයාගෙ ජීවිතේ එක දෙයක් ගැන මට කිව්වා. කලින් මම දැනගෙන හිටියත් එයාගෙම වචන වලින් අහත්දි එච්චර දැඩි හිතක් මේ තරම් දුක් විඳින්නෙ ඇයි කියලා හිතාගන්න බැරි උනා. මාත් එයාගෙ ජීවිතය වරද්ද ගන්න එක හේතුවක් උනා කියලා දැන දැනත් හිතේ තියන් ඉන්න බැරි නිසාම ඒ ගැන මතක් කරලා සමාව ඉල්ලුවා. කොහොම උනත් අන්තිමේදි එයත් මාත් එක ප්රශ්නයක් එක්ක හිර උනා. ( ජීවිතයේ ලොකුම පැරදීමක් අද හෝ කවදාහරි. වෙනස් වෙන්නෙ දවස විතරයි. ) වෙලාවකට මට දැනෙන්නෙ හැම පැත්තෙන්ම ආපු ප්රශ්ණත් එක්ක උන හැමදේටම එයා මගෙන් පලිගන්න හදනවාවත්ද කියලා. ඒත් මම දන්නවා එදා මම දැකපු හදවත තාමත් එයා ලඟ තියනවා කියලා. මොකද දන්නවද එයාගෙ අතීතයේ ගොඩක් දේවල් තාමත් ආදරණීයව මතක් කරන නිසා.
එයා කවදාවත් මගේ බ්ලොග් එක දකින්නෙ නෑ. ඒකයි මෙහෙම ලිව්වෙ.