Buscar

මට හිතුන හැටි.


මට හිතෙන සමහර දේවල් ඔයාල හැමෝමත් එක්ක බෙදාගන්න දරන පුංචි ප්‍රයත්නයක් විතරයි මේක.ඒකට මුල පුරන්න හිතුවෙ මෙන්න මෙහෙමයි...


"කොහොම උනත් මට මේ ලෝකෙ කිසිම දෙයක් ගැන හිතගන්න බෑ. හරි අමුතුයි." මේ මම අද උදේ යාලුවෙකුට යවපු පණිවිඩයක කොටසක්. ඒකට උත්තරේ ලැබුනෙ මෙහෙමයි.. "අමුතුයි" ඒක තමයි මේ ලෝකෙ ගැන කියන්න තියන හොඳම වචනය. ඒ වගේම ජීවිතයත්... හැමදේම අමුතුයි. පුදුමයි.. "
හිතන්න... මේ ලෝකෙ තියෙන්නෙ වෙනස් වීම් විතරයි.. මට තාමත් හිතාගන්න බෑ අපි මේ වෙනස් වීම් වලට ආසද නැත්ද කියලා. අපි හැමතිස්සෙම අපි ආස කරන දේවල් එක්ක මේ ලෝකෙ වෙනස් වෙනවට කැමතියි. මේ පුදුම අමුතු ලෝකෙ තේරුම් ගන්න ගොඩක් අමාරුයි. එක එක විදිහෙ මිනිස්සු..
මාව එක්කෙනෙක් දකින්නෙ තව කෙනෙක් දකින විදිහට නෙවෙයි. එක්කෙනෙක් මට හොඳයි කියත්දි තව කෙනෙක් මම නරකයි කියනවා. අපි මේ ලෝකෙ දකින්නෙ එක එක විදිහට.
මගේ වගේම ඔයාලගෙත් භූමිකා වෙනස් වෙනවා. එක එක යාලුව ඉස්සරහ උනත් අපිට වෙනස්ම භූමිකා තියනවා. ඒකනේ යාලුවො උනත් අපිව විවිධ විධියට විවේචනය කරන්නෙ.


මේ ලෝකෙ හොඳම කියලා කිසිම කෙනෙක් නෑ.. නරකම කියලත් කිසිම කෙනෙක් නෑ.. ඒකනේ හැම කළු වලාකුලකම රිදී ඉරක් තියනවා කියන්නෙ. මිනිස්සු විදිහට අපි තමයි මේ ලෝකෙ දියුනුම සත්ව කොට්ඨාෂය. ඉතින් මේ ටිකත් හිතන්න අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නෙ ටික කාලයකට විතරයි ඒ ටික කාලෙදි කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව කාත් එක්කත් පුලුවන් තරම් හොඳින් ඉන්න උත්සාහ කරන්න හිතුවොත් මේ ලෝකෙ මීට වඩා ගොඩාක් ලස්සන වෙයි...
 

කියවන්න එකතුවෙන්න..