ඇස් පියන් යට ඉඳන්
දෑස පියවුණු සැණින්
අවදි වී දඟ කරන
තවත් එක හීනයක්
දෑස් දල්වා බලන
දෑස් පියවා බලන
නෙක හීන පිරුණු ලොව
තවත් එක හීනයක්
නෙත් වසා බලනු බැරි
ඉතින් දෑසින් බලමි
ජීවිතය වුවත් මට
තවත් එක හීනයක්
Umara - Wassanayata Atha Wanala .mp3 | ||
![]() | Found at bee mp3 search engine | ![]() |
ජීවිතේ බොහෝ දෙනෙක් අත්විඳින අත්දකින දේවල් වල එකතුවක්. ජීවිතේ පිහාටුවක් තරමට සැහැල්ලු කරගන්න පුලුවන් මතකයන් ගොඩක් ඉතිරි කරලා තියන්න හදා ගත්ත මගේම තැන.. ඇවිත් පොඩ්ඩක් නැවතිලා යන්න. ඔබේ මතකයත් ඉතිරි කරලා යන්න අමතක කරන්න එපා.
19 comments:
deviyane, menna ayeth evith ape hansi akkiya..
අම්මෝ අක්කෙ! කොහෙද ගිහිං හිටියෙ :O
හීන දෑස් අග රැදුන
බොද වෙන අයුරු දැක
නෙතට කදූළැලි ගෙන එන..
මොකද නංගී නිහඩ වෙලා හිටියේ?
කාලෙකට පස්සෙ....
ජීවිතය හීනයක් සැබෑ කර ගත යුතු !
හුග කාලෙකින් :))
NIce...
අවදිවෙන උදෑසන
මතක ඇති හීනයක්
සැබෑකර ගන්න නම්
නොනිදාම ඉන්නවෙයි..
ගොඩක් කාලෙකට පස්සේ අවදි වෙලා වගෙයි.....:)
ජීවිතය හීනයක්ම තමා..... සැබෑකර ගත යුතු.
මෙච්චර කල් හීන දකින්න ඇති.. නේ... ලොකු දෙයක් දැන්වත් ඇහැ ඇරිච්ච එක.. කවද හරි හීන සබැ වේවි ... ජය
ඔන්න ඉතින් හංසයා හංස පිහාටුව කියවන්න ආවා. හංස පිහාටුව ලියන ඔයාට හොද කාව්‍ය හැකියාවක් තියනවා....................
නංගිගේ සටහන දැක්කෙ මලීශා නංගිගෙ අඩවියෙන්. ඔන්න මාත් එක්වුනා කියවන්න. හරිම කලාත්මක කවි ටිකක් කියෙව්වා. ස්තූතියි නංගි.
ඇස් කෙවෙනි මත
දඟ කරන කඳුළු බිඳු
බොඳ කලා රුව ඔබෙ
සිහිනයක් වී තවත්...
ලස්සනයි ඔයාගේ කවිය..!!
ලස්සනයි හංසියෝ....
ලස්සනයි.....
ලස්සනයි අනේ බ්ලොග් එක
http://manasindiviyata.blogspot.com/
මමත් මාතර හාලෝ............
රස විදින්න ට එන්නම හිතෙන තැනක්. නියමයි අර්ථාන්විතයි. ආයිත් එන්නම්.
කර්ම ගැන මගේ අදහස මෙතැනින් කියවන්න
හංසි අක්කා තාම නැහැ.කමක් නෑ ඔයා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව නම්.
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..