Buscar

ආදරයත් අරගෙන එන්න..




අඳුර පිරුණු මගෙ ජීවන ගමනට
පහන් ටැඹක් වී නුඹ ඉන්න
ඉඩෝරයක් වී දැවෙනා දිවියට
දිය බිඳුවක සිසිලස දෙන්න
මගක් නොදැන යන මේ දිවි ගමනේ
පාර කියන තරුවක් වෙන්න
ආදරයක් හිමි නැති හිත ගාවට
ආදරයත් අරගෙන එන්න...

අසම්මත ප්‍රේමය 2 නොහොත් ඔහුගේ පාපොච්චාරණය



නිවස ඉදිරිපිට මෝටර් බයිසිකලය නතර කරනවාත් සමගම මා දුටුවේ උළුවස්සට පිට දී මා දෙස බලා සිටින ඇගේ රුවයි. ඇය නිවසට පැමිණ සිටින අවස්ථා වලදී මා නිවසට පැමිණෙන හා පිට වී යන බොහෝ අවස්තාවල ඇගේ දර්ශණය මට ආගන්තුක නොවේ. එවන් අවස්ථාවක මා නෙත් ඇය දෙසට ඇදී යන්නේ මන්දැයි මා නොදනිමි. නිතැතින්ම ඇය ඉතා කෙළිලොල් දඟකාර බවකට උරුමකම් කීවාය. වයසටත් වඩා ළාබාල පෙනුමකින් යුතු ඈ මට වඩා වයසින් වැඩිමල් යැයි දකිනා අයෙකු නොපිළිගනු නොඅනුමානය. තරුණියක වුවද ඇය නිතැතින්ම නව යොවුන් දැරියකගේ දඟකාර බව කියා පෑවාය. රූමත් යැයි කිව නොහැකි වුවත් ඇය දෙස බලා සිටින අයෙකුගේ සිත ඇය වෙත ඇදී යන්නේ නිරායාසයෙනි. සුරතල් ලෙස කතාබහ කරන ඈ සරල ලෙස ජීවිතය විඳින්නියක් යැයි මට සිතේ.


එක් කාලයක අප අතර පැවති සම්බන්ධය අසම්මත යැයි වාදයකින් තොරව පිළිගත යුතු වීමට හේතු කිහිපයකි. ඒ සියල්ල ඇය මෙන්ම මා ද දනී. එවකටත් හුරුබුහුටි යොවුන් දැරියකව සිටි ඇය දඟකාර ලෙසින් මා හා කතා කරමින් විහිළු කළ ආකාරය තවමත් මට මැවී පෙනේ. වරෙක දෑත් අල්ලාගෙන රණ්ඩු කරමින් සිටියදී මා ඇය දෙස බැලුවේ මන්දැයි මට සිතාගත නොහැක. එවිට ඇයද මා දෙස බලා සිටියාය. ඉන් පසු අපි දෑත් අල්ලාගෙන කොපමණ වේලාවක් සිටියාදැයි මතක නැත. ඉන් පසුත් කිහිප වරක්ම වැඩිහිටියන් අසල නොමැති විටකදී ඇගේ දෑත් අල්ලාගෙන දෑස් දෙස බලන්නට මා හුරු වූයේ කෙසේ දැයි වටහා ගත නොහැක.


ඉන් පසු වරක් දෙවරක් දුරකතනයෙන් මා ඇයට කතා කළත් වැඩිහිටියන් දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමත් සමඟ තව දුරටත් දිගින් දිගටම ඇය හා කතා කිරීම නුසුදුසු යැයි හැඟුණු බැවින් දෝ සියල්ල කාලයේ වැලි තලාවෙන් යට කර දැමීමට සිදුවිය. ඉන් පසුව ඇය හමු වුවද ඇය හා කතා කිරීමට මා නොපෙළඹුනේ ඇයද මා හා කතා කිරීමට උත්සාහ නොකළ නිසාවෙන්ද නැතහොත් සිදුවූ සියල්ල පිළිබඳව මා ලැජ්ජාවට පත්ව සිටි නිසාවෙන්ද යන්න අදටත් පැහැදිලි කරගත නොහැක. නමුත් දඟකාර ලෙස සිනාසෙන කතා කරන ඇයගේ හඬ ඇසෙත්දී විටෙක මගේ සිතේ පාලනය නැතිවී යන්නාක් මෙන් මට හැඟේ. 


සියල්ල සිදුවී වසර ගණනක් ගෙවී ගොස් ඇති බැවින් හා වයසින් මුහුකුරා ගිය තරුණියක වන බැවින් ඇය මේ සියල්ල අමතක කර ඇතුවා විය හැකිය. නමුදු මා දෙස බලන ඇගේ දඟකාර දෑසින් කියවෙන්නේ අමතක කළ නොහැකි මතකයක් ඇගේ සිත තුල ඉතිරිව ඇති බැව් විය නොහැකිද?? විටෙක දඟකාර ලෙස මා ඉදිරියෙන් ඇවිද යන ඇයගේ කොණ්ඩයෙන්  අදින මා වෙත කිසිවෙකුට නොපෙණෙන ලෙස ඈ ප්‍රතිචාර දක්වන්නේ වැලමිටෙන් ගසාගෙන යාමකිනි. නැතහොත් ආදරණීය ලෙස මා අමතන ඈ කුමක් හෝ විහිළුවක් කරයි. ඒ සෑමවිටම මගේ ඇස් ඇගේ දෑස වෙත දිව යයි.


ජීවිතයේ මුල්ම වරට ඈ මගේ දුරකතනයට ඇමතුවේ සොයුරියක ලෙසින් ඉතා වැදගත් යමක් මට පැහැදිලි කර දීමටයි. නමුදු ඉතා දඟකාර හා කෙළිලොල් ලෙස වචන හසුරවමින් ඇය මා හා කතා කළේ හුරු පුරුදු තැනැත්තියක මෙනි. එහිදී මීට පෙරත් මා ඇය හා කතා කර ඇති බව ඇය මට මතක් කර දුන්නේ තවමත් නොමළ මිනිසුන් වූ අපට සියල්ල අමතක කළ නොහැකි බැවු පසක් කර දෙමින් විය යුතුය. ගිරවියක මෙන් කතා කරන ඇය දුරකතනයෙන් වුවද මුදල් ගැන නොතකා මා හා කතා කළාය. එසේ වුවත් ඇය දුරකතනයෙන් කතා කරමින් සිටිනු මා දුටුවේ එක් වරක් පමණි. සමහර විට ඇයට පෙම්වතෙකු නැතිවා විය හැකිය. නමුත් පෙම්වතෙකු නොසිටිනවා යයි පිළිගත නොහැක්කේ ඇයගේ වත්මන් සමාජ තත්වය අනුවය. 


කෙසේ නමුත් මා මෙන්ම ඇයද වරදකාරියක් නොවේ. ආදරයක් ඇතිවීම කෙරෙහි බලපාන්නේ සිත් දෙකක් මිස අන් කිසිවක් නොවේ. සැමවිටම ඇගේ නෙත් දෙසට ඇදී යන මගේ නෙත්ද එවන් විටක මගේ දෑස් දෙසට එක එල්ලේ යොමු වුන ඇගේ දෑස්ද කියා පාන්නේ මෙම පොදු මානව ධර්මතාවය විය යුතුය.

අසම්මත ප්‍රේමය නොහොත් ඇගේ පාපොච්චාරණය

අසම්මත ප්‍රේමය නොහොත් ඇගේ පාපොච්චාරණය


(මෙම සිදුවීම සමාජයේ පවතින්නක් වුවද මනඃකල්පිතයක් පමණක් බව සලකන්න. මා දන්නා අයෙකුගේ ජීවිත කතාවක් ඇසුරින් ලියන ලද්දකි.)
ඔහු දකින හැම මොහොතකම දිඟු අතීතයකට මා සිත ඉගිල යන්නේ නිරායාසයෙනි. ඒ ඔහු මෙන්ම මාද පාසල් යන අවදියයි. වයසින් මට වඩා වසර කිහිපයක් බාල වූ ඔහු මගේ ඥාතියෙකුද විය. වයසින් අවුරුදු 14ක් පමණ වුවද වයසට සරිලන ලෙස හෝ ඊටත් වඩා කඩවසම් වූ ඔහු ඕනෑම ගැහැණු ළමයෙකුගේ සිත දිනා ගැනීමට තරම් වූ රූපයකට හිමිකම් කීවේය. එසේම එක එල්ලේ බලාසිටීමට නොහැකි තරම් වූ කාන්තිමත් දෑසක් ඇති ඔහු වෙත සිත නොයන කෙල්ලෙකු ඇත්නම් එය පුදුමයකි. ගින්දරත් පුළුනුත් ළං නොකරන්නැයි යන පැරණි කියමන සපථ කරමින් එක් කාළයක අප ලං වූ හැටි අද මෙන් මතකයේ ඇත. විහිළුවකින් දෑත් පටළවාගෙන සිටි අප ඉන් අනතුරුව ඕනෑකමින්ම දෑත් අල්ලාගෙන සිටියේ දෑත් වෙන් කරන්නට ලෝබකමකින් මෙනැයි මට දැන් සිතේ. ඔහුගේ වමතට සිරවූ මගේ දකුණත ගලවාගැනීමට මා නොපෙළඹුනේ ඔහුගේ දෑතේ පහසට වශීකෘතව සිටි නිසාවෙනැයි මට සිතේ. මගේ ජීවිතයේ පළමුවරට මාගේ දෑත අල්ලාගෙන සිටි එකම කෙනා ඔහුවීමත් පැය ගණනාවක් තිස්සේ දෑත් පටලවාගෙන සිටීමත් නිසාවෙන්දෝ අදටත් ඒ අත්දැකීම මට අමතක කරගත නොහැකිව තිබේ.


වසර ගණනක් ගෙවී ගියද මට ඒ සියල්ල මතක ඇතිවාක් මෙන්ම ඔහුටත් යම් විටක ඒ සියල්ල අමතක නොවී ඇතැයි සිතිය හැකිව ඇතිමුත් වගකීම් දරන වයසක සිටින නිසාත් ළමාවිය පසුකර ඇති නිසාත් පිරිමියෙකු වශයෙන් බොළද විය නොහැකි නිසාත් ඔහු මේ සිදුවීම් සියල්ලම කාළයේ වැලි තලාවෙන් යටකර ඇතිවාට සැකයක් නැත. නමුත් අදටත් ඔහුගේ සිත උමතු කරවන බැල්ම සහිත දඟකාර දෑස මා දෙස බලන්නේ මතකය යම් අංශුමාත්‍රයක් හෝ රැඳී ඇති ආකාරයක් මා සිතේ මවමිනි. 


නිවසේ කිසිඳු වැඩක් පලක් මා අතින් ඉටු නොවුණද එදින මා පොල් ගාන්නට වූයේ කුමන හේතුවක් නිසාදැයි මට මතක නැති වුවද, මේසයට සවි කර තිබූ හිරමණයෙන් පොල් ගාත්දී මගේ දෑත් මත ඔහුගේ දෑත ද තැබූ ආකාරයත් ඉන් පසු මා දෙස බලා සිටි ඔහුගේ දෑසත් අපහසුවකින් තොරව මට සිතේ මවා ගත හැකිය. ඔහු මා නිවසින් පිටත්ව ගිය පසු සවස 5 පමණ වන තෙක්ම මා ඇඳටම වී සිටි අයුරුත් ඉන් පසු පළමු වරට ඔහු මා හට දුරකථනයෙන් කතා කල මොහොතත් සදාකල්හි අමතක නොවණු ඇත. අප අතර කිසියම් දිනක සොයුරු පෙමක් පැවතුනිද යන්න සැක සහිත වුවත් අප්‍රකාශිත පෙමක් එක මොහොතකදී හෝ පැවති බව නම් ස්ථිරය. 


මා දන්නා තරමින් ඔහුට පෙම් සබදතාවයක් තිබී ඇතිමුත් අදටත් එම සම්බන්ධය පවතීද යන්න මා නොදනී. එවැනි සම්බන්ධතාවයක් පැවතියද ඒ පිළිබඳව මා සිත් තුළ ඇත්තේ උදාසීන හැඟීමකි. කාළය ගලා යන්නේ වැසි කාළයේ ගංගාවකටත් වඩා වේගයෙන් යැයි සිතේ. ඒ කාලය කොතරම දිඟු වුවත් ඔහු හා මා එකිනෙක දුටු වාර ගණන මෙන්ම වචනයක් හෝ කතා කළ වාර ගණනද ගණන් කළ හැකිය. ඒ සෑම මොහොතකම ඔහුගේ දෑස් තුලින් දකිනා අනුරාගී බැල්ම තව තවත් මා පතන්නේ නොලැබෙන දේ පසුපස යන මානව ධර්මතාවයට අනුකූලවද එසේත් නැතිනම් මා වශී කරවන ඔහුගේ දඟකාර උමතු දෑස නිසාද යන්න තවමත් සැක සහිතය.

(ඇගේ පාපොච්චාරණය අවසන්..ජීවිතයේ මෙවන් සිදුවීම් ඔබ කොතෙකුත් අසා දැක අත්විඳ ඇතුවාට සැකයක් නැත. මේ ඒ ඔබ දන්නා කතාවමද??)

ප.ලි- දිනේෂ්ගෙ comment එක දැක්කාමයි මතක් උනේ. කියන්නම ඕන මේක මගේ අත්දැකීමක් නෙවෙයි. මේක බලලා අපේ අයියලා මහා සභා රැස්වීමක් කැඳවලා "නංගි මොකක්ද අර ලියලා තිබුණේ" කියලා අහන එකක් නෑ කියලා විශ්වාස කරනවා. 


මගේ කිරි අම්මාට නිවන් සුවම ලැබේවා!!


නිදාගන්න යන්න කියලා ඇඳට ගියා විතරයි තාත්තා call කරා. මගේ කිරි අම්මා මේ ලෝකෙන්ම ඈත් වෙලා ගිහින් . කිරි අම්මා කියන්නෙ මගේ තාත්තාගෙ අම්මා. මම හැදුනෙ කිරි අම්මා ලඟ නොවුනට, ඒ මගේ කිරි අම්මා. මට මතක් වෙන්නෙම ගමේ ගියාම මල්ලිලාටත් හොරෙන්, ඇලුවා හදන ගමන්ම මටත් කන්න කෑල්ලක් දෙන හැටි. පුංචිම කාලෙ කිරි අම්ම ගැන තියන මතකය ගොඩාක් කෙටි උනත් university යන්න පටන් ගත්තට පස්සෙ ගොඩක් වෙලාවට ගමේ යන නිසා මේ කාලෙදි කිරි අම්මා ගැන තියන මතකය වැඩියි.. අපිටම කියලා බත් උයාගෙන කිරි අම්මා බලන් ඉන්නවා අපි එනකම්. අපි කියන්නෙ තාත්තයි මායි. ඒත් ගොඩක් වෙලාවට තාත්තයි මායි ලොකු අප්පච්චිලාගෙ ගෙදරින් හරි, පොඩි නැන්දලාගෙ ගෙදරින් හරි කාලා තමයි එන්නෙ. අපි වෙනුවෙන් බත්  උයාගෙන බලන් ඉන්න කිරි අම්මා ගැන මට දැන් නම් දැනෙන්නෙ ලොකු දුකක්.


කිරි අම්මා නැති වෙලත් blog post ලියනවා කියලා හිතනවා ඇති දැන්. blog එකට අලුත්ම template එකක් දාලා ඒකෙ ලස්සන බලලා හෙට කතාවෙ ඉතුරු ටික ලියන්නම් කියලා හිතාගෙන ඇඳට ගියේ. අම්මයි තාත්තයි දෙන්නම කොළඹ ගිහින් නිසා ගෙදර හිටියේ ලොකු අම්මාකෙනෙකුයි නංගියි මායි. කිරි අම්මා hospital එකේ හිටියෙ මෙච්චර දවස්. අපි තුන් දෙනාට රෑ මැද බස් එකක යන්න බැරි නිසා තාත්තා උදේම එන්න කිව්වා. එතකම් මම මේක ලිවුවේ. එතකම් නිදාගන්න හිතක් නෑ.. හෙට උදේම කොළඹ යනවා. එතකොට කිරි අම්මා එක්කම ගමේ යන්න පුලුවන්.


සමහර යුතුකම් ඉෂ්ඨ කරන්න බැරි උනාම ගොඩාක් හිතට දැනෙනවා. ඒ වගේ දැනුත් මගේ හිතට දැනෙන්නෙ. මගේ කිරි අම්මාට නිවන් සුවම ලැබේවා!!

සරුංගලය- 01

මාත් කතාවක් ලියන්න පටන් ගත්තා. ආදරය ගැන කියවෙන පුංචි කතාවක්. කතාවක් ලියන්න කියලා පටන් ගත්තෙ මේකෙන්ම තමයි. වැරදි අඩු පාඩු පෙන්නලා දෙන ගමන් මේ කතාව ගැනත් මොනවම හරි කියලා යන්න. මට ගොඩක්ම පුරුදු "මම" "ඔයා" භාෂාව නිසා කතාව ලියන්නෙත් ඒ විදිහටම තමයි. ජීවිතෙත් හරියට සරුංගලයක් වගේ. ලස්සනට තිබුනට ස්ථිර නෑ. අවසානයක් කියන්න බැරි වෙයි. මේක අවසානයකට වඩා ආරම්භයක් වෙන නිසා.
__________________________________________________________


ප්‍රභා මම යන්නම් එහෙනම්. බුදුසරණයි..
හ්ම්ම්... බුදුසරණයි කියන්නෙ නෑ..
ඇයි?
ඔහොම කරත්දි බුදුසරණ ලැබෙන්නෙ නෑ.
ඒ කියන්නෙ මට හොඳක් වෙන්න එපා කියලද?
නෑ.. එහෙම කියන්නෙ නෑ. හරි හරි බුදුසරණයි.


තාමත් මතක් වෙන්නෙ ඒ වචන ටික. කොටුවට යන්න බස් එකට නගිත්දිමයි ඔයා කොටුවට ආව කියලා msg එක ආවෙ. එතකොටත් ගොඩක් පරක්කුයි. බැණ බැණ ඇති.
4 කණුව, පෑළියගොඩ, කොටුව...
කොන්දොස්තරගෙ කෑගැහිල්ලත් පරද්දගෙන හිතේ දෝංකාර දෙන්නෙම ප්‍රභා කියපු වචන ටික. එයාටත් බොරුවක් කියලා ආවෙ.යාලුවෙක් meet වෙන්න යනවා කියලා. ඒ බොරුවටත් මෙහෙම නම් ඇත්ත කිව්වනම් මොනවා කියාවිද? ආදරය ගැන තාම තේරුමක් නෑ එයාට. ඉගන ගන්නවා ඇරෙන්න වෙන දේකට හිත යොමු කරන්න එයාට හිතක් නෑ. ඔහොම හිත හිත කොටුවට එත්දි 12 විතර වෙලා. කිසි කතාවක් නැතුව ඔයායි මායි බස් එකට නැග්ගෙ. තරහ ගිහින්ද කොහෙද, පවු කාලත් නෑනේ. මහන්සි ඇති හිටගෙන ඉඳලා.


පන්සලට ආවත් මගේ හිතේ තිබුනෙම ප්‍රභා කියපු කතාව. ඒ නිසාම බුදුන් වැඳලා එන්න කියත්දි මම ඕනෙ නෑ කිව්වා. මොනවා හිතුවද කියලා කල්පනා උනේ ගෙදරත් ආවම. පන්සලට ඇවිල්ලත් ඕනම දේ ඇරෙන්න අනිත් හැමදේ ගැනම කතා කරා. දවස් ගානක් තිස්සෙ බලාගෙන හිටියෙ ඔයා එනකම් නේ. දැන් ඒකත් හරි.  මම චෛත්‍ය දිහා බලාගෙන හිතේ පිරුණු හිස් බවට උත්තර හෙවුවා. හිනා වෙවී කතා කරාට හිත පුරාම පිරිලා තිබුනෙ අවිනිශ්චිත බවක් විතරයි.


"අපි සරුංගලයක් ඇරියා. ඒකයි msg කරන්න බැරි උනේ. දැන් ගෙදර ආවා විතරයි. ටිකක් නිදාගන්නවා. හවසට කතා කරන්නම්."
ඔයා ගොඩක් වෙනස් වෙලා. වෙනදට හැම වෙලාවෙම මොනවා හරි දෙයක් කියන ඉඩක් ලැබුනු හැම වෙලාවකම කතාකරන ඔයා දැන් හිතාමතාම වෙනස් වෙන්න හදනවා.
"ඔයාට සරුංගලයක් තරම්වත් මාව වටින්නෙ නැද්ද?" 
හිතේ තිබුණ ලොකුම ප්‍රශ්ණෙ එහෙමම ඇහුවෙ හිතේ තිබුණ දේ අහන්න වෙන විදිහක් හිතාගන්න බැරි උන නිසා.


මොනවා කරන්නද.. දැන් නම් ඔයාට නින්ද යන්න ඇති.


එදා හවසම මම ගෙදර එන්න හිතාගෙන හිටියෙ දවස් තුනක්ම නිවාඩු නිසා. බස් එකේදි දිගටම අපි msg කරේ හැමදාම හීනයක් උන අපේ(?) අනාගතය ගැන. එහෙම මවන්න පෙරුම් පුරපු අනාගතේ මේවගේ වෙයි කියලා හීනෙකින් වත් හිතුවෙ නෑ මම නම්.


"මට බෑ ඔයාට ආදරේ කරන්න. තේරුම් ගන්න අමා.. මම කියන්නෙ මොකක්ද කියලා ඔයාට තේරෙනවා ඇති නේ?"
"හ්ම්ම්ම්..ඒත්... එතකොට ඔයා මෙච්චර කාලයක් කරේ බොරුද? අපි කතා කරපුවා? ඒ ඔක්කොම බොරුද? ඒවා විහිලුද?"
"හ්ම්ම්... මගෙන් අහන්න එපා තවත්.."
"එහෙම කරන්න එපා.. මට ඔයාව ඕනේ. ඔයා මෙච්චර කාලයක් කරේ විහිලුවක් කියලා මට දැනුනෙ නෑ. හැමදාටම එහෙම කරත් මට දැනෙන එකකුත් නෑ. මට ඔයත් එක්ක ඉන්න දෙන්න."


කිසිම දවසක මට ආදරේ කරන්න බෑ කියත්දි මගේ හිතේ ඇති උනේ මොන වගේ හැඟීමක්ද කියලා තේරුම් ගන්න මටවත් බෑ. ඔයා මගේ ලඟ මවපු හීන ලෝකෙ ජීවත් වෙන්න මම කොච්චර ආස කරාද?


"ඉතින් දැන් කියන්නකො ඔයා මගේ නේද?"
"හ්ම්ම්ම්..."
"මට ආදරෙයිද?"
"ඔවු.. ආදරෙයි ගොඩාරියක්."
"ඔයා?"
"හ්ම්ම්.."
"හ්ම්ම් කියන්නෙ?"
"ආදරෙයි., මම එහෙනම් නිදාගන්නද?"
"හ්ම්ම්ම්.."
"තරහද??"
"නෑ..."


ගොඩාක් ආදරෙන් කතා කරලා මගෙන් තරහද කියලා අහනවට මම ගොඩක් ආස කරා. තාවකාලිකව හරි ඔයා ලඟ මට ලැබුණ ආදරේ හරිම පුදුමාකාරයි.


"පුතේ... මම බත් කවන්නද?"අම්මගේ කටහඬට මම පොඩ්ඩක් හැරිලා බැලුවා. හවස 4ත් පහුවෙලා. තාම දවල්ට කෑවෙත් නෑ. උණ හැදිලා කියලා ගෙදර නැවතුනාට උණටත් වඩා තියෙන්නෙ හිතේ අමාරුව කියලා මම කොහොමද අම්මට කියන්නෙ. ඔයා නැගිටලා call එකක් ගන්නකම් ගින්දරක් හිත ඇතුලෙ පත්තු කරගෙන බිම දමාගත්ත පැදුරෙ හාන්සි වෙලා ඉඳන්ම අම්මා හදලා කවන බත් ගුලි දෙක තුනක් උගුරෙන් පහලට යවා ගත්තා.


*********************************************************************************
අමාගෙ කතාවෙ ඉතුරු ටිකත් අරන් ආයිත් එනකම් බුදුසරණයි!

84000ට නැගීම හෙවත් phone එකෙන් එන ලෙඩ.


blog එකට අලුතින් මොනව හරි ලියන්න ඕන කියල හිතුනෙ දවස් දෙකකට විතර කලින්. ඒ උනාට ඒකත් බැරි උනානේ. ලියන්න හිතාගෙන ඉන්න එක හරි යන්නෙ නෑ කියල හිතෙන විදිහට මොකක් හරි වෙනවා. ඔහොම ඉත්දි මගේ අතිජාත මිත්‍රයා කියපු කතාවකට මට තවත් upset . ඒ කතාව නම් කියන්නෙ fb එකට කවි ලියන කාලෙ ඉඳන්ම. මම ලියන ඒවා ඔක්කොම boot ලු. :( ඉතින් කොහෙද.. මාත් ඉතින් බැලුවා blog එක පැත්ත. ඇත්තනේ.. හැබැයි ඉතින් මගේ අත්දැකීම් නම් ලිව්වෙ දෙකක් විතරයි.

ඔහොම ඉත්දි මුකුත් නොලිව්වට මොකද මේ හංසිත් නිකම් ඉන්නෙ නෑනේ. එක එක blog හොයාගෙන යනවා දවස පුරාවටම. ඔහොම ගිහින් අද මම කියෙවුවා අසහනකාරයෝ ගැන ලියවුනු post වගයක්. ඒ ටික කියවලා විනඩි 5ක් යන්න උනේ නෑ මගේ phone එකත් ring වෙනවා. වෙනදට no එක දන්නෙ නැත්නම් answer කරන්නෙත් නැති මම අද එක පාරටම call එක answer කරානේ. හේතුව නම් හරි අහින්සක හේතුවක්. මගේ යාලුවෙක් call කරාවි කියලා මම හිතුවෙ අද නිවාඩු දවස නිසා. මාත් ඉතින් කවුද කියලා ඇහුවා. හරියට ඇහෙන්නෙත් නෑ කැලේක ඉඳන් call කරනවද කොහෙද. නමක් කිව්වා. අහලවත් නෑ. එතකොට තමයි හිතුනේ යාලුවා නම් නෙවෙයි කියලා. මටත් තරහයි 84000ටම නැගලා. මම ඇහුවා කවුද no එක දුන්නේ කියලා. ඒකෙන් වැඩක් නැතිලු. මට වැඩක් නැත්නම් කාටද දන්නෙ නෑ වැඩක් තියෙන්නෙ. පුදුමෙ කියන්නෙ දීලා තියෙන්නෙත් මම දන්නම කෙනෙක් වෙන්න ඕන. මොකද මගේ no එක තියන අය ඇඟිළි වලින් ගණන් කරන්න පුලුවන් නිසා. බලමුකො දුන්නෙ කවුද කියලා  කවදා හරි දැන ගත්තොත් යාලුකමත් ඉවරයි ඔන්න.

ආහ් කිය කියා හිටපු එකත් අමතක උනා. මාත් ඉතින් ටිකක් විතර සැරෙන් කතා කරල cut කරලා දැම්ම. phone මේසෙ උඩින් එක තිබ්බා විතරයි ආයිත් ring වෙනවා. පිස්සෙක්. ටිකක් ring වෙන්න ඇරලා මාත් answer කරා. මෝඩි වගෙ. හැබැයි පොඩි idea එකකුත් ඔලුවෙ තියාගෙන. call කරපු කෙනාට අපි චමින්ද කියමුකො. මට මතක හැටියට කිව්වෙ ඒ වගේ නමක්.

මම- හෙලෝ.. ඇයි call කරේ?
චමින්ද- ඔයා එක්ක කතා කරන්න.
මම- මාව දන්නවද?
(කතාවක් නෑ)
      මේ මට වැඩ තියනවා. ඔයාලට වැඩ නැත්නම් මොනව හරි කරන්න. මේ no එකට ආයිත් කතා කරන්න එපා.

ඔන්න ඔහොම කියලා මාත් cut කරලා දැම්මා. මම දන්නෝනෙ පිස්සොන්ගෙ හැටි. හිතුවා වගේම ආයිත් call කරනවා. නොදන්න අයත් එක්ක කතා කර කර සල්ලි නාස්ති කරන්න හොර සල්ලි අච්චු ගහන කෙනෙක්ද මන්දා.. මටත් තරහයි. හැබැයි හිතපු විදිහටම වැඩ කරන්න වෙලාව හරි. නොදන්න no වලින් calls ආවම answer කරන්න එපා කියලනේ කියන්නෙ. ඒකට හේතුව කෙල්ලෙක් කියලා දැනගත්තම ආයිත් call කරනවමලු. එහෙම කිව්වෙත් කොල්ලෙක්ම තමයි. ඉතින් පිලිගන්න ඕනනේ. 

හොඳ එකක් කරන්නම් කියලා මාත් හිතාගෙන phone එක අරන් ගියා සාලෙට. මම ඉතින් TV එකත් එක්ක කිසි ගණු දෙණුවක් නෑනේ. අයියලා TV බලනවා. අද උත්පලවණ්ණා යනවනේ. මාත් ගිහින් ඇහුවා අයියේ පොඩි උදවුවක් කරන්න පුලුවන්ද කියලා. මම කිවුවා මේ call එකට answer කරලා කවුද කියලා අහන්න කියලා. අනේ පවු.. අයියා හෙලෝ කිව්වා විතරයි call එක cut කරලා. ආයිත් ගත්තෙත් නෑ.. ඔන්න ඕවටත් කියන්නෙ අසහනකාරයොන්ගෙ වැඩ කියලා.


මෙහෙම දේවල් මේ blog වල ඇවිදින පැංචියොන්ටත් වෙනවා ඇතිනේ.. ලියන පැංචොත් මෙහෙම වැඩ කරනවා ඇතිනේ.. ඒක නිසයි ඉතින් ලිවුවෙ..

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා... රැවු පිළිරැවුදී අසෙන නුඹේ හඬ යලි මගෙ සවනත් වැකෙන තුරා...


මේ දවස් ටිකේම මම එච්චර සතුටින් නෙවෙයි ඉන්නෙ කියලා මගේ යාලුවො ටික දන්නවනේ. එච්චර කිව්වට ඉතින් කොහොමටවත් සතුටක් නෑ. හේතුව දන්න අයත් ඉන්නවා. නොදන්න අයත් ඉන්නවා. හැබයි හොඳටම දන්න කෙනා නෑ. ගොඩක් දෙනෙක් අහනවා කවියක් වත් ලිව්වෙ නෑනේ කියලා. ගොඩක් කාලෙකට පස්සෙ ඊයෙ රෑ මම fb ගියනේ. ඒ වෙලාවෙ තමයි එහෙම කිව්වෙ. මම නම් කිව්වෙ කලින් ලියපු කතාව ගැන නම් ඕන තරම් ලියන්න පුලුවන් කියලා. තරහ ගන්න එපා මේකත් ඒ කතාවෙම කොටසක් තමයි.


ලියන්න දෙයක් වත් හිතාගන්න බෑ. මට අලුතින් phone එකක් ලැබුනා. නංගිටයි මටයි දෙන්නටම. ඒත් තාම නිකමටවත් ඒක බලන්නවත් හිතුනෙ නෑ. නංගිගෙන් තමයි බේරෙන්නම බැරි. එයා අහන්නෙ සිම් 1 දාලා දෙන්නද කියලා. අලුත් phone එක පේනකොට ඉරිසියාව. ඇයි ඉතින් එයාගෙ phone එක වැඩට අරගෙන නේ. ගොඩක් කාලෙක ඉඳන් උදේට alarm 1ක් වැදුනා. ඒක මාත් එක්ක තරහා වෙලාද කොහෙද ඒකත් නැවතුනා. හැබැයි ඉතින් alarm එක නම් කිව්වෙ කොහොමත් 8 පහුවෙනකම් නිදාගන්න alarm ඕනෙ නෑ කියලා. :(


ඔයා ඉතින් කියන්නෙ මම මෝඩි කියලානේ. ඒක මගේ නමලු. ඔයාගෙ නම මම කියන්නෙ නෑ ඉතින් පවු නේ. එහෙම කිව්වමයි මතක් වෙන්නෙ මට ඔයා sunny කියලනේ කිව්වෙ. පස්සෙ ඒක වෙනස් උනා හැමෝම හංසි කියන නිසා ඒකට හුරු උනාලු. කොහොම උනත් මම හැමදාටම ඔයාගෙ BU . ඔයා කිව්වෙ BU මරන්න බෑ කියලා. එතකොට ඔයාට රණ්ඩු වෙන්න කෙනෙක් නැති වෙනවලු. බැනුම් ඇහුවෙ නැත්නම් හරියට නින්ද යන්නෙත් නෑ කියලනේ කියන්නෙ. ඒත් ඒ විහිලුවට විතරයි. ඇත්තට බැනුම් අහන්න අපි කවුරුත් කැමති නැනේ. මාත් නපුරු වේගන එනවා කිව්වා. ඒකට තමයි මට ගොඩක් දුක. ඔයාගෙ අන්තඃපුරේ කොහොමද?  wife ලා තුන් දෙනා නම් තාමත් ඉන්නවා. ;) ඒ විහිළු නම් ජීවිතේට අමතක වෙන එකක් නෑ.


දවසක් ඔයා ඇහුවා ඔයා මැරුනොත් මම එනවද කියලා. XXට කිව්වොත් නිවාඩු නෑ කියාවිලු. XXXට කිව්වොත් තනියම එන්න දෙන එකක් නෑ කියාවිලු. ඒත් මම මොනවා කියයිද කියලා ඔයාට හිතාගන්න බැරිලු. එදා නම් ඔයා මගෙන් හොඳටම බැනුම් ඇහුවා. හැබැයි ඔයා මට නම් කිව්වෙ මගේ මළ ගෙදරට පෝටෙලෝ ගෙනැත් තියන්න කියලා. එදා මම තරහ වෙලා හිටියට අද නම් මතක් කරත්දිත් හිනහයි.


මගේ කන් ඇහෙන්නෙ නෑ කියලා හැමදාම මම බැනුම් අහනවනේ. එකම දේ තුන් හතර වතාවක් කියන්න ඕන. කන් ඇහෙන්නෙත් නෑලු. ඇස් පේන්නෙත් නෑලු. ලෝකෙ හොඳටම match වෙන couple එක මතකද? එදා අපි කොච්චර හිනා උනාද. "දීපං බං.. බෑ බං" මතකයිද? බං වෙනුවට එක එක විදිහෙ වචන දාලා කිය කිය අපි කොච්චර හිනා උනාද? ඒ වෙලාවෙ නම් ඔයා යයි කියලා නිකමට වත් හිතුනෙ නෑ. ඒ නිසමයි මම ඇහුවෙ යන්නෙ නෑ නේද කියලා. ඒකට කියපු බොරුව නම් නියමයි.


අනිත් අයට ඔයා යනවා කියල msg කරලා මට විතරක් මුකුත්ම කිව්වෙ නෑ. ඒත් මට දැනුනා මොකක් හරි දෙයක් වෙයි කියලා. අදත් මම තේ හදන් එන්නද ඇහුවම ඔයා කිව්වා හැබැයි අද විතරයි කියලා. ඒ ඇයි කියලා ඇහුවම ඔයා කිව්වෙ හැමදාම මට තේ හදන්න කියන්නත් බෑ. ඊටත් කසාය බොන්න තරම් ලෙඩකුත් නෑ කියලා ඔයා හිනා උනා. ඒකට නම් මටත් හිනා ගියා. තවත් සැක හිතෙන කතාවක් කිව්වා. ඒ වෙලාවෙමයි ඔයා කිව්වෙ xxට msg කරා කියලා. එයා ඔයාව remove කරල කියලත් කිව්වා. :( එහෙම කතා වෙත්දියි මට XXX කිව්වෙ නොකියා ඉන්න බෑ ඒත් කියලත් බෑ කියන්න දෙයක් තියනවා කියලා. ඊට පස්සෙ එයා කිව්වා ඔයා යනවා කිව්වා පුලුවන් දෙයක් කරන්න කියලා. එතකොටයි මට මතක් උනේ ඔයා msg 1ක් යැවුවා කියපු එක, ඉතින් මම xxට කරලා කිව්වා මට ඉක්මනටම ඔයා එවපු msg එක එවන්න කියලා. එතකොටත් ඔයා යන්න ලෑස්තියි. මට ඇඬෙන්න වගේ. මම කිව්වා මට ඕනම දෙයක් කියන්න කියලා. ඔයා කිව්වා පස්සෙ call කරන්න කියලා. ඔයා ගියාට පස්සෙයි මට msg එක ආවෙ. ඒක බලපු ගමන් මම ඔයාට call කරා. මට කතාකරගන්නත් බෑ. ඊට පස්සෙ ඔයාට මම කිව්වා මම හොඳටම බය උනා දෙයක් දැකලා ආයිත් call කරන්නම් කියලා. ඒ වෙලාවෙ XXX මාත් එක්ක කතා කර කර හිටියෙ. එයා හැමදේම මට කිව්වා. ඔයා මට කියන්න එපා කියලයි කියලා තිබුනේ. නැත්නම් මම යන්න දෙන්නෙ නෑ කිවුවාලු.


ඇත්තටම ඔයා අපිව දාලා යන්න හදද්දි හිනාවෙලා හා කියන්න මට බෑ. මම call කරාමත් ඔයා කිසිම දෙයක් නොදැනෙන්න කතා කරපු හැටි පුදුමයි. දැන්නේ දන්නෙ මේ පන්ඩිතයට හොඳට රඟපාන්නත් පුලුවන් කියලා. හැබැයි කොච්චර කරත් මගේ හිත කිව්වා උදේ වෙත්දි මොනවා හරි වෙයි කියලා. ඔයා රෑ 3 විතර වෙත්දිත් නැගිටලා. සමහර විට ඔයාට නින්ද යන්න නැතුව ඇති. ඔයාගෙන් msg 2 එත්දි මට ඇහැරුනේ හීනෙන් වගේ. ඔයා කියලා තිබුනෙ ඔයා xxටයි, xxxටයි කිව්වෙ ඇත්ත කියලා. එතකොට මට හිතාගන්න බැරි උනා. ඒත් msg එක ඔක්කොම කියවන්න ඕන උනා. දෙකම කියවලා ඉවර වෙලා බලත්දි මට කිසිම දෙයක් කියන්න ඉඩක් තියලා තිබුනෙ නෑ. අපි සතුටින් ඉන්නවා බලන්න ඔයාට ඕනෙලු. තව ගොඩක් දේවල් කියලා තිබුනා.


ඔයාගෙ හොඳම යාලුවා මම කියලා ඔයා කිව්වලු. ඒත් ඔයා මට කිව්වෙ නම් නෑ. මගේ නම් හොඳම යාලුවා ඔයා. ඔයා හැබැයි මට කිව්වෙ මට ඕන තරම් හොඳම යාලුවො ඉන්නව කියලා. ඒත් මම හොඳටම දන්නවා හිතට එකඟව නෙවෙයි ඔයා ඒක කියන්න ඇත්තෙ. ඔයාගෙ හිත හදාගන්න. මම ඔයාගෙ හොඳම යාලුවෙක් උන එකයි වරද. නැත්නම් ඔයා අදටත් අපිත් එක්ක ඉන්නවා. ඔහොම කැප කිරීමක් කරේ ඒ නිසානේ. මම පොරොන්දු කඩ කරන්නෙ නෑ කියලා ඔයා දන්නවලු. කමක් නෑ ගිහින් එන්න. alarm එකක් නැති නිසා නැගිටින්න හිතෙන්නෙත් නෑ හැබැයි. එහෙමයි කියලා නැගිටින්නෙ නැතුව ඉන්නත් බෑනෙ ඒක පොරොන්දුවක්..
වරදක් උනා නම් දහස් වාරයක් සමාවෙන්න. 
කෙටි කාලයකින් හමුවී, මගෙ ජීවිතයට පැමිණී ලස්සනම සිහිනෙකී ඔයා... 

යනවනම් කියලා යන්න යාලුවා. ඔහොම එක පාරට අතුරුදහන් වෙන්න හොඳ නෑ..



අද මම ආවෙ කතාවක් කියන්න. ඒ ඔයාගෙ කතාව. ඔයා ගිහින්. අපි හැමෝම එපා කියලා ගිහින්. ඔයා අඬ අඬලු ගියේ. ඔයාට ගොඩක් දුකයිලු. ඔයා මට msg එක එව්වෙත් අඬ අඬලු. ඔයාමයි කිව්වෙ. මම ඔයාට කොච්චර කිව්වද යන්න එපා කියලා. අපි හැමෝම කිව්වා. අපි හිටියෙ එකම පවුලක් වගේ. රන්ඩු වෙනවා තරහ වෙනවා යාලු වෙනවා. ඔයා මට බැන්නම මම කිව්වෙ අනිත් යාලුවො දෙන්නට. එයාල ඔයාට call කරලා කියනවා බනින්න එපා රන්ඩු වෙන්න එපා කියලා. මාත් එහෙමයි. ඔයාලා තරහ උනාම යාලු කරනවා. ඔයා ගියේ අපිට තවත් ඔයාගෙන් සුලු වැරැද්දක්වත් වෙන්නෙ නෑ කියලා. අපි හිනා වෙනවා බලන්නලු. අපි අඬනවට ඔයා කැමති නැතිලු. ඉතින් ඇවිත් බලන්න අපි හිනා වෙනවද කියලා. ඔයා මට පොරොන්දු උනා යන්නෙම නෑ කියලා. ඒත් ඔයා ගිහින්. මට දැන් ඔයා එවපු හැම චැට් එකම නැති වෙලා. ඒත් skype  එකේ ඉඳලා හිටලා අපි cht කරපුවා ඉතුරු වෙලා තිබුනා. ඔයාට මුලින්ම ඔයගෙ උපන් දිනයට සුබ පතලයි තිබුනෙ මම. එතකොට ඔයා කියලා තිබුනෙ "මෙන්න මේකි ඇවිත්" කියලා. මම කේක් එකකුත් එවුවා එදා.


ආ... ඊට කලින් ඔයා මාත් එක්ක මුලින්ම cht කරපු දවසෙ මට බැනලනේ ගිහින් තිබුනෙ. මට සිංහල උගන්නන්නත් වෙලා කියලා. මම ඒක කොච්චර කල් මතක් කරාද? ඉස්සර මම ඔයා එක්ක තරහ වෙලාමයි ඉන්නෙ. ආවොත් මොනව හරි කියලනේ යන්නෙ. මට කිව්වෙ ඔයාට මුකුත් tag කරන්නත් එපා කියලනේ. ඒත් ඔයාමයි ඊට පස්සෙ කිව්වෙ ඕනම දෙයක් tag කරන්න කියලා. ඒත් ඔයා යන්න කලින් මම කිසි දෙයක් tag කරේ නෑ. කිසිම දේකට cmnt කරෙත් නෑ. ඒත් ඔයා එක්ක තරහින්. මතකද මගේ photo එකක් පෙන්නුවා ඔයාට? මල්ලි බබාත් එක්ක ඉන්න එකක්. මම ඔයාට කිව්වෙ මගේ බබා කියලා. ඔයා දන්නව ඒක විහිලුවක් කියලා. ඒත් ඒක ඇත්තට අරන් අපි මොන තරම් විහිලු කරාද? අන්තිමේදි ඔයාගෙ නම කියවිලා උන දේ මතකයි නේ?? එදා ඉඳන් අපි හොඳ යාලුවො උනා. ඊට පස්සෙ BMICH එකේ ඉඳන් ඔයාට call කරපු දවස මතකද? එදා ඉදන් මගේ හොඳම යාලුවා උනේ ඔයා. දවසක් යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් කතා කරන්න ගිහින් ඔයා කිව්වා අපි වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා. ඔයාට මං ඔයාගෙ සහෝදරියක් වගෙයි කිව්වා. ඕනෙම දෙයක් මාත් එක්ක කිව්වා. කවුරුවත් ඔයාට බනිනවට මම කැමති උනේ නෑ. ඔයාට ගොඩාක් තරහ යනවා. ඒත් ඒ හැම වෙලාවකදිම තරහක් හිතන්නෙ නැතුව ඔයාගෙ හිත හදන්නයි මට ඕනෙ උනේ. ඒ නිසාම අනිත් යාලුවො කිව්වෙ ඔයාට තේරුම් ගන්න ඉඩ අරින්න කියලා.


මේ හැමදේම මෙහෙම කිව්වට ඔයාට මගෙනුත් ලොකු වරදක් උනා. ඒක වරදක් නෙවෙයි. ඒත් දැන් බලත්දි වැරදියි තමයි. ඔයා දැනගෙන හිටියා මම කවදාවත් ඔයාට යන්න දෙන්නෙ නෑ කියලා. ඒක නිසා වෙන්න ඇති ඒ කිසිම දෙයක් නොදැනෙන්න ඔයා කතා කරේ. ඔයා යන්න විනාඩියක් වත් තියලා මට කිව්වානම් මම යන්න දෙන්නෙ නෑනේ. මතකද මම දැන් ගොඩාක් කාලෙකට කලින් මෙහෙම කිව්වා? ඒ පෙබරවාරි මාසෙ.
[2/5/2011 6:37:04 PM] hansani pathiraja: ok ok ehenam mage hitha riddanne nathuwa yanakota yanna plzzzzzz
ඒත් ඔයා ඒක ඇහුවෙ නෑනේ...
කමක් නෑ ඔයාටත් සාධාරන හේතු තියනවා. ඒත් ඒවට උත්තර දෙන්නෙ මෙහෙම නෙවෙයි.
මතකද ඔයාට මම මෙහෙම කිව්වා?
[2/5/2011 6:39:02 PM] hansani pathiraja: mata hithata fit wena aya monade karath mage hitha ridenawa..
[2/5/2011 6:39:09 PM] hansani pathiraja: monawa hari kiwwath...
[2/5/2011 6:39:28 PM] hansani pathiraja: mama kath ekkawath wihilu karanne na
[2/5/2011 6:40:33 PM] hansani pathiraja: fb 1n unath, katha karala unath, school unath campus unath hithata fit unoth yaluwo yaluwo mai...


මට යාලුවො හැමෝම එකයි.
[2/5/2011 6:51:00 PM] hansani pathiraja: mama yaluwekwa kawadawathma wadak na kiyana kenek newei.
මම කිව්වා වගේම මට මගේ හොඳම යාලුවයි ඕනෙ. ඔයාට දුකයි නම් ආයිමත් ඒවි කියල යාලුවෙක් කිව්වා. අපේ group එකේ හැමෝම කතා කරන්නෙ ඔයා ගැන. මතකයි නේ අපේ group එකේ නම වෙනස් උන හැටි? ඔයා තරහ වෙලා ගියාම මමත් ඒකෙන් ගියා. ඒ නමත් වෙනස් කරලා.


ආ... ඔයාට පහේ කාසි ගොඩාරියක් මම එකතු කරලා තියන්නම්. එතකොට සුදු පරවියො ආයිමත් බිත්තර දාවි. ඒ බිත්තර රැකලා පැටවු ආවොත් මට ගොඩක් සතුටු හිතෙයි. පරවියොත් ඔයා වගෙයි කිව්වෙ ඔයාමනේ..
තව එකක්.. ඔයා අන්තිමේදි මගේ නම වැරැද්දුවා හොඳේ.. ඔයා කියල තිබුනෙ හංසිනී කියලා. හැමදාම හංසි කියලා ඒකටම "නී" දැම්මනේ?? කමක් නෑ.. එහෙමත් ලස්සනයි.
එහෙනම් ගොඩාක් කාලෙකට කලින් කියපු දේකින් ඉවර කරන්නෙ..


[2/4/2011 11:28:31 AM] hansani pathiraja: yanawanam kiyala yanna yaluwa.
[2/4/2011 11:28:48 AM] hansani pathiraja: ohoma eka parata athuru dahan wenna hoda na


මේක නම් කිව්වෙ ඔයා... සසර පුරාවට අපි හමුවෙමු...
 

කියවන්න එකතුවෙන්න..