Buscar

අම්මාගේ කතාව...- "මට පුලුවන්ද බං එහෙම යන්න ඇරල බලං ඉන්න..."












හීනෙකින් වගේ මගේ හිත පාමුලට ඇවිත් අඬා වැටෙන්න පටන් ගත්තද බං?
උඹලට අපි කොහොමද කරේ?
උඹල අපිට කොහොමද කරේ?
ඔය අනක් ගුණක් නොදන්න එවුන් එක්ක යන්න හදනකොට 
මම කිව්වෙ නැද්ද උඹට
දැන් ආවද අපේ පාමුල වැඳ වැටෙන්න
මගේ දෑහැට නොපෙනි පලයන්...
අනේ යනවා නේද... පවු අහිංසකී


*********අම්මේ..... නගිට්ටානම්...**********
ආහ්! පොඩි දුවේ... ඒක හීනයක්ද බං??
අනේ ඇත්තට ඒකි ආවනම්...
මට පුලුවන්ද බං එහෙම යන්න ඇරල බලං ඉන්න...


හංසනී පතිරාජ

ස්වර්ගයට යන මාවතේ මල් පාවඩ අතුරන්නම් මා..



ආදරයේ මල් මාවත ඔස්සේ
ඔබ මා ගිය මග අද නිම වී ඇත
දෙවියන් වෙත යන පාර හොයාගෙන
පෙම්වත අද ඔබ මා හැර යනවද?

සිනහව ගිලිහුනු මගෙ මුව දැකලා
තැවෙන්නෙපා තව මං ගැන හිතලා
ආදරයේ මල් පාවඩ අතුරා
සකසන්නම් කුමරුනි මග සරසා...


ස්වර්ගයෙ දොරටුව නුඹට ඇරෙන දා
නෙතගින් ගිලිහුනු කඳුළැල් පිසදා
ආදරයේ මල් පාවඩ අකුලා
මම යන්නම් නිවනේ මග සොයලා...



සංකල්පනාව- හංසනී පතිරාජ
 

කියවන්න එකතුවෙන්න..