Buscar

අමාවකයි අද මල් පෙති හැඬුවා...



පිනි බිඳු තැවරුණ සුදුවන් මල් පෙති
සීතල හුළඟට හෙමිහිට සැලුණා

හිරිකඩ තැවරුණු පින්නක සීතල
මල් පෙති අද්දර ඔච්චම් කෙරුවා

සඳ එළි සැඟවුණ කළුවර අහසේ
තරු එළි රහසින් මල දෙස බැලුවා
මැදියම් සීතල දැනෙනා මොහොතේ
මුව සිප ගන්නට පහතට ඇදුණා

සඳ කැන් දහරේ සිසිල ලබන්නට
පෙරුම්පුරාගෙන බලාන හිටියා
ඉර නැග එන්නට මොහොතයි තව දැන්
අමාවකයි අද මල් පෙති හැඬුවා...


(මේ මම මාර්තු 19 මූණු පොතේ ලියපු කවියක්. නොදැකපු අයට බලන්නත් එක්කම ඔන්න බ්ලොග් එකට දැම්මා..)

7 comments:

සංකල්ප

ගොඩක් හොදයි මේ කවිය අපට බලන්නත් එක්ක බ්ලොග් එකට දම්ම එක නම්. මම් මේ කවිය කියවන පලවෙනිම අවස්ථාව !!!!

ලස්සන කවි සිතුවිල්ලක් !!

පන්සල් හංදිය

ලස්සනට ලියලා තියනවා ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.......
ලකුණු 100 යි .....

N N K

ඇත්තටම ලස්සනට ලියල තියනවා. අපි දැක්කේ නැනේ මුණු පොතේ මේක ...

short.kutz

ලස්සන පද ගැලපුම

Anonymous

ලස්සන කවියක්! අැත්තමයි! :)

Dinesh

ලස්සන කවියක්.. මං ඒ දවස් වල ඔයාගේ මුණු පොතේ නෑනේ.. ඒනිසා බ්ලොග් එකට දාපු එක හොදයි...

දඩබ්බරී

ලස්සනම ලස්සනයි හංස පිහාටුව.....

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..