Buscar

ස්වර්ගයට යන මාවතේ මල් පාවඩ අතුරන්නම් මා..



ආදරයේ මල් මාවත ඔස්සේ
ඔබ මා ගිය මග අද නිම වී ඇත
දෙවියන් වෙත යන පාර හොයාගෙන
පෙම්වත අද ඔබ මා හැර යනවද?

සිනහව ගිලිහුනු මගෙ මුව දැකලා
තැවෙන්නෙපා තව මං ගැන හිතලා
ආදරයේ මල් පාවඩ අතුරා
සකසන්නම් කුමරුනි මග සරසා...


ස්වර්ගයෙ දොරටුව නුඹට ඇරෙන දා
නෙතගින් ගිලිහුනු කඳුළැල් පිසදා
ආදරයේ මල් පාවඩ අකුලා
මම යන්නම් නිවනේ මග සොයලා...



සංකල්පනාව- හංසනී පතිරාජ

1 comments:

සංකල්ප

ගොඩක් ම ලස්සන පද සංකල්පනාවක්. මෙහෙම ආදරේ කරන්න තියෙනවනම් නියමයි. ඒත් වෙන් වෙලා ඉන්න එක දුකක්.
මොනා උනත් නංගිගේ හිතේ එයා වෙනුවෙන් තියෙන්නේ ලොකු ආදරයක් කියලා නම් හිතුනා !!!!!

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..