Buscar

අසම්මත ප්‍රේමය 2 නොහොත් ඔහුගේ පාපොච්චාරණය



නිවස ඉදිරිපිට මෝටර් බයිසිකලය නතර කරනවාත් සමගම මා දුටුවේ උළුවස්සට පිට දී මා දෙස බලා සිටින ඇගේ රුවයි. ඇය නිවසට පැමිණ සිටින අවස්ථා වලදී මා නිවසට පැමිණෙන හා පිට වී යන බොහෝ අවස්තාවල ඇගේ දර්ශණය මට ආගන්තුක නොවේ. එවන් අවස්ථාවක මා නෙත් ඇය දෙසට ඇදී යන්නේ මන්දැයි මා නොදනිමි. නිතැතින්ම ඇය ඉතා කෙළිලොල් දඟකාර බවකට උරුමකම් කීවාය. වයසටත් වඩා ළාබාල පෙනුමකින් යුතු ඈ මට වඩා වයසින් වැඩිමල් යැයි දකිනා අයෙකු නොපිළිගනු නොඅනුමානය. තරුණියක වුවද ඇය නිතැතින්ම නව යොවුන් දැරියකගේ දඟකාර බව කියා පෑවාය. රූමත් යැයි කිව නොහැකි වුවත් ඇය දෙස බලා සිටින අයෙකුගේ සිත ඇය වෙත ඇදී යන්නේ නිරායාසයෙනි. සුරතල් ලෙස කතාබහ කරන ඈ සරල ලෙස ජීවිතය විඳින්නියක් යැයි මට සිතේ.


එක් කාලයක අප අතර පැවති සම්බන්ධය අසම්මත යැයි වාදයකින් තොරව පිළිගත යුතු වීමට හේතු කිහිපයකි. ඒ සියල්ල ඇය මෙන්ම මා ද දනී. එවකටත් හුරුබුහුටි යොවුන් දැරියකව සිටි ඇය දඟකාර ලෙසින් මා හා කතා කරමින් විහිළු කළ ආකාරය තවමත් මට මැවී පෙනේ. වරෙක දෑත් අල්ලාගෙන රණ්ඩු කරමින් සිටියදී මා ඇය දෙස බැලුවේ මන්දැයි මට සිතාගත නොහැක. එවිට ඇයද මා දෙස බලා සිටියාය. ඉන් පසු අපි දෑත් අල්ලාගෙන කොපමණ වේලාවක් සිටියාදැයි මතක නැත. ඉන් පසුත් කිහිප වරක්ම වැඩිහිටියන් අසල නොමැති විටකදී ඇගේ දෑත් අල්ලාගෙන දෑස් දෙස බලන්නට මා හුරු වූයේ කෙසේ දැයි වටහා ගත නොහැක.


ඉන් පසු වරක් දෙවරක් දුරකතනයෙන් මා ඇයට කතා කළත් වැඩිහිටියන් දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමත් සමඟ තව දුරටත් දිගින් දිගටම ඇය හා කතා කිරීම නුසුදුසු යැයි හැඟුණු බැවින් දෝ සියල්ල කාලයේ වැලි තලාවෙන් යට කර දැමීමට සිදුවිය. ඉන් පසුව ඇය හමු වුවද ඇය හා කතා කිරීමට මා නොපෙළඹුනේ ඇයද මා හා කතා කිරීමට උත්සාහ නොකළ නිසාවෙන්ද නැතහොත් සිදුවූ සියල්ල පිළිබඳව මා ලැජ්ජාවට පත්ව සිටි නිසාවෙන්ද යන්න අදටත් පැහැදිලි කරගත නොහැක. නමුත් දඟකාර ලෙස සිනාසෙන කතා කරන ඇයගේ හඬ ඇසෙත්දී විටෙක මගේ සිතේ පාලනය නැතිවී යන්නාක් මෙන් මට හැඟේ. 


සියල්ල සිදුවී වසර ගණනක් ගෙවී ගොස් ඇති බැවින් හා වයසින් මුහුකුරා ගිය තරුණියක වන බැවින් ඇය මේ සියල්ල අමතක කර ඇතුවා විය හැකිය. නමුදු මා දෙස බලන ඇගේ දඟකාර දෑසින් කියවෙන්නේ අමතක කළ නොහැකි මතකයක් ඇගේ සිත තුල ඉතිරිව ඇති බැව් විය නොහැකිද?? විටෙක දඟකාර ලෙස මා ඉදිරියෙන් ඇවිද යන ඇයගේ කොණ්ඩයෙන්  අදින මා වෙත කිසිවෙකුට නොපෙණෙන ලෙස ඈ ප්‍රතිචාර දක්වන්නේ වැලමිටෙන් ගසාගෙන යාමකිනි. නැතහොත් ආදරණීය ලෙස මා අමතන ඈ කුමක් හෝ විහිළුවක් කරයි. ඒ සෑමවිටම මගේ ඇස් ඇගේ දෑස වෙත දිව යයි.


ජීවිතයේ මුල්ම වරට ඈ මගේ දුරකතනයට ඇමතුවේ සොයුරියක ලෙසින් ඉතා වැදගත් යමක් මට පැහැදිලි කර දීමටයි. නමුදු ඉතා දඟකාර හා කෙළිලොල් ලෙස වචන හසුරවමින් ඇය මා හා කතා කළේ හුරු පුරුදු තැනැත්තියක මෙනි. එහිදී මීට පෙරත් මා ඇය හා කතා කර ඇති බව ඇය මට මතක් කර දුන්නේ තවමත් නොමළ මිනිසුන් වූ අපට සියල්ල අමතක කළ නොහැකි බැවු පසක් කර දෙමින් විය යුතුය. ගිරවියක මෙන් කතා කරන ඇය දුරකතනයෙන් වුවද මුදල් ගැන නොතකා මා හා කතා කළාය. එසේ වුවත් ඇය දුරකතනයෙන් කතා කරමින් සිටිනු මා දුටුවේ එක් වරක් පමණි. සමහර විට ඇයට පෙම්වතෙකු නැතිවා විය හැකිය. නමුත් පෙම්වතෙකු නොසිටිනවා යයි පිළිගත නොහැක්කේ ඇයගේ වත්මන් සමාජ තත්වය අනුවය. 


කෙසේ නමුත් මා මෙන්ම ඇයද වරදකාරියක් නොවේ. ආදරයක් ඇතිවීම කෙරෙහි බලපාන්නේ සිත් දෙකක් මිස අන් කිසිවක් නොවේ. සැමවිටම ඇගේ නෙත් දෙසට ඇදී යන මගේ නෙත්ද එවන් විටක මගේ දෑස් දෙසට එක එල්ලේ යොමු වුන ඇගේ දෑස්ද කියා පාන්නේ මෙම පොදු මානව ධර්මතාවය විය යුතුය.

අසම්මත ප්‍රේමය නොහොත් ඇගේ පාපොච්චාරණය

14 comments:

සංකල්ප

මේ ප්‍රේමයට තියෙන එකම භධාව වයස් පරතරය විතරක්ම නම් ඒක අසම්මත ප්‍රේමයක් වෙන්නේ නෑ. ඒ මට හිතෙන විදිහ.

ප්‍රේමයක් අසම්මත් වෙන්නෙත් සම්මත වෙන්නෙත් පිටින් ඉදලා බලන කෙනෙකුට මිසක් ආදරය කරන දෙන්නට නෙමේ.

Seekerz

ගොඩක්ම ලස්සනයි..ඔයා හෑමදාම ලියන්නෙ නෑවුම් මාතෘකාවක් ගෑන නිසා කියවන්න ගොඩක් ආසයි...බොහොම ස්තුතියි හංසි

හංසි

@මධුරංග- මම දන්න තරමින් නම් වයස් පරතරයට වඩා හේතු තියනවා. ඔව්.. මේ කතාව අහන අපිට ඒක වරදක් අසම්මතයක් විදිහට හිතුනට ආදරය කරන හිතකට ඒ කිසිම දෙයක් දැනෙන්නෙ නෑ

හංසි

@seeker-ගොඩක්ම ස්තූතියි ඔයාටත්. ලියන හැමදේම කියවලා අදහස් දක්වනවාට. කාලෙකට පස්සෙ comment එකකින් හරි ඔයාව දැකපු එක සතුටක්

සංකල්ප

@හංසි :
ඒකනේ හංසි ආදරය අන්ධයි කියලා කියන්නේ. ඔන්න මම කියන්නේ බොරුද ? :)

හංසි

@මධුරංග- ඔව් ඒක හරි මධුරංග. ආදරය කරත්දි ඒ දෙන්නා දකින්නෙ ඒ දෙන්නව විතරයි. ඊට අමතරව බාහිර කිසිම සාධකයක් දකින්නෙ නෑ.

Dinesh

වයස් පරතරය ආදරයට වැඩියෙන් බලපන්නේ ලංකාවේ තමයි.. මම ඉතාලියේ නම් ඕන තරම් දැකලා තියෙනවා ඔය වයස් පරතරය ගැන නොහොතපු අය.. මම කියන්නේ නෑ ලංකාවේ අපි වැරදියි කියලා.. ආදරයක් කොතැනක කොහොම ඇති වෙනවද කියන්න බෑ.. අර මධුරංග අයියා කිව්වත් වගේ ආදරය අන්දයි..

හංසි

@දිනේෂ්- ගොඩක් වෙලාවට අද වෙත්දි ලංකාව තුලත් වයස් පරතරය ගැන නොහිතා විවාහ වුණ අය ඉන්නවා. නමුත් ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ වෙන්නෙ නෑ. කොහොම උනත් ආදරය කියන්නෙ හැඟීමක්. විවාහය කියන්නෙ ඊට එහා ගියපු දෙයක්. ඒ නිසා ආදරයේදි බලනොපාන යම් යම් කාරණා විවාහය තුළදී බලපාන්න පුළුවන්.

සංකල්ප

@හංසි :
ඒ උනත් ආදරය කරනකොට අපි බුද්ධියත් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපට තියෙන්නේ ඇස් දෙකක් උනාට ලෝකයාට ඇස් දාහක් තියෙනවා.

මේක මට තේරුනේ විහාරමහා දේවි උද්‍යානය ලඟින් යද්දි. :)

KusH

ලස්සන කතාවක් යාලුවා........
හිතේ ලොකු කතාවක් තියාගෙන ටිකක් අකුරු කරල කියලා හිතෙනවා.
(අසම්මත ප්‍රේමයක් කියලා නම් මට හිතෙන්නෙම නෑ.)
අහින්සක,අප්‍රකාශිත ප්‍රේමයක් .....ලෝකයට බයෙන් හිත් ඇතුලෙම හංග ගත්තු.

හංසි

@මධුරංග- විහාරමහා දේවී උද්‍යානය විතරක් නෙවෙයි, බස් එකක යන වෙලාවටත් මට නම් ඕක මතක් වෙනවා. පුංචි දරුවො එක්ක බස් වල යන දෙමවුපියන්ටත් ලැජ්ජා හිතෙන විදිහටයි සමහර අය වැඩ කරන්නෙ.

හංසි

@$කුබුවි$- ගොඩක්ම ස්තූතියි!! අසම්මතයක් නෙවෙයි උනත් සම්මත නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. සමහරවිට තව කෙනෙක් මීට වඩා වෙනස් විදිහකට හිතන්න පුළුවන්. අහිංසක අප්‍රකාශිත ප්‍රේමයක් කියන කතාව නම් ඇත්ත.

කිඩෝ

එල එල අර ත්‍රිපුද්ගල කමිටුව දැන්ම සෙට් කරගන්න ඕනේ...

Warsha

මේ මට ලස්සන ඇස් මතක් වුණා..

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..