Buscar

යනවනම් කියලා යන්න යාලුවා. ඔහොම එක පාරට අතුරුදහන් වෙන්න හොඳ නෑ..



අද මම ආවෙ කතාවක් කියන්න. ඒ ඔයාගෙ කතාව. ඔයා ගිහින්. අපි හැමෝම එපා කියලා ගිහින්. ඔයා අඬ අඬලු ගියේ. ඔයාට ගොඩක් දුකයිලු. ඔයා මට msg එක එව්වෙත් අඬ අඬලු. ඔයාමයි කිව්වෙ. මම ඔයාට කොච්චර කිව්වද යන්න එපා කියලා. අපි හැමෝම කිව්වා. අපි හිටියෙ එකම පවුලක් වගේ. රන්ඩු වෙනවා තරහ වෙනවා යාලු වෙනවා. ඔයා මට බැන්නම මම කිව්වෙ අනිත් යාලුවො දෙන්නට. එයාල ඔයාට call කරලා කියනවා බනින්න එපා රන්ඩු වෙන්න එපා කියලා. මාත් එහෙමයි. ඔයාලා තරහ උනාම යාලු කරනවා. ඔයා ගියේ අපිට තවත් ඔයාගෙන් සුලු වැරැද්දක්වත් වෙන්නෙ නෑ කියලා. අපි හිනා වෙනවා බලන්නලු. අපි අඬනවට ඔයා කැමති නැතිලු. ඉතින් ඇවිත් බලන්න අපි හිනා වෙනවද කියලා. ඔයා මට පොරොන්දු උනා යන්නෙම නෑ කියලා. ඒත් ඔයා ගිහින්. මට දැන් ඔයා එවපු හැම චැට් එකම නැති වෙලා. ඒත් skype  එකේ ඉඳලා හිටලා අපි cht කරපුවා ඉතුරු වෙලා තිබුනා. ඔයාට මුලින්ම ඔයගෙ උපන් දිනයට සුබ පතලයි තිබුනෙ මම. එතකොට ඔයා කියලා තිබුනෙ "මෙන්න මේකි ඇවිත්" කියලා. මම කේක් එකකුත් එවුවා එදා.


ආ... ඊට කලින් ඔයා මාත් එක්ක මුලින්ම cht කරපු දවසෙ මට බැනලනේ ගිහින් තිබුනෙ. මට සිංහල උගන්නන්නත් වෙලා කියලා. මම ඒක කොච්චර කල් මතක් කරාද? ඉස්සර මම ඔයා එක්ක තරහ වෙලාමයි ඉන්නෙ. ආවොත් මොනව හරි කියලනේ යන්නෙ. මට කිව්වෙ ඔයාට මුකුත් tag කරන්නත් එපා කියලනේ. ඒත් ඔයාමයි ඊට පස්සෙ කිව්වෙ ඕනම දෙයක් tag කරන්න කියලා. ඒත් ඔයා යන්න කලින් මම කිසි දෙයක් tag කරේ නෑ. කිසිම දේකට cmnt කරෙත් නෑ. ඒත් ඔයා එක්ක තරහින්. මතකද මගේ photo එකක් පෙන්නුවා ඔයාට? මල්ලි බබාත් එක්ක ඉන්න එකක්. මම ඔයාට කිව්වෙ මගේ බබා කියලා. ඔයා දන්නව ඒක විහිලුවක් කියලා. ඒත් ඒක ඇත්තට අරන් අපි මොන තරම් විහිලු කරාද? අන්තිමේදි ඔයාගෙ නම කියවිලා උන දේ මතකයි නේ?? එදා ඉඳන් අපි හොඳ යාලුවො උනා. ඊට පස්සෙ BMICH එකේ ඉඳන් ඔයාට call කරපු දවස මතකද? එදා ඉදන් මගේ හොඳම යාලුවා උනේ ඔයා. දවසක් යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් කතා කරන්න ගිහින් ඔයා කිව්වා අපි වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා. ඔයාට මං ඔයාගෙ සහෝදරියක් වගෙයි කිව්වා. ඕනෙම දෙයක් මාත් එක්ක කිව්වා. කවුරුවත් ඔයාට බනිනවට මම කැමති උනේ නෑ. ඔයාට ගොඩාක් තරහ යනවා. ඒත් ඒ හැම වෙලාවකදිම තරහක් හිතන්නෙ නැතුව ඔයාගෙ හිත හදන්නයි මට ඕනෙ උනේ. ඒ නිසාම අනිත් යාලුවො කිව්වෙ ඔයාට තේරුම් ගන්න ඉඩ අරින්න කියලා.


මේ හැමදේම මෙහෙම කිව්වට ඔයාට මගෙනුත් ලොකු වරදක් උනා. ඒක වරදක් නෙවෙයි. ඒත් දැන් බලත්දි වැරදියි තමයි. ඔයා දැනගෙන හිටියා මම කවදාවත් ඔයාට යන්න දෙන්නෙ නෑ කියලා. ඒක නිසා වෙන්න ඇති ඒ කිසිම දෙයක් නොදැනෙන්න ඔයා කතා කරේ. ඔයා යන්න විනාඩියක් වත් තියලා මට කිව්වානම් මම යන්න දෙන්නෙ නෑනේ. මතකද මම දැන් ගොඩාක් කාලෙකට කලින් මෙහෙම කිව්වා? ඒ පෙබරවාරි මාසෙ.
[2/5/2011 6:37:04 PM] hansani pathiraja: ok ok ehenam mage hitha riddanne nathuwa yanakota yanna plzzzzzz
ඒත් ඔයා ඒක ඇහුවෙ නෑනේ...
කමක් නෑ ඔයාටත් සාධාරන හේතු තියනවා. ඒත් ඒවට උත්තර දෙන්නෙ මෙහෙම නෙවෙයි.
මතකද ඔයාට මම මෙහෙම කිව්වා?
[2/5/2011 6:39:02 PM] hansani pathiraja: mata hithata fit wena aya monade karath mage hitha ridenawa..
[2/5/2011 6:39:09 PM] hansani pathiraja: monawa hari kiwwath...
[2/5/2011 6:39:28 PM] hansani pathiraja: mama kath ekkawath wihilu karanne na
[2/5/2011 6:40:33 PM] hansani pathiraja: fb 1n unath, katha karala unath, school unath campus unath hithata fit unoth yaluwo yaluwo mai...


මට යාලුවො හැමෝම එකයි.
[2/5/2011 6:51:00 PM] hansani pathiraja: mama yaluwekwa kawadawathma wadak na kiyana kenek newei.
මම කිව්වා වගේම මට මගේ හොඳම යාලුවයි ඕනෙ. ඔයාට දුකයි නම් ආයිමත් ඒවි කියල යාලුවෙක් කිව්වා. අපේ group එකේ හැමෝම කතා කරන්නෙ ඔයා ගැන. මතකයි නේ අපේ group එකේ නම වෙනස් උන හැටි? ඔයා තරහ වෙලා ගියාම මමත් ඒකෙන් ගියා. ඒ නමත් වෙනස් කරලා.


ආ... ඔයාට පහේ කාසි ගොඩාරියක් මම එකතු කරලා තියන්නම්. එතකොට සුදු පරවියො ආයිමත් බිත්තර දාවි. ඒ බිත්තර රැකලා පැටවු ආවොත් මට ගොඩක් සතුටු හිතෙයි. පරවියොත් ඔයා වගෙයි කිව්වෙ ඔයාමනේ..
තව එකක්.. ඔයා අන්තිමේදි මගේ නම වැරැද්දුවා හොඳේ.. ඔයා කියල තිබුනෙ හංසිනී කියලා. හැමදාම හංසි කියලා ඒකටම "නී" දැම්මනේ?? කමක් නෑ.. එහෙමත් ලස්සනයි.
එහෙනම් ගොඩාක් කාලෙකට කලින් කියපු දේකින් ඉවර කරන්නෙ..


[2/4/2011 11:28:31 AM] hansani pathiraja: yanawanam kiyala yanna yaluwa.
[2/4/2011 11:28:48 AM] hansani pathiraja: ohoma eka parata athuru dahan wenna hoda na


මේක නම් කිව්වෙ ඔයා... සසර පුරාවට අපි හමුවෙමු...

11 comments:

හංසි

ඔයා වෙනුවෙන් මුකුත්ම ලියන්න එපා කියලයි කිව්වෙ ඒත් ලිව්වා නෙවෙයි ලියවුනා.. ඔයා මේක දැක්කොත් මට බනීවි සමහරවිට. ඔයා කැමති නෑනෙ මුකුත් ලියනවට.

Seekerz

මට නම් මෙ මුකුත් තෙරෙන්නෙ නෑතො.....හංසිට මක් වෙලාද.....?
http://topseekerz.blogspot.com/

හංසි

අනේ මාත් දන්නෙ නෑ මට මොනවා වෙලාද කියලා. අද උදේ එළි උනේ මගේ ඔලුව අවුල් කරගෙන. මතක් වුන නිසායි ලිවුවෙ.

KusH

කතාවක් වගේ කියෙව්වා.....ගොඩක් ලස්සන නිර්මාණ බිහිවෙන්නේ වේදනාවක් නිසාලු.....මේකත් ඒ වගේ කියල හිතෙනවා........
අනාවැකියක් කියන්නත් හිතෙනවා....
ම්ම්ම්.......... නෑ....ඕන නෑ.........

හංසි

කියන්නකො බලන්න... මාත් ආසයි ඔයාලා මොකක්ද හිතන්නෙ කියලා දැනගන්න.

හා පැටික්කි (MS)

හංසි අක්කා හිතේ තියන දුක අකුරු කරලා වගෙයි. අහම්බෙන් කෙනෙක් දීපු පාරකින් ඇවිත් කියෙව්වේ නම්.

KusH

හොඳම යාලුවාට ආදරය කරන එක වැරැද්දක් නෙමෙයි......

හංසි

@හා පැටික්කි (MS)- බොහොම ස්තූතියි නංගො ඔයාට පාර කියපු කෙනාටත් ඔයාටත්. ලියලා හරි දුක අඩු කරගන්නයි ඕනෙ.
@$කුබුවි$-ඒ ගැන මම මුකුත් නොකිය ඉන්න එක හොඳයි. ඒක හරි කියන්නත් බෑනේ..

තරු අහස

මම දන්නවා ඇයි මේ තරම් දුක කියලා අක්කිට...ම්..එයා එයි ආයෙම..

හංසි

ගොඩක් ස්තූතියි තරූ මල්ලියො..

සංකල්ප

හංසි නංගිට මක් වෙලාද මන්දා. මට නම් තේරුනා හොරයි. :(

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..