Buscar

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා... රැවු පිළිරැවුදී අසෙන නුඹේ හඬ යලි මගෙ සවනත් වැකෙන තුරා...


මේ දවස් ටිකේම මම එච්චර සතුටින් නෙවෙයි ඉන්නෙ කියලා මගේ යාලුවො ටික දන්නවනේ. එච්චර කිව්වට ඉතින් කොහොමටවත් සතුටක් නෑ. හේතුව දන්න අයත් ඉන්නවා. නොදන්න අයත් ඉන්නවා. හැබයි හොඳටම දන්න කෙනා නෑ. ගොඩක් දෙනෙක් අහනවා කවියක් වත් ලිව්වෙ නෑනේ කියලා. ගොඩක් කාලෙකට පස්සෙ ඊයෙ රෑ මම fb ගියනේ. ඒ වෙලාවෙ තමයි එහෙම කිව්වෙ. මම නම් කිව්වෙ කලින් ලියපු කතාව ගැන නම් ඕන තරම් ලියන්න පුලුවන් කියලා. තරහ ගන්න එපා මේකත් ඒ කතාවෙම කොටසක් තමයි.


ලියන්න දෙයක් වත් හිතාගන්න බෑ. මට අලුතින් phone එකක් ලැබුනා. නංගිටයි මටයි දෙන්නටම. ඒත් තාම නිකමටවත් ඒක බලන්නවත් හිතුනෙ නෑ. නංගිගෙන් තමයි බේරෙන්නම බැරි. එයා අහන්නෙ සිම් 1 දාලා දෙන්නද කියලා. අලුත් phone එක පේනකොට ඉරිසියාව. ඇයි ඉතින් එයාගෙ phone එක වැඩට අරගෙන නේ. ගොඩක් කාලෙක ඉඳන් උදේට alarm 1ක් වැදුනා. ඒක මාත් එක්ක තරහා වෙලාද කොහෙද ඒකත් නැවතුනා. හැබැයි ඉතින් alarm එක නම් කිව්වෙ කොහොමත් 8 පහුවෙනකම් නිදාගන්න alarm ඕනෙ නෑ කියලා. :(


ඔයා ඉතින් කියන්නෙ මම මෝඩි කියලානේ. ඒක මගේ නමලු. ඔයාගෙ නම මම කියන්නෙ නෑ ඉතින් පවු නේ. එහෙම කිව්වමයි මතක් වෙන්නෙ මට ඔයා sunny කියලනේ කිව්වෙ. පස්සෙ ඒක වෙනස් උනා හැමෝම හංසි කියන නිසා ඒකට හුරු උනාලු. කොහොම උනත් මම හැමදාටම ඔයාගෙ BU . ඔයා කිව්වෙ BU මරන්න බෑ කියලා. එතකොට ඔයාට රණ්ඩු වෙන්න කෙනෙක් නැති වෙනවලු. බැනුම් ඇහුවෙ නැත්නම් හරියට නින්ද යන්නෙත් නෑ කියලනේ කියන්නෙ. ඒත් ඒ විහිලුවට විතරයි. ඇත්තට බැනුම් අහන්න අපි කවුරුත් කැමති නැනේ. මාත් නපුරු වේගන එනවා කිව්වා. ඒකට තමයි මට ගොඩක් දුක. ඔයාගෙ අන්තඃපුරේ කොහොමද?  wife ලා තුන් දෙනා නම් තාමත් ඉන්නවා. ;) ඒ විහිළු නම් ජීවිතේට අමතක වෙන එකක් නෑ.


දවසක් ඔයා ඇහුවා ඔයා මැරුනොත් මම එනවද කියලා. XXට කිව්වොත් නිවාඩු නෑ කියාවිලු. XXXට කිව්වොත් තනියම එන්න දෙන එකක් නෑ කියාවිලු. ඒත් මම මොනවා කියයිද කියලා ඔයාට හිතාගන්න බැරිලු. එදා නම් ඔයා මගෙන් හොඳටම බැනුම් ඇහුවා. හැබැයි ඔයා මට නම් කිව්වෙ මගේ මළ ගෙදරට පෝටෙලෝ ගෙනැත් තියන්න කියලා. එදා මම තරහ වෙලා හිටියට අද නම් මතක් කරත්දිත් හිනහයි.


මගේ කන් ඇහෙන්නෙ නෑ කියලා හැමදාම මම බැනුම් අහනවනේ. එකම දේ තුන් හතර වතාවක් කියන්න ඕන. කන් ඇහෙන්නෙත් නෑලු. ඇස් පේන්නෙත් නෑලු. ලෝකෙ හොඳටම match වෙන couple එක මතකද? එදා අපි කොච්චර හිනා උනාද. "දීපං බං.. බෑ බං" මතකයිද? බං වෙනුවට එක එක විදිහෙ වචන දාලා කිය කිය අපි කොච්චර හිනා උනාද? ඒ වෙලාවෙ නම් ඔයා යයි කියලා නිකමට වත් හිතුනෙ නෑ. ඒ නිසමයි මම ඇහුවෙ යන්නෙ නෑ නේද කියලා. ඒකට කියපු බොරුව නම් නියමයි.


අනිත් අයට ඔයා යනවා කියල msg කරලා මට විතරක් මුකුත්ම කිව්වෙ නෑ. ඒත් මට දැනුනා මොකක් හරි දෙයක් වෙයි කියලා. අදත් මම තේ හදන් එන්නද ඇහුවම ඔයා කිව්වා හැබැයි අද විතරයි කියලා. ඒ ඇයි කියලා ඇහුවම ඔයා කිව්වෙ හැමදාම මට තේ හදන්න කියන්නත් බෑ. ඊටත් කසාය බොන්න තරම් ලෙඩකුත් නෑ කියලා ඔයා හිනා උනා. ඒකට නම් මටත් හිනා ගියා. තවත් සැක හිතෙන කතාවක් කිව්වා. ඒ වෙලාවෙමයි ඔයා කිව්වෙ xxට msg කරා කියලා. එයා ඔයාව remove කරල කියලත් කිව්වා. :( එහෙම කතා වෙත්දියි මට XXX කිව්වෙ නොකියා ඉන්න බෑ ඒත් කියලත් බෑ කියන්න දෙයක් තියනවා කියලා. ඊට පස්සෙ එයා කිව්වා ඔයා යනවා කිව්වා පුලුවන් දෙයක් කරන්න කියලා. එතකොටයි මට මතක් උනේ ඔයා msg 1ක් යැවුවා කියපු එක, ඉතින් මම xxට කරලා කිව්වා මට ඉක්මනටම ඔයා එවපු msg එක එවන්න කියලා. එතකොටත් ඔයා යන්න ලෑස්තියි. මට ඇඬෙන්න වගේ. මම කිව්වා මට ඕනම දෙයක් කියන්න කියලා. ඔයා කිව්වා පස්සෙ call කරන්න කියලා. ඔයා ගියාට පස්සෙයි මට msg එක ආවෙ. ඒක බලපු ගමන් මම ඔයාට call කරා. මට කතාකරගන්නත් බෑ. ඊට පස්සෙ ඔයාට මම කිව්වා මම හොඳටම බය උනා දෙයක් දැකලා ආයිත් call කරන්නම් කියලා. ඒ වෙලාවෙ XXX මාත් එක්ක කතා කර කර හිටියෙ. එයා හැමදේම මට කිව්වා. ඔයා මට කියන්න එපා කියලයි කියලා තිබුනේ. නැත්නම් මම යන්න දෙන්නෙ නෑ කිවුවාලු.


ඇත්තටම ඔයා අපිව දාලා යන්න හදද්දි හිනාවෙලා හා කියන්න මට බෑ. මම call කරාමත් ඔයා කිසිම දෙයක් නොදැනෙන්න කතා කරපු හැටි පුදුමයි. දැන්නේ දන්නෙ මේ පන්ඩිතයට හොඳට රඟපාන්නත් පුලුවන් කියලා. හැබැයි කොච්චර කරත් මගේ හිත කිව්වා උදේ වෙත්දි මොනවා හරි වෙයි කියලා. ඔයා රෑ 3 විතර වෙත්දිත් නැගිටලා. සමහර විට ඔයාට නින්ද යන්න නැතුව ඇති. ඔයාගෙන් msg 2 එත්දි මට ඇහැරුනේ හීනෙන් වගේ. ඔයා කියලා තිබුනෙ ඔයා xxටයි, xxxටයි කිව්වෙ ඇත්ත කියලා. එතකොට මට හිතාගන්න බැරි උනා. ඒත් msg එක ඔක්කොම කියවන්න ඕන උනා. දෙකම කියවලා ඉවර වෙලා බලත්දි මට කිසිම දෙයක් කියන්න ඉඩක් තියලා තිබුනෙ නෑ. අපි සතුටින් ඉන්නවා බලන්න ඔයාට ඕනෙලු. තව ගොඩක් දේවල් කියලා තිබුනා.


ඔයාගෙ හොඳම යාලුවා මම කියලා ඔයා කිව්වලු. ඒත් ඔයා මට කිව්වෙ නම් නෑ. මගේ නම් හොඳම යාලුවා ඔයා. ඔයා හැබැයි මට කිව්වෙ මට ඕන තරම් හොඳම යාලුවො ඉන්නව කියලා. ඒත් මම හොඳටම දන්නවා හිතට එකඟව නෙවෙයි ඔයා ඒක කියන්න ඇත්තෙ. ඔයාගෙ හිත හදාගන්න. මම ඔයාගෙ හොඳම යාලුවෙක් උන එකයි වරද. නැත්නම් ඔයා අදටත් අපිත් එක්ක ඉන්නවා. ඔහොම කැප කිරීමක් කරේ ඒ නිසානේ. මම පොරොන්දු කඩ කරන්නෙ නෑ කියලා ඔයා දන්නවලු. කමක් නෑ ගිහින් එන්න. alarm එකක් නැති නිසා නැගිටින්න හිතෙන්නෙත් නෑ හැබැයි. එහෙමයි කියලා නැගිටින්නෙ නැතුව ඉන්නත් බෑනෙ ඒක පොරොන්දුවක්..
වරදක් උනා නම් දහස් වාරයක් සමාවෙන්න. 
කෙටි කාලයකින් හමුවී, මගෙ ජීවිතයට පැමිණී ලස්සනම සිහිනෙකී ඔයා... 

7 comments:

KusH

අඬෙනවා අප්පා කියවනකොට......පුළුවන්කමක් තියෙනවනම් යාලුවා අයෙමත් ඒවි මේක දැක්කම.........

හංසි

එයා මේක දකින්නෙ නෑ... දුක හිතෙන්න ලියනවා නෙවෙයි දුක අඩු කරගන්නයි ලිව්වෙ. ඇවිත් බලලා යනවට ගොඩක් ස්තූතියි..

Dinesh

හංසි ඔයා නම ලියන්න ඕන තැනට xxx නොදා වෙනත් නමක් හරි දාලා ලිව්වනම් කියවනකොට පහසුයි.. නැත්නම් කියවගෙන යනකොට ටිකක් අමාරුයි.. යාළුවා ගැන වැඩිය දුක් වෙන්න එපා.. හැමදේම හරි යාවි...

හංසි

මම එහෙම නොලිව්වෙ එතකොට නමකින් හරි මේ කතාව වෙනස් කරන්න වෙන නිසා. බොහොම ස්තූතියි දිනේෂ්.

හරී

ගනන් ගන්න එපා ඔව්ව ඔහොම තමයි....

සියලුදේ අනිත්‍යයි කියලා හිත හදාගත්තම ඉවරයිනෙ......

හංසි

ඒකත් ඇත්ත තමයි..

සංකල්ප

දුක හිතෙන කතාවක් නේ.
ඉස්සර මටත් ඔය ෆෝන් එකෙන් කතාකරනකොට ඇහෙන්නේ නැති සීන් එකක් තිබ්බා. මම් යාළුවෙලා ඉන්න කෙනා තුන් හතරපාරක් කියන්න ඕනේ මට ඇහෙන්න. වෙලාවකට එයාට හොදටම කේන්තිත් යනවා. :)

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..