Buscar

මගේ කිරි අම්මාට නිවන් සුවම ලැබේවා!!


නිදාගන්න යන්න කියලා ඇඳට ගියා විතරයි තාත්තා call කරා. මගේ කිරි අම්මා මේ ලෝකෙන්ම ඈත් වෙලා ගිහින් . කිරි අම්මා කියන්නෙ මගේ තාත්තාගෙ අම්මා. මම හැදුනෙ කිරි අම්මා ලඟ නොවුනට, ඒ මගේ කිරි අම්මා. මට මතක් වෙන්නෙම ගමේ ගියාම මල්ලිලාටත් හොරෙන්, ඇලුවා හදන ගමන්ම මටත් කන්න කෑල්ලක් දෙන හැටි. පුංචිම කාලෙ කිරි අම්ම ගැන තියන මතකය ගොඩාක් කෙටි උනත් university යන්න පටන් ගත්තට පස්සෙ ගොඩක් වෙලාවට ගමේ යන නිසා මේ කාලෙදි කිරි අම්මා ගැන තියන මතකය වැඩියි.. අපිටම කියලා බත් උයාගෙන කිරි අම්මා බලන් ඉන්නවා අපි එනකම්. අපි කියන්නෙ තාත්තයි මායි. ඒත් ගොඩක් වෙලාවට තාත්තයි මායි ලොකු අප්පච්චිලාගෙ ගෙදරින් හරි, පොඩි නැන්දලාගෙ ගෙදරින් හරි කාලා තමයි එන්නෙ. අපි වෙනුවෙන් බත්  උයාගෙන බලන් ඉන්න කිරි අම්මා ගැන මට දැන් නම් දැනෙන්නෙ ලොකු දුකක්.


කිරි අම්මා නැති වෙලත් blog post ලියනවා කියලා හිතනවා ඇති දැන්. blog එකට අලුත්ම template එකක් දාලා ඒකෙ ලස්සන බලලා හෙට කතාවෙ ඉතුරු ටික ලියන්නම් කියලා හිතාගෙන ඇඳට ගියේ. අම්මයි තාත්තයි දෙන්නම කොළඹ ගිහින් නිසා ගෙදර හිටියේ ලොකු අම්මාකෙනෙකුයි නංගියි මායි. කිරි අම්මා hospital එකේ හිටියෙ මෙච්චර දවස්. අපි තුන් දෙනාට රෑ මැද බස් එකක යන්න බැරි නිසා තාත්තා උදේම එන්න කිව්වා. එතකම් මම මේක ලිවුවේ. එතකම් නිදාගන්න හිතක් නෑ.. හෙට උදේම කොළඹ යනවා. එතකොට කිරි අම්මා එක්කම ගමේ යන්න පුලුවන්.


සමහර යුතුකම් ඉෂ්ඨ කරන්න බැරි උනාම ගොඩාක් හිතට දැනෙනවා. ඒ වගේ දැනුත් මගේ හිතට දැනෙන්නෙ. මගේ කිරි අම්මාට නිවන් සුවම ලැබේවා!!

7 comments:

KusH

අපිටත් ගොඩක් කණගාටුයි යාලුවා.
කිරි අම්මාට නිවන් සුව ලැබෙන්න කියලා පතනවා!

c.j.senanayake

ඔයාගෙ කිරි අම්මට නිවන් සුව අත් වේවා කියල ප්‍රාර්ථනා කරනව හංසනී...... :(((

චතුරංග පෙරේරා [චතූගේ කථා]

මමත් මගේ ආච්චි අම්මට ගොඩාක් ආදරෙයි. ඒ මට නොදන්නා පොඩි කාලේ හරි පාර පෙන්නපු නිසා. ඔයාගේ දුක මට තේරෙනවා. ලෝකේ අනිත්‍යයිනේ ! අත්තම්මට නිවන් සුව පතමු !

අළුත් ඇඳුම් ඇඳලා ලස්සනයි...

සෝරෝ

කිරි අම්මාට නිවන් සුව ලැබේවා...!!

සංකල්ප

මන් මේ පෝස්ට් එක දකිනකොට ගොඩක් පහුවෙලා.
කමක් නෑ.
කිරි අම්මට න්වන් සුව අත් වේවායි පතන්නෙමු !!!!

දඩබ්බරී

මට නම් මතක තියෙන කාලෙක ඉදන් ආච්චි අම්ම කෙනෙක්ගෙ ආදරේ උණුසුම ලැබිල නැහැ..ඒ ගැන ගොඩක් දුකයි..
ඔයාගෙ කිරි අම්මට නිවන් සුව අත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා යාළුවා!

හංසි

කණගාටුව දක්වපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් පින්.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..