Buscar

ආදරයත් අරගෙන එන්න..




අඳුර පිරුණු මගෙ ජීවන ගමනට
පහන් ටැඹක් වී නුඹ ඉන්න
ඉඩෝරයක් වී දැවෙනා දිවියට
දිය බිඳුවක සිසිලස දෙන්න
මගක් නොදැන යන මේ දිවි ගමනේ
පාර කියන තරුවක් වෙන්න
ආදරයක් හිමි නැති හිත ගාවට
ආදරයත් අරගෙන එන්න...

8 comments:

Dinesh

කදුළු පිරුන මේ දෙනෙතට
සිනා රැල්ල නුඹ අරන් එන්න
නිදි නොමැති නෙතු පියන් අගට
සිහිනයක් වී ඔඹ එන්න....

හංසි

@දිනේෂ්- හ්ම්ම්... දිනේෂ් අයියේ ලස්සනයි..

සංකල්ප

ගොඩක් ලස්සන සරලව ආදරේ කවියක අමුණලා. මම මේ පිටුව සේව් කරලා තියාගත්තට කමක් නෑ නේද ? යාලු වෙච්ච කාලෙක ගෑනු ලමයට දෙන්න බැරියෑ. :)

හංසි

@මධුරංග- කමක් නෑ save කරලා තියාගන්නකො. ලඟදිම එහෙනම් අපිට party එකක් ලැබෙයි නේද??

සුශාන් ප්‍රියනාත් රත්නායක

සිතක් මත්තේ
සිතුවමක් වී
කවක් නිසැකව
තිබෙනු ඇත ලඟ

දෙනෙත් අද්දර
ඇඳුණු ඒ රුව
නුඹ ලඟම හිඳ
තුරුල් වනු ඇත

බලා ඉණු මැන
සිහිනයේ හුන්
කුමරු දිනකදි
වඩින හැබැවට

පන්සල් හංදිය

නැද්ද තාම කවුරුත් ආදරයක් අරගෙන ආවෙ .........

හංසි

@සුශාන් ප්‍රියනාත් රත්නායක- බොහොම ස්තූතියි ලස්සන කවි පෙළක්. මේ පැත්තෙත් ඇවිත් ගියාට ස්තූතියි.

හංසි

@පන්සල් හංදිය- එහෙමමත් නෙවෙයි. හිම හංසි මට කවියක් ටැග් කරා fb එකේදි. ඒකට comment එකක් විදිහට තමයි මම මේ කවිය ලිව්වෙ. ලස්සනයි කියලා හිතුන නිසා බ්ලොග් 1ටත් දැම්මා.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..