දැහැනක නිසසල බව
රැඳී ඇති ඔය වතට
දුටුවනම සසල වන
දෙනෙත් ලැබුනේ කොහොම?
සුළඟටත් කලියෙන් ඇවිත්
හදත් විනිවද යවන
ඔය බැල්ම නුඹෙ නෙතට
දුන්නු දෙවිඳුන් කවුද?
Umara - Wassanayata Atha Wanala .mp3 | ||
![]() | Found at bee mp3 search engine | ![]() |
ජීවිතේ බොහෝ දෙනෙක් අත්විඳින අත්දකින දේවල් වල එකතුවක්. ජීවිතේ පිහාටුවක් තරමට සැහැල්ලු කරගන්න පුලුවන් මතකයන් ගොඩක් ඉතිරි කරලා තියන්න හදා ගත්ත මගේම තැන.. ඇවිත් පොඩ්ඩක් නැවතිලා යන්න. ඔබේ මතකයත් ඉතිරි කරලා යන්න අමතක කරන්න එපා.
10 comments:
දේව්දාස් අදයි මුලින්ම ආවේ... දිගටම ලියන්න දේව් ගෙන් සුභ පැතුම්... ලියමන ගැන කෙටියෙන් කියනවනම්.., ලස්සනයි...
දේව්දාස්...
නුඹ දකින නිසසලම
මගේ හද නිරතුරුව
හෙලන සුසුමන් හොරෙන්
නුඹේ සවනෙ වැකෙයි නම්.....
දෙවිඳු දී ඇත වරම්
නුඹ රුසිරු දැකගන්න
සමග හඬ නොඇසෙන්න
බිහිරි කර මා සවන්.........
@දේව්දාස්- ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට. හංස පිහාටුවට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න දේව්දාස්ගෙ බ්ලොග් 1ට ගිහින් යන එන අයටත් එකතු වෙලා ආවා. :)
@$කුබුවි$-
හෙළන සුසුමන් හොරෙන්
සුළඟ පරදා ඇවිත්
මගෙ සවනටත් කලින්
හදවතේ රැඳි නිසා
සවන් කුමකටද දැන්
හද පිරුණු ආදරය
දකින්නට නුඹෙ දෑස
උනත් මදි නැති නිසා...
ගොඩක් ලස්සනයි කුබුවි. ගොඩක් ස්තූතියි.
එක තමයි මටත් අහන්න තියෙන්නේ. කවුද ඔය ඇස් දෙක දුන්නේ ????
කවි ටික හරිම ලස්සනයි නංගි !!!
@මධුරංග- මධුරංග අයියා කාගෙන්ද අහන්නේ?? ගොඩක් ස්තූතියි කාලෙකට පස්සෙ මේ පැත්තෙ ඇවිත් ගියාට.
එකියන්නේ හංසිට හරි ගිහින්වත්ද මරුනේ.
දුටුවන් සසල කරවන
දෙනෙත් ඇති ඔහු
කොහිදීද දුටුවේ ඔබ
සිත සොරාගෙන ගියාද ඔබේ
කවුරුද ඒ පින් වන්තයා
ගොඩක් කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ.. හැම දෙයක්ම වෙනස් වෙලා.. හංසිගේ කවි හිතත් එක්කම..
@NNK- ඔයා හිතලා තියන දුර. මම එයා ලස්සනයි කිව්වාට වත් හිත යන ඇස් තියනවා කිව්වාට වත් එයා පින්වන්තයෙක් වෙනවාද??? ඔව් ඔව් එහෙම වෙනවා නම් තමයි. හැබැයි මම පින්වන්තියක් නෙවෙයි නේ. ජීවිතේ සමහර කාලවලදි අපි හිතන විදිහ නිසා සමහර අය සදහටම අපෙන් ඈත් වෙනවා.
@දිනේෂ්- ආහ්... දිනේෂ් අයියා කාලෙකින් ආපු නිසයි එහෙම හිතෙනවා ඇත්තෙ. පොඩි පොඩි වෙනස්කම් තිබුනාට සමස්තයේ වෙනසක් නෑ අයියේ.. ගොඩක් කාලෙකින් ආවාට ස්තූතියි. අයියාගේ ලස්සන කතාවක් එනකම් මම බලාගෙන ඉන්නෙ.
මොකටද දෙයියනේ ඔය තරම් ලස්සන ඇස් දෙකක් තියන කෙනෙක් හම්බ උනාට පස්සෙත් දුන්නෙ කවුද කියලා හොයන්නෙ .........
@පන්සල් හංදිය- ලස්සන ඇස් දෙක ගැන ආඩම්බර නිසා.. ඊටත් වඩා ඒ ඇස් මට අයිති නැති නිසා.
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..