Buscar

සරුංගලය- 01

මාත් කතාවක් ලියන්න පටන් ගත්තා. ආදරය ගැන කියවෙන පුංචි කතාවක්. කතාවක් ලියන්න කියලා පටන් ගත්තෙ මේකෙන්ම තමයි. වැරදි අඩු පාඩු පෙන්නලා දෙන ගමන් මේ කතාව ගැනත් මොනවම හරි කියලා යන්න. මට ගොඩක්ම පුරුදු "මම" "ඔයා" භාෂාව නිසා කතාව ලියන්නෙත් ඒ විදිහටම තමයි. ජීවිතෙත් හරියට සරුංගලයක් වගේ. ලස්සනට තිබුනට ස්ථිර නෑ. අවසානයක් කියන්න බැරි වෙයි. මේක අවසානයකට වඩා ආරම්භයක් වෙන නිසා.
__________________________________________________________


ප්‍රභා මම යන්නම් එහෙනම්. බුදුසරණයි..
හ්ම්ම්... බුදුසරණයි කියන්නෙ නෑ..
ඇයි?
ඔහොම කරත්දි බුදුසරණ ලැබෙන්නෙ නෑ.
ඒ කියන්නෙ මට හොඳක් වෙන්න එපා කියලද?
නෑ.. එහෙම කියන්නෙ නෑ. හරි හරි බුදුසරණයි.


තාමත් මතක් වෙන්නෙ ඒ වචන ටික. කොටුවට යන්න බස් එකට නගිත්දිමයි ඔයා කොටුවට ආව කියලා msg එක ආවෙ. එතකොටත් ගොඩක් පරක්කුයි. බැණ බැණ ඇති.
4 කණුව, පෑළියගොඩ, කොටුව...
කොන්දොස්තරගෙ කෑගැහිල්ලත් පරද්දගෙන හිතේ දෝංකාර දෙන්නෙම ප්‍රභා කියපු වචන ටික. එයාටත් බොරුවක් කියලා ආවෙ.යාලුවෙක් meet වෙන්න යනවා කියලා. ඒ බොරුවටත් මෙහෙම නම් ඇත්ත කිව්වනම් මොනවා කියාවිද? ආදරය ගැන තාම තේරුමක් නෑ එයාට. ඉගන ගන්නවා ඇරෙන්න වෙන දේකට හිත යොමු කරන්න එයාට හිතක් නෑ. ඔහොම හිත හිත කොටුවට එත්දි 12 විතර වෙලා. කිසි කතාවක් නැතුව ඔයායි මායි බස් එකට නැග්ගෙ. තරහ ගිහින්ද කොහෙද, පවු කාලත් නෑනේ. මහන්සි ඇති හිටගෙන ඉඳලා.


පන්සලට ආවත් මගේ හිතේ තිබුනෙම ප්‍රභා කියපු කතාව. ඒ නිසාම බුදුන් වැඳලා එන්න කියත්දි මම ඕනෙ නෑ කිව්වා. මොනවා හිතුවද කියලා කල්පනා උනේ ගෙදරත් ආවම. පන්සලට ඇවිල්ලත් ඕනම දේ ඇරෙන්න අනිත් හැමදේ ගැනම කතා කරා. දවස් ගානක් තිස්සෙ බලාගෙන හිටියෙ ඔයා එනකම් නේ. දැන් ඒකත් හරි.  මම චෛත්‍ය දිහා බලාගෙන හිතේ පිරුණු හිස් බවට උත්තර හෙවුවා. හිනා වෙවී කතා කරාට හිත පුරාම පිරිලා තිබුනෙ අවිනිශ්චිත බවක් විතරයි.


"අපි සරුංගලයක් ඇරියා. ඒකයි msg කරන්න බැරි උනේ. දැන් ගෙදර ආවා විතරයි. ටිකක් නිදාගන්නවා. හවසට කතා කරන්නම්."
ඔයා ගොඩක් වෙනස් වෙලා. වෙනදට හැම වෙලාවෙම මොනවා හරි දෙයක් කියන ඉඩක් ලැබුනු හැම වෙලාවකම කතාකරන ඔයා දැන් හිතාමතාම වෙනස් වෙන්න හදනවා.
"ඔයාට සරුංගලයක් තරම්වත් මාව වටින්නෙ නැද්ද?" 
හිතේ තිබුණ ලොකුම ප්‍රශ්ණෙ එහෙමම ඇහුවෙ හිතේ තිබුණ දේ අහන්න වෙන විදිහක් හිතාගන්න බැරි උන නිසා.


මොනවා කරන්නද.. දැන් නම් ඔයාට නින්ද යන්න ඇති.


එදා හවසම මම ගෙදර එන්න හිතාගෙන හිටියෙ දවස් තුනක්ම නිවාඩු නිසා. බස් එකේදි දිගටම අපි msg කරේ හැමදාම හීනයක් උන අපේ(?) අනාගතය ගැන. එහෙම මවන්න පෙරුම් පුරපු අනාගතේ මේවගේ වෙයි කියලා හීනෙකින් වත් හිතුවෙ නෑ මම නම්.


"මට බෑ ඔයාට ආදරේ කරන්න. තේරුම් ගන්න අමා.. මම කියන්නෙ මොකක්ද කියලා ඔයාට තේරෙනවා ඇති නේ?"
"හ්ම්ම්ම්..ඒත්... එතකොට ඔයා මෙච්චර කාලයක් කරේ බොරුද? අපි කතා කරපුවා? ඒ ඔක්කොම බොරුද? ඒවා විහිලුද?"
"හ්ම්ම්... මගෙන් අහන්න එපා තවත්.."
"එහෙම කරන්න එපා.. මට ඔයාව ඕනේ. ඔයා මෙච්චර කාලයක් කරේ විහිලුවක් කියලා මට දැනුනෙ නෑ. හැමදාටම එහෙම කරත් මට දැනෙන එකකුත් නෑ. මට ඔයත් එක්ක ඉන්න දෙන්න."


කිසිම දවසක මට ආදරේ කරන්න බෑ කියත්දි මගේ හිතේ ඇති උනේ මොන වගේ හැඟීමක්ද කියලා තේරුම් ගන්න මටවත් බෑ. ඔයා මගේ ලඟ මවපු හීන ලෝකෙ ජීවත් වෙන්න මම කොච්චර ආස කරාද?


"ඉතින් දැන් කියන්නකො ඔයා මගේ නේද?"
"හ්ම්ම්ම්..."
"මට ආදරෙයිද?"
"ඔවු.. ආදරෙයි ගොඩාරියක්."
"ඔයා?"
"හ්ම්ම්.."
"හ්ම්ම් කියන්නෙ?"
"ආදරෙයි., මම එහෙනම් නිදාගන්නද?"
"හ්ම්ම්ම්.."
"තරහද??"
"නෑ..."


ගොඩාක් ආදරෙන් කතා කරලා මගෙන් තරහද කියලා අහනවට මම ගොඩක් ආස කරා. තාවකාලිකව හරි ඔයා ලඟ මට ලැබුණ ආදරේ හරිම පුදුමාකාරයි.


"පුතේ... මම බත් කවන්නද?"අම්මගේ කටහඬට මම පොඩ්ඩක් හැරිලා බැලුවා. හවස 4ත් පහුවෙලා. තාම දවල්ට කෑවෙත් නෑ. උණ හැදිලා කියලා ගෙදර නැවතුනාට උණටත් වඩා තියෙන්නෙ හිතේ අමාරුව කියලා මම කොහොමද අම්මට කියන්නෙ. ඔයා නැගිටලා call එකක් ගන්නකම් ගින්දරක් හිත ඇතුලෙ පත්තු කරගෙන බිම දමාගත්ත පැදුරෙ හාන්සි වෙලා ඉඳන්ම අම්මා හදලා කවන බත් ගුලි දෙක තුනක් උගුරෙන් පහලට යවා ගත්තා.


*********************************************************************************
අමාගෙ කතාවෙ ඉතුරු ටිකත් අරන් ආයිත් එනකම් බුදුසරණයි!

11 comments:

Janaranga Dewasurendra

හා හා පටන් ගත්තද හංස ගීතේ වාදනය කරන්න..කමක් නෑ හොඳ කතාවක් ලියන්නකෝ දිගටම..මේවා ඉතිං මං හොඳට දන්න කතානේ

හංසි

ඔව් ඔව්... මම දන්නවනේ ඔයා ගැන.. හුරු පුරුදු කතා කියවන්නත් කම්මැලි ඇති නේ? thnx ජනරඟ ඇවිත් බලලා ගියාට

Yasantha Hennayake

ඇත්තටම ලස්සනයි.. මං ඔය අද්දැකීම ඔය විදියටම මං විදල තියෙනවා..(මං කතා කරන්නෙ කොල්ලගෙ චරිතෙ ගැන) හැබැයි එහෙම වෙන්න සාධාරණ හේතුවක් මට තිබුනා.. බලමු.. මේ කතාවත් මගේ කතාවමද කියලා.. ඉතිරි කොටස එනකන් බලාන ඉන්නවා ඔන්න

Sandun

ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.....

KusH

ලස්සනයි කතාව ගොඩාක්.....කතාව ගැන නම් චතූ කියපු දේම තමා මටත්....බලමු හේතුව මම දකින සාධාරණ හේතුවද කියලා.......දිගටම ලියන්න......

හංසි

@චතූ- හ්ම්ම්ම්... එහෙනම් ඔයාලගෙත් අදහස් කියන්න පුලුවන්නේ.. කතාව සාධාරණද නැත්ද කියලා.
@sandun-ඔව් අයියේ ඉක්මනටම දානවා
@$කුබුවි$- හැමතිස්සේම හිතන දේම වෙන්නෙත් නෑ නේ.. බොහොම ස්තූතියි..

Dinesh

හංසි නංගි කතාව පටන් අරන්.. ලස්සනයි.. දිගටම ලියන්න..

දඩබ්බරී

ඔන්න දඩබ්බරිත් කතාව කියවන්න පටන් ගත්තා...දිගටම ලියන්නකෝ....

මකුළු පැංචි (මංචි)

අනේ................තව කොටසක් ඕනේ.........................................!

හංසි

ඉක්මනටම ඉතුරු ටික දාන්න ඕන කියලා හිතුණත් මටත් මේ සරුංගලය එක්ක තියෙන්නෙ writer's block එකක්ද කොහෙද.

සංකල්ප

ලස්සන කතාවක් වගේම දුක හිතෙන කතාවක්. එහෙම නම් ඉක්මනට කතාවේ ඉතුරු ටිඅකත් අරගෙනම එන්නකෝ. හැබැයි ඉකමනට ලියන්න ඕනේ. :)

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..