Buscar

84000ට නැගීම හෙවත් phone එකෙන් එන ලෙඩ.


blog එකට අලුතින් මොනව හරි ලියන්න ඕන කියල හිතුනෙ දවස් දෙකකට විතර කලින්. ඒ උනාට ඒකත් බැරි උනානේ. ලියන්න හිතාගෙන ඉන්න එක හරි යන්නෙ නෑ කියල හිතෙන විදිහට මොකක් හරි වෙනවා. ඔහොම ඉත්දි මගේ අතිජාත මිත්‍රයා කියපු කතාවකට මට තවත් upset . ඒ කතාව නම් කියන්නෙ fb එකට කවි ලියන කාලෙ ඉඳන්ම. මම ලියන ඒවා ඔක්කොම boot ලු. :( ඉතින් කොහෙද.. මාත් ඉතින් බැලුවා blog එක පැත්ත. ඇත්තනේ.. හැබැයි ඉතින් මගේ අත්දැකීම් නම් ලිව්වෙ දෙකක් විතරයි.

ඔහොම ඉත්දි මුකුත් නොලිව්වට මොකද මේ හංසිත් නිකම් ඉන්නෙ නෑනේ. එක එක blog හොයාගෙන යනවා දවස පුරාවටම. ඔහොම ගිහින් අද මම කියෙවුවා අසහනකාරයෝ ගැන ලියවුනු post වගයක්. ඒ ටික කියවලා විනඩි 5ක් යන්න උනේ නෑ මගේ phone එකත් ring වෙනවා. වෙනදට no එක දන්නෙ නැත්නම් answer කරන්නෙත් නැති මම අද එක පාරටම call එක answer කරානේ. හේතුව නම් හරි අහින්සක හේතුවක්. මගේ යාලුවෙක් call කරාවි කියලා මම හිතුවෙ අද නිවාඩු දවස නිසා. මාත් ඉතින් කවුද කියලා ඇහුවා. හරියට ඇහෙන්නෙත් නෑ කැලේක ඉඳන් call කරනවද කොහෙද. නමක් කිව්වා. අහලවත් නෑ. එතකොට තමයි හිතුනේ යාලුවා නම් නෙවෙයි කියලා. මටත් තරහයි 84000ටම නැගලා. මම ඇහුවා කවුද no එක දුන්නේ කියලා. ඒකෙන් වැඩක් නැතිලු. මට වැඩක් නැත්නම් කාටද දන්නෙ නෑ වැඩක් තියෙන්නෙ. පුදුමෙ කියන්නෙ දීලා තියෙන්නෙත් මම දන්නම කෙනෙක් වෙන්න ඕන. මොකද මගේ no එක තියන අය ඇඟිළි වලින් ගණන් කරන්න පුලුවන් නිසා. බලමුකො දුන්නෙ කවුද කියලා  කවදා හරි දැන ගත්තොත් යාලුකමත් ඉවරයි ඔන්න.

ආහ් කිය කියා හිටපු එකත් අමතක උනා. මාත් ඉතින් ටිකක් විතර සැරෙන් කතා කරල cut කරලා දැම්ම. phone මේසෙ උඩින් එක තිබ්බා විතරයි ආයිත් ring වෙනවා. පිස්සෙක්. ටිකක් ring වෙන්න ඇරලා මාත් answer කරා. මෝඩි වගෙ. හැබැයි පොඩි idea එකකුත් ඔලුවෙ තියාගෙන. call කරපු කෙනාට අපි චමින්ද කියමුකො. මට මතක හැටියට කිව්වෙ ඒ වගේ නමක්.

මම- හෙලෝ.. ඇයි call කරේ?
චමින්ද- ඔයා එක්ක කතා කරන්න.
මම- මාව දන්නවද?
(කතාවක් නෑ)
      මේ මට වැඩ තියනවා. ඔයාලට වැඩ නැත්නම් මොනව හරි කරන්න. මේ no එකට ආයිත් කතා කරන්න එපා.

ඔන්න ඔහොම කියලා මාත් cut කරලා දැම්මා. මම දන්නෝනෙ පිස්සොන්ගෙ හැටි. හිතුවා වගේම ආයිත් call කරනවා. නොදන්න අයත් එක්ක කතා කර කර සල්ලි නාස්ති කරන්න හොර සල්ලි අච්චු ගහන කෙනෙක්ද මන්දා.. මටත් තරහයි. හැබැයි හිතපු විදිහටම වැඩ කරන්න වෙලාව හරි. නොදන්න no වලින් calls ආවම answer කරන්න එපා කියලනේ කියන්නෙ. ඒකට හේතුව කෙල්ලෙක් කියලා දැනගත්තම ආයිත් call කරනවමලු. එහෙම කිව්වෙත් කොල්ලෙක්ම තමයි. ඉතින් පිලිගන්න ඕනනේ. 

හොඳ එකක් කරන්නම් කියලා මාත් හිතාගෙන phone එක අරන් ගියා සාලෙට. මම ඉතින් TV එකත් එක්ක කිසි ගණු දෙණුවක් නෑනේ. අයියලා TV බලනවා. අද උත්පලවණ්ණා යනවනේ. මාත් ගිහින් ඇහුවා අයියේ පොඩි උදවුවක් කරන්න පුලුවන්ද කියලා. මම කිවුවා මේ call එකට answer කරලා කවුද කියලා අහන්න කියලා. අනේ පවු.. අයියා හෙලෝ කිව්වා විතරයි call එක cut කරලා. ආයිත් ගත්තෙත් නෑ.. ඔන්න ඕවටත් කියන්නෙ අසහනකාරයොන්ගෙ වැඩ කියලා.


මෙහෙම දේවල් මේ blog වල ඇවිදින පැංචියොන්ටත් වෙනවා ඇතිනේ.. ලියන පැංචොත් මෙහෙම වැඩ කරනවා ඇතිනේ.. ඒක නිසයි ඉතින් ලිවුවෙ..

19 comments:

රත්ගමයා

හැක් හැක් හැක්...අපිත් ඔහොම කරනවා....
ඒත් ඉතින් අපි අදුරන්නේ නැති දෙන්නෙක් නම් නෙමේ..මමයි එයයි..
හච් කපල් පැකේජ් එකට පින් සිද්ද වෙන්න ටීවී එකත් බලනවා ඔය විදිහට....

හංසි

ඒක නම් නරක නෑ. මේ වගේ වැඩ නොකරනව නම්.. අදුරන අය එක්ක විහිලු කරන්නෙ නැතුව කාත් එක්ක විහිලු කරන්නද? හැබැයි ඉතින් ඔහොම කියන අයත් sure නෑ. (පොඩි විහිලුවක්)

Bunny

ඔහොම කරලා නම් නැහැ.. අයියා පාර්ට් එක නම් කරලා තියෙනවා :D

Unknown

math ayiya part eka karala thiyenawa...habayi wade uthsanna wela waliyakuth giya..:D :D

කිඩෝ

හක් හක් මගේ ෆෝනියෙත් ඉන්කමින් විතරයි අවුට්ගොයින් නෑ වගේ තමා... අපේ අම්මගෙ ෆෝන් එකට දෙපාරක්ම ඔහොම වෙලා එකපාරක් සිම් මාරු කරා.. දෙවනි පාර කෝල් කරපු එකා කතාකරේ අපේ අම්මා A/L කරපු කෙල්ලෙක් කියලා හිතාගෙන මූට කිව්වට මූ පිලිගන්නෙත් නෑ... එක දවසක් මායි යාලුවො ටිකකුයි ගෙදර ඉන්නකොට මුගෙන් කෝල් එකක් ආවා මමත් ඉතින් අම්මට ආන්සර් කරන්න කියලා අනිත් පැත්තට ඇහෙන්නම කිව්වා කෝ අම්මේ ෆෝන් එක දෙන්න ඕකට දෙකක් කියන්න කියලා.. අරූ කට් කරා කට් කරාමයි තාම කෝල් එකක් නෑ... තව එකක් වුනා ලෑන්ඩ් එකට..

හංසි

@bunny- අයියා පාර්ට් එක කරා කිව්වට නෑ....

@දිලීප- වලිය ගියෙ phone එකෙන් නම් කමක් නෑ ඉතින්.

@කිඩෝ- නියමයි නියමයි.. අම්මලා එක්කත් ඔහොම කතා කරනවා නම් අපිට කොහොමද? පොළව පලාගෙන යන්න හිතෙන්නෙ ඇති කතා කරපු කෙනාට.

Dinesh

අපිත් ඉතින් ස්කොලෙ යන දවස් වල ඔහොම තමයි.. කාගේ හරි නම්බරයක් හම්බුනොත් ඉවරයි...

Janaranga Dewasurendra

අපෝ හොඳයි මම කියපු දේ අහලා හරි "Boot පිහාටු" බ්ලොග් එක.."ජෝක පිහාටු" වත් උන එක ගැන..එලකිරි

හංසි

@දිනෂ්-හි හී දැනගත්ත එක නම් හොඳයි දිනේෂ්.
@ජනරඟ-ඔයා මගෙන් ගුටි කන්නද හදන්නෙ ආහ්?? අනේ අනේ boot පිහාටු කිවුවා නේ..?? joke??? >:(

Anonymous

කියල වැඩක් නෑ............එල

Sandun

කියල වැඩක් නෑ............එල

හංසි

ඇනෝ cmnt එකත් සඳුන් අයියගෙන් කියලා හිතාගෙන thnx කිව්වම හරිද මන්දා...

Observer

හලෝ......මේ අර බ්ලොග් ලියන හාන්සි ද? සොරි හංසි ද?

හංසි

හාන්සි?? පොඩි මඩ පාරක් වගෙයි මට නම් පේන්නෙ. කොහොම උනත් මේ blog එක නම් මගේ තමයි. thnx මේ පැත්තෙ ආවට..

Yasantha Hennayake

කතාව 100%ක් ඇත්ත.. මගේ ගෑණු ළමය නම් ඒ වෙලාවෙම මට නම්බර් එක එවනවා.. මං ඉතින් හොදින් තෙරුම් කරල දෙනවා.. හොදින් බැරිනම්....

හංසි

හ්ම්ම්ම්... ඒක නම් හොඳයි. රණ්ඩු වෙන්න කලින් හොඳින් කියන එක.

Anonymous

මේවා ඉතින් සාමානෙන් කෙල්ලොන්ට වෙන දේවල් තමයි හේ හේ... එනිවේ ලස්සනට ලියල තියනවා...

දඩබ්බරී

මේ වගේ කේස් නම් අම්බානක මට සහ මගේ යාලුවන්ට වෙලා තියෙනවා... ඒ නිසාම දැනටම දඩබ්බරි සිම් දෙක තුනක්ම මාරු කරලත් තියෙනවා..හිකිස්‌..!

සංකල්ප

ඉස්සර මම යාළුවෙලා හිටපු කෙල්ලටත් ඔය දේම උනා. කවුද මන්දා රෑ දෙගොඩහරියේ කෝල් කරනවලු. මම් එයාට කිව්වා එන කෝල් එක මට ඩයිවර්ට් කරන්න කියලා. එයා ඩයිවර්ට් කලාට පස්සේ මම හොදවයින් ඇමතුවා. ආයෙම කෝල් ආවේ නෑ. :)

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..