1000ක් පිටු පෙරලුන දවස.
අද මටයි මගේ හංස පිහාටුවටයි විශේෂ දවසක්. මගේ හංස පිහාටුව පටන් ගත්තෙ මැයි 20. ඒ කියන්නෙ මගේ පිහාටුවට අද වෙත්දි වයස මාසෙකුත් දවස් දොළහක්. එක එක හේතු නිසා සමහර වෙලාවට ලියන්න අතපසු උනත් දැනට ලියපුවා 13ක් තියනවා. මේ වෙත්දි හංස පිහාටුව ඇදුම් 3ක්ම ඇන්දා. අද විශේෂ වෙන්නෙ මෙහෙමයි. බ්ලොග් එකක් පටන් ගත්තාම හැමෝම ආසයිනේ කියවන අයත් ඉන්නවා දකින්න. අද වෙත්දි මගේ බ්ලොග් එකේ පිටු දහස් වතාවක් පෙරළිලා. අලුත්ම කෙනෙක් උන මට ඒක ගොඩක්ම විශේෂයි. බ්ලොග්කරණයේ ප්‍රවීණයොත් මතක් කරලා බලන්නකො ඔයාලාගෙ මුල්ම කාලෙ. මේ හේතුව නිසාම මගේ බ්ලොග් එක හැදුන හැටි ගැන පොඩ්ඩක් කියන්න හිතුනා. අනාගතේ දවසක මට හරි මේක සිහිවටනයක් වෙයි නේ.
මට බ්ලොග් එකක් ගැන මුලින්ම අදහසක් දුන්නෙ සමීර රත්නායක කියලා මගේ මිතුරෙක්. fb එකේ දාන කවි බලලා තමයි මට එයා මේ අදහස දුන්නෙ. ඒත් එක්කම වගේ තවත් මගේ හිතවතෙක් අලුතින් බ්ලොග් එකක් පටන් ගමු කියලා මට කිව්වා. ඔන්න එයාගෙ බ්ලොග් එකේ තමයි මගේ නිර්මාණයක් මුලින්ම පළ උනේ. නම සඳහන් නොකරත් ඔයා මට පෙන්වපු මාර්ගයට ගොඩක් පින්. ඒ වගේම බොහොමත්ම ස්තූතියි. බ්ලොග් එකක් හදලා දෙන එක එයාටම බාර දීලා හිටපු නිසා මාස කිහිපයක් මේ වැඩේ අතපසු උනා. අන්තිමේදි මැයි 20 කියන දවසෙ මමම මේ වැඩේට අත ගැහුවා. හිතුව තරම් නම් අමාරු උනේ නෑ. සාර්ථකව කියලා කියන්න පුලුවන් විදිහට වැඩේ කරගත්තා.
මුළින්ම fb එකේ දාපු කවි වලින් පටන් අරගෙන දැන් නම් එක එක දේවල් ලියනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ මම මේක ලියන්නෙ මගේ සතුටට. ඒ කියන්නෙ ආත්ම තෘප්තියක් ලබන්න කරන වැඩක්. බ්ලොග් එක මුලින්ම බැලුවෙ මගේ හොඳම යාලුවා. එයා ගැන තමයි අර පෝස්ට් එක දාලා තිබුනේ. එදාම මට හැමදාමත් අත හිත දෙන 4 දෙනෙක් මගේ බ්ලොග් එක follow කරා. ඉශාරා, වරුණ, තරණි, මහේෂ්. විශේෂත්වය ඒ හතර දෙනාම බ්ලොග් ලියන අය නොවීම. ඒ වගේම දෙන්නෙක් මම පෞද්ගලිකව ඉතාමත් හොඳින් හඳුනන අය. ඉන් පස්සෙ seeker හැමදාමත් මම ලියන දේවල් කියවලා අත හිත දුන්නා. එයාව මම හොඳට අඳුර ගත්තෙ මගේ fb photo එකකට පණ්ඩිත cmnt එකක් දැම්මාට පස්සෙ. >:( මධුරංග, දිනේෂ්, $කුබුවි$ වගේ නම් දැනටමත් කටපාඩම් වගේ. ඒ කිසිම කෙනෙක් මම පෞද්ගලිකව නොහඳුනන එක විශේෂයි.
ඊලඟට හංස පිහාටුව දැන් ඇඳන් ඉන්න ඇඳුම හොයාගන්න ගොඩක් උදවු කරේ ජනරඟ. හැමදාමත් boot කිය කියා මට විහිළු කරාට O/L කාලෙ ඉඳන්ම එකට පන්ති වලදි හඳුනගෙන අද වෙත්දිත් හොඳම යාලුවෙක් උන ඔයාටත් විශේෂයෙන්ම ස්තූතියි කියන්න ඕන. (හැබැයි ඉතින් මගේ blog එක පැත්තෙ එන්නෙවත් නෑ කියලා දන්නවා. :p ) අද වෙත්දි මට අත හිත දෙන මගේ බ්ලොග් එක කියවන්න කැමතියි කියපු අය 33ක් ඉන්නවා. ඒ ඔක්කොටමත් ගොඩක්ම ස්තූතියි.
ආහ් තව එකක් කියන්නම ඕන. නීනු කියලා රෝස වලාකුළක් තියන කෙනෙක් ඉන්නවා නේද? එයාගෙ බ්ලොග් එක බලපු ගමන්ම තමයි මම බ්ලොග් එක හදන්න පටන් ගත්තෙ. තවත් කල් දාන්න බෑ කියලාම හිතුනා රෝස වළාකුළ දකිත්දි. එයාගෙ comment එකක් මේ වෙනතෙක් නොවැටුනත් එයාටත් ගොඩක්ම ස්තූතියි ඔන්න එයා කරපු නිහඬ සේවය වෙනුවෙන්. දුකා අයියාත් මුල් කාලෙදිම මගේ බ්ලොග් එක follow කරලා තිබුනා. කොහොම උනත් සතුටුයි ගොඩක්ම. ඔන්න මදුශාන්ලු 1000 වෙනි හිට් එක දුන්නෙ. එයා තමයි කිව්වෙ. මේ වෙත්දි වැඩිම වාර ගණනක් බලලා තියෙන්නෙ අසම්මත ප්‍රේමය 2 කියන පෝස්ට් එක තමයි. ඒක සත්‍ය සිදුවීමක් යම්තාක් දුරට වෙනස්කම් එක්ක තමයි ලියලා තියෙන්නෙ.
දෙරණ සින්ඩියෙ නම් දැනට මම ඉන්නවා. ඒ වගේම සිතුවිලි පවුර එක්කත් ඉන්නවා. ඒ ලැබුනු අවස්ථාවත් මට ගොඩක්ම වැදගත්. මට හිතුන හැටි ඉඳන් අද වෙනකම්ම සතුට, දුක, ජය, පරාජය වගේම නින්දා, ප්‍රශංසා එක්ක මම තාමත් ලියනවා. ලාභ අලාභ වලින් නම් වැඩක් නෑ. කොහොම උනත් සිතුවිල්ලකින් හරි ධෛර්යයක් උන හැමෝටම බොහොමත්ම ස්තූතියි.
ප.ලි.- යනවානම් කියලා යන්න යාලුවා.... කිව්වෙ ඒකෙදි මම කියපු සුදු පරවියොන්ගෙන් එක්කෙනෙක් නෑ. :( ඉතින් සුදු පරවි පැටවු එයාලගෙන් මට ලැබෙන්නෙ නෑ. යාලුවා නම් කරදරයක් නැතුව ඉන්නවා කියලා තොරතුරු ලැබුනා.
අසම්මත ප්‍රේමය කතාව ගැන තවත් සොයමින් පවතිනවා.
මඩ නාන්න ආයිමත් ගමේ යන්නත් හිතන් ඉන්නවා.
boot කවි කතාත් බොහෝ ප්‍රමාණයක් වැටෙයි. :p
ප.ප.ලි.- මගඇරුන දෙයක් තියනවා. මට දැනගන්න ලැබුනා මගේ කවියක් මාව අඳුනන්නෙ වත් නැති කෙනෙක්ගෙ wall paper එකක් විදිහට තියනවා කියලා. එයාටත් කාගෙන්ද ලැබිලාලු. සචිත් තමයි කිව්වෙ. අහත්දිත් ගොඩක් සතුටක් දැනුනා.
ඒ වගේම දඟකාර.කොම් ලියන සඳරු අයියාටත් ස්තූතියි හැමදාමත් web site එකට මගේ නිර්මාණ ඉල්ලනවාට. (අන්තිමේදි අයියාම මගේ කවියක් දාලා තිබුනා මම පරක්කු කරන නිසා.)
Subscribe to:
Post Comments (Atom)
18 comments:
1000 වෙනි පිටුව පෙරලුන වෙලාවේ ඔන්න මගෙනුත් සුභ පැතුම් පිළිගන්න.1000 පෙරලුනා වගේ 10000 ටත් ඉක්මනින්ම යන්න හැකියාව ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා.පිටු 1000 පෙරලුනාම තියෙන සතුට කොච්චරද කියල මාත් දන්නවා මොකද ලගදි පටන් ගත්ත මගේ බ්ලොග් එකෙත් ඔය කඩඉමට ආවේ මේ ලගදි :)
@ChammA- බොහොම ස්තූතියි ඔයාට. මුල්ම comment එක ඔන්න ඔයාගෙන් තමයි. ඉලක්කම් හතරක් වෙච්ච සතුට නම් ගොඩක් දැනෙනවා. ඔයාටත් සුබ පතනවා මේ ගමන්ම.
fb එකෙන් සඳුන් අයියා බුද්ධික මල්ලි මුලින්ම සුබ පැතුවා. ඒ දෙන්නාවත් මෙතනදි මතක් කරන්නම ඕන.
මගේ සුභ පැතුම් යාලුවා..ලොකු ගමනක් යන්න.........!!!
ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් .........
1000 * 1000 වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා ඕං එහෙනම්...සුභ පැතුම්...
හංසී නංගිට මගෙන් උණුසුම් සුභ පැතුම්.. මේ ගමන තව ගොඩාක් දුරයි.. හිත් තැවුල් කිසිවක් නැතිව ගොඩාක් දුර යන්න ලැබෙන්න කියලා පතනවා.. අපි කොහොමත් පිටිපස්සෙන් ඉන්නවනේ සපෝට් එකට..
සුභ පැතුම් හංස පිහාටුවට ඉදිරි ගමනට . . . :)
ඔන්න 1000 පිරෙන වෙලාවේ පිටු 10000 වෙන්න. ඊට පස්සේ 100,000 වෙන්නත් කියලා පතනවා. ඔයාගේ බ්ලොග් එකේ ඉදිරි ගමනට එකසිතින්ම සුබ පතනවා.
වැඩි වැඩියෙන් කමෙන්ට් ලැබිලා තව තවත් හිට්ස් ලැබෙන්නත් කියලා පතනවා. ඔය මධුරංග කියන එකා හැමදාම කියවන්න ඒවි. ඒ ගැන බයවෙන්න දෙයක් නෑ.
සුභ පැතුම්... :)
එන්න ටිඅක් පරක්කු වුනාට සමාවෙන්න, මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්
හංස පිහාටුවට තවත් පිටු 5000 ක්ම පෙරලෙන්නට වාසනාව උදා වේවා ........!!!!!
ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්...
දකින දකින සැම මෙහි එවා
මිතුරු මිතුරියන් සැම එක් වේවා
ලියන ලියන පොස්ට් වැඩි වේවා
වැඩි වැඩියෙන් පිටු පෙරළේවා..:)
හදවතින්ම සුබ පතනව නංගි..කියන්න වචන නෑ හරිම සතුටුයි...!!!
පිටු දාහක් පෙරලුව කියන්නෙ...හිතෙ කොච්ච්ර දෙයක් ඈතිද???තවත් ඉදිරියට පිටු ලක්ශ ගනනින් පෙරලන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා
www.batmark.tk - දැනුමෙන් සන්නද්ද වෙන්න මේකටත් ඇවිල්ලා යන්න
සුබ පැතුම් මුලු හදින්...
හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාලාගෙ දිරි ගැන්වීම් එක්ක තමයි මේ හංස පිහාටුව හැමදාමත් හැඩ වෙන්නෙ. comments දකිත්දි ලොකු සතුටක් දැණුනා. එකින් එකට cmnt කරන්න ගියොත් මටම ගොඩක් cmnts දාන්න වෙන නිසා ඔන්න එක පාරටම හැමෝටම කිව්වා.
හංස පිහාටුවට දඩබ්බරිගෙනුත් සුබ පැතුම්!!
දිගටම හංස පිහාටුවට පාවෙන්න ඉඩ දෙන්න..
@දඩබ්බරී- බොහොම ස්තූතියි ඔයාගෙ සුබ පැතුමට.
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..