Buscar

මී හරක් කවද්ද සබන් ගෑවෙ??



ඔන්න අද නම් ආවෙ මම ගමේ ගියපු වෙලාවෙ අත්විඳපු රසබර සිදුවීම් ටිකකුත් අරගෙන. කිරි අම්මාගෙ හදිසි අභාවයත් එක්ක අපි යත්දිත් මුලු ගෙදරම සෙනඟ පිරිලා. ඒ දවස් ටිකේ උන සිදුවීම් ටිකක් තමයි මේ ගෙනාවෙ. දුක හිතෙන ඒවා විතරක් බලධාරියා විසින් කපා හරින ලදි. දැනට අපේ පවුලට ඉතුරු වෙලා ඉන්න ලොකුම කෙල්ල මම තමයි ඉතින්. ටිකක් විතර ආඩම්බරෙන් තමයි කියන්නෙ. දැනට කිව්වෙ ඉතින් අක්කෙක් ඉන්නවා. එයා විවාහ වෙලා නිසා දැන් මම තමයි ඉතුරු අයගෙන් ලොක්කා. කොහොමටත් අපේ පවුලටම ඉන්නෙ කෙල්ලො 6 දෙනයි. කොල්ලො නම් ඉන්නවා ගණන් කරන්නත් බැරි තරමට. ඒකෙනුත් කෙල්ලොම දෙන්නෙක් ඉන්නෙ අපේ අම්මටයි තාත්තටයි විතරයි. ඔන්න ඔහොමයි අපේ පවුල.


දැන් ඉතින් මළ ගෙදරට ගිහින් මුල්ම දවසෙ විවේකයක් එහෙම අරන් ඊලඟ දවසෙ ඉඳන්ම අපිට වැඩ. :( වැඩ කිව්වට ඉතින් තේ, බිස්කට් දෙන්න තමයි. මම තේ හදන්න දන්නෙ නැති නිසා තේ හදන්නත් කරදර වෙන්න ඕන උනේ නෑ. ඔහොම ඉන්න ගමන් රෑට හොල්මන් කතා එහෙමත් කියනවා. විහිළු කතාත් කියනවනේ. තලගොයි පැටියා මැරුණ හැටි, එකා එකා කූඹි එහා රටට සාදයකට ගිහින් එන හැටි, පාල රට ගියපු හැටි වගේ අවසානයක් නැති කතාත් කිවුවා. ඒ වගේම මැජික් ටිකකුත් ඉගන ගත්තා. ගොඩනැගිල්ලකට හොරු පනින හැටි, ගල් කැට තුන ගානෙ අත් දෙකට අරන් ඔක්කොම එක අතකට ගන්න හැටි, ඒ වගේම රජ්ජුරුවරු හතර දෙනෙක්ගෙ කතාවකුත් වගේ කාඩ් සෙට් එකෙන් කරන දේවලුත් ටිකක් ඉගෙන ගත්තා.


අපේ අම්මලාගෙ පැත්තෙ චාරිත්‍රයක් නිසා නංගිටයි මටයි නම් මරණයේ අවසන් කටයුතු සිදු කරලා ඉවර වෙනකම් නාන්න නම් ලැබුනෙ නෑ. :( මළගිය කෙනාගෙ ලඟම නෑදෑයො මරණෙ ගෙදර තියෙද්දි නාන්න හොඳ නැතිලු. හැබැයි තාත්තලාගෙ ගමේ ඉන්න අය නම් නෑවා. භූමිදාන කටයතු ඉවර කරලා ආවාට පස්සෙ ඊලඟ දවසෙ ඉඳන් ඔන්න මටත් නාන්න අවසර ලැබුනා. එතනින් තමයි අපි ගමම පෙරළන්න පටන් ගත්තෙ. 


ඔන්න අපේ අත්තලයි දිහා තියනවා ළිං දෙකක්. ඒවගෙන් වෙලේ ළිඳට තමයි අපි හැමෝම ආස. කුඹුර මැද්දෑවෙ කට ගාවටම වගේ වතුර පිරිච්ච වෙලේ ළිඳ මාර ලස්සනයි. වෙල මැදින් තියනවා පාරත්. දැන් ඉතින් ගොයම් එහෙමත් කපලා ටික කාලයක් නිසා වෙලේ දුවන්න සෙල්ලම් කරන්නත් ඉඩ තියනවා. නාන්න යන්නෙ මායි නංගිලා තුන් දෙනයි මල්ලිලා දෙන්නෙකුයි. ඔය සෙට් එකට අපේ නංගි නම් එන්නෙ නෑ හැබැයි. චීත්ත 4 කුත් අරගෙන තමයි අපි යන්නෙ. චූටිම නංගියා තාම එක වසරෙ නිසා එයාට චීත්ත ඕනෙ නෑ. වැඩිපුර එකක් ගෙනියන්නෙ ඇඟ පිහින්න. වෙලාවකට වැඩිපුර චීත්තයක් ගෙනියන්නත් අමතක වෙනවා. 


ඔහොම ගිහින් අපි ඔක්කොටම එක්කෙනෙක් නාලා ඉවර වෙනකම් ඉන්නත් කම්මැලියි නේ. ඒ නිසා නියම වැඩේ තමයි මුලින් අපි සෙල්ලම් කරනවා. ඒ කියන්නෙ වතුර පනිට්ටුව අතේ තියන කෙනා අනිත් අය පස්සෙන් එලවගෙන ගිහින් එයාලට වතුර ගහනවා. ඒ අතරෙ තමයි අපිට නියම අදහසක් පහළ උනේ. වෙලේ තියනවා පොඩි මඩ වලක්. ඌරන්ට මොන සෞඛ්‍යද කියන කතාවත් ආදර්ශයට අරන් අපි කට්ටියම ඉතින් දැන් ඕකෙ මඩ වතුර පනිට්ටු පුරවලා අරන් ගහ ගන්නවා.. මඩ වලේ උඩ පනිනවා.. එක කෙළියයි. සමහර අය ඉතින් අපිට රවාගෙනත් යනවා එතකොට. ඒගොල්ලොම ගිහින් කේලනුත් කියනවා ගෙදරට. :( ඔහොම මඩ නාලා බලත්දි සබන් අරන් ඇවිල්ලත් නෑ.  ආපහු ගේන්න යන්නත් කම්මැලියි. ඉතින් දැන් මොනවා කරන්නද මී හරක් කවද්ද සබන් ගෑවෙ කියලා අපිත් නිකම්ම නාගන්නවා. ඔහොම නාගෙන එහෙම ගෙදර යත්දි හැමදාම 5 විතර වෙලා. කොහොමද ළමයින්ගෙ නෑම?? නෑම කියත්දියි මතක් වෙන්නෙ shampoo ගාලා ඇඟ සෝදන්නත් අපි දක්ෂයි. ඒක නම් උනේ මීට කලින් වතාවකදි.


දවසක් ඔහොම නාල ඉවර වෙන්න හදත්දිම තමයි පනිට්ටුව ළිඳට වැටුනෙ. කියන්න බොරුත් හදාගෙන ඔන්න අපි ගෙදරට ගියා. මම ඉතින් තාත්තාගෙ අහිංසක දූ පොඩ්ඩ නේ. මම ඉතින් හොරෙන්ම තාත්තා ලඟට ගිහින් උන දේ කිවුවා. තාත්තාත් පොඩ්ඩක් විතර රවලා බලලා (ඔයින් ගියා ඇති ) බාල්දිය අරගන්නම් කිවුවා. අපිත් හොර පූස් පැටවු ටික වගේ තාත්තාගෙ පස්සෙන් ගියා පනිට්ටුව ගන්න. වැඩියෙ ගැඹුර නැති නිසා යකඩ බටයක් දාල පනිට්ටුව ගත්තා. එදයින් පස්සෙ නම් ළිඳට යත්දි බණ අහන්න උනා. ඒ මදිවට වතුරෙ නටන්න බැරිවෙන්න චූටි මල්ලියාව අපේ පස්සෙන් එවුවා. fb එකේ මගෙ ඇල්බම් එකේ ඉන්නවා චූටි මල්ලියා. 


තව ඉතින් අපේ වැඩේ සෙනඟ අඩු වෙනකම් ඉඳලා හැංගිමුත්තම් කරන එක. හිනා වෙන්න එපා ඔන්න. පුටු ගොඩවල් අස්සෙ වී පෙට්ටිය අස්සෙ බාත් රූම් එකේ තමයි වැඩියෙන්ම හැංඟෙන්නෙ. මට නම් ලොකුම support එක දුන්නෙ ලොකු අයියා. bike එකකට මුවා වෙලා ඉඳලා ඇති උනාම ත්‍රී වීල් එක ඇතුලෙ හැංගුනා මාව හොයන්නම බැරි උනාම මටත් එපා වෙලා තිබුනෙ ඒ නිසා පුටුවක් උඩට වෙලා අන්තිමේදි වාඩි වෙලා හිටියා. ඔන්න ඔහොමයි හැංඟි මුත්තම්. 


මේවා අතරෙ වීදුරු පුරවලා සැලඩ් කාපුවා, බඩේ අමාරු හැදුන ඒවා නැතුව නෙවෙයි ඉතින්. කට්ටිය වීදුරු වලට පුරවගෙන සැලඩ් කත්දි අපි විතරක් කොහොමද බලන් ඉන්නෙ ඒ උනාට. හැබැයි ඉතින් ඔන්න අපි එක එක්කෙනා දිහා නම් බැලුවෙ නෑ ඔන්න. මොකද ඉතින් අපි බලන්න කලින් ගොඩක් කට්ටිය අපේ දිහා බලනවනේ ඒකයි. කොහොමත් අපේ අයියලා දැක්කොත් මහා සභා රැස්වීම් වලදි ඕවා එලියට එන නිසා ටිකක් පරෙස්සම් වෙන්න ඕන. මම ටිකක් දුර හිටියත් රේඩාර් පද්ධතිය මෙහෙටත් වැඩ. fb එකේ කවියක් photo එකක් පවා ඒ ගොල්ලො හොඳට අධ්‍යනය කරනවා කියලා මම දැන ගත්තෙ ලඟදි. එහෙම තමයි අයියලා උනාම ඉන්න ඕනෙ. 


කොහොම උනත් බැනුම් ඇහුවා හොඳටම. රවන එක තමයි පේන්නම බැරි. :( ප්‍රශ්නත් ඇති නොවුනාම නෙවෙයි. කොහොම උනත් කාලෙකට පස්සෙ හැමෝම එකම වෙලාවක හමු උනා.   

15 comments:

සංකල්ප

මලගෙයක් උනාට මේ කට්ටිය හොදට විනෝද වෙලා තියෙන හැඩයි. මොනා කරන්නද මෙච්චර නෑදෑ පිරිසක් එකතු වෙන්නේ මෙහෙම වෙලාවකට විතරයි නේ.

එක්කෝ මලගෙදරකට එක්කෝ මගුල් ගේකට. ඒ ඇරෙන්න නෑදෑ කට්ටිය ඔක්කොම සෙට් වෙන වෙලාවල් හොයන්න තරම් නෑ.

"මළගිය කෙනාගෙ ලඟම නෑදෑයො මරණෙ ගෙදර තියෙද්දි නාන්න හොඳ නැතිලු"

මම් මේ චාරිත්‍රය ඇහුවේ අදමයි. මමත් ඔහොම චාරිත්‍ර ගැන පෝස්ට් එකක් ලීවා. කැමති අය මෙතනට ක්ලික් එකක් දීලා කියවන්න.

හංසි

@මධුරංග- දුක් උන වෙලාවල් ගොඩක් තිබුනා. ඒත් ඒ අතරෙ ඉඩක් ලද සැනින් කරන වැඩ තමයි මේවා. මම නම් ඔයාගෙ පෝස්ට් එක කියෙව්වා. ගොඩක්ම වටින හරවත් දේවල් තියනවා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

අම්මලා නම් කියන්නෙ නාන්න තියා ඇඟ සෝදන්නවත් හොඳ නෑලු. :( ඉතින් මම හිටපු හැටි හිතාගන්නකො.

Dinesh

ගියේ මරණ ගෙදරකට උනාට කරලා තියෙන්නේ පිස්ස්සු වැඩ බලාගෙන යද්දී.. හැංගිමුත්ත වැඩේ තමයි මරු.. මෙය හැංගිලා ඉද්දි අනිත් අය වෙන වඩකට ගිහින්ද කොහේද.. :)

Unknown

මමත් ඔය චාරිත්‍රය ගැන නම් ඇහුවේ අදයි...
කට්ටිය මළගෙදරක් නෙවෙයි වගේ ගිහින් තියෙන්නේ :D

හංසි

@දිනේෂ්- හැංගි මුත්තම් මරු වෙන්නෙ කොහොමද දන්නවද? හොයන කෙනා කොහෙටද යන්නෙ කියලා බලං ඉඳලා අපි හැංගිලා හිටපු තැන මාරු කරනවා. කවදා හොයන්නද එතකොට. ලොකු අයියා ත්‍රී වීල් එක ඇතුලෙ මල්ලි කෙනෙක් එක්ක කතා කර කර හිටපු නිසා හොයපු නංගි හිතුවෙත් නෑ මම ඒක ඇතුලෙ ඇති කියලා.

හංසි

@ChammA- එහෙම නෙවෙයි ඉතින්.. ළමයි ඔක්කොම එකට එකතු උනේ ගොඩක් කාලෙකින්නේ. මරණෙ ගෙදර තියෙද්දි නම් අපි පිස්සු නැටුවෙ නෑ. හැමෝම අඬනවා බලාගෙන කොහොමද සෙල්ලම් කරන්නෙ? හැබැයි කරපු වැඩ වලට return එක විදිහට නැන්දලා මාත් එක්ක කතා කරෙත් නෑ. මළ ගෙවල් වල දඟලනවා කියලා.

බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවාට.

Asanka

අප්පේ මේ අදහස් කොහෙන්ද ගලාගෙන එන්නේ? එලම කිරි

Unknown

ඔන්න 1000 වෙනි හිට් එක මගෙන්.. :P :P
මල ගෙවල් වල ගියාම නටන කෝලං ගැනනම් කතා කරලා වැඩක් නෑ...පුලුවංනම් මැරුනු මනුස්සයා නැගිටලා ගහනවා අපේ කනට :P

හංසි

@අසංක දිනේෂ් ගුණසේකර- මේ පැත්තෙත් ඇවිත් ගියාට බොහොම ස්තූතියි. අදහස් නෙවෙයි මේවා අපි කරන වැඩනේ.

හංසි

@මදුශාන්- පොඩි පොඩි දඟ වැඩ විතරයි කරන්නෙ ඉතින්, මට කිරි අම්මාගෙන් බැනුම් අහන්න එකක් ලැබිලම නෑ. කලින් ගියපු වෙලාවෙ චීත්ත හොරකම් කරාට කිරි අම්මා නැගිටින්නත් කලින් ඒවා ඒ විදිහටම නවලා තියපු නිසා ඒ වෙලාවෙත් බැනුම් අහගන්න බැරි උනා.

මේ පැත්තෙත් ඇවිත් ගියාට බොහොම ස්තූතියි.

මකුළු පැංචි (මංචි)

අනේ මටත් වෙලක බැහැලා මඩ නාන්න ඕනේ................. :((((

හංසි

@මකුළු පැංචි- ඊලඟ පාර යත්දි මාත් එක්ක යන්න ඔයත් එන්නකො එහෙනම්. ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවාට.

KusH

නරකම නෑ දඟලිල්ල.........:))

මකුළු පැංචි (මංචි)

@හංසි: අනේ හා...අනේ ඔන්න මාවත් එක්ක යන්න ඕනේ....... :D

හංසි

@$කුබුවි$- ඉඩක් ලැබෙන්නෙ කාලෙකින්නේ ඒකයි.

@මකුළු පැංචි- හා හා... එහෙනම් අපි යමුකො ඔන්න ලෑස්ති වෙලා ඉන්න...

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..