තුරු ලතා මල් පිරුණු වන දහන නුඹම වේ
පෙර කළක මට සිසිල සුව සැදූ
පැමිණි ගිනි නුඹ දවා
ඉඩෝරෙට හසු වෙලා
දැවෙයි අද නුඹම කතරක් වෙලා
පැමිණ සැරිසැරුවෙමි යලිත්
කතරකැයි පැවසු මුත්
නෙක දනන්
දනිමි මා නුඹම බැව් වන දහන
මවා වැලි කුණාටුව
නොපෙළන්න නුඹ මාව
පැමිණියේ මා ඉතින්
තුරු ලතා මල් යලිත් තනන්නට..
මේක නම් කවියක් විතරක්ම නෙවෙයි. මගේම අත්දැකීමක්. යම් යම් හේතු නිසා විස්තර සහිතව කියන්න බැරි උනත් පැහැදිලි වෙන්නත් එක්ක කෙටියෙන් කියන්නම්.
ගොඩක් කාලෙකට පස්සෙ මට කෙනෙක් එක්ක කතා කරන්න ලැබුණා. ඒ වෙලාවෙ එයාගෙ ජීවිතේ එක දෙයක් ගැන මට කිව්වා. කලින් මම දැනගෙන හිටියත් එයාගෙම වචන වලින් අහත්දි එච්චර දැඩි හිතක් මේ තරම් දුක් විඳින්නෙ ඇයි කියලා හිතාගන්න බැරි උනා. මාත් එයාගෙ ජීවිතය වරද්ද ගන්න එක හේතුවක් උනා කියලා දැන දැනත් හිතේ තියන් ඉන්න බැරි නිසාම ඒ ගැන මතක් කරලා සමාව ඉල්ලුවා. කොහොම උනත් අන්තිමේදි එයත් මාත් එක ප්‍රශ්නයක් එක්ක හිර උනා. ( ජීවිතයේ ලොකුම පැරදීමක් අද හෝ කවදාහරි. වෙනස් වෙන්නෙ දවස විතරයි. ) වෙලාවකට මට දැනෙන්නෙ හැම පැත්තෙන්ම ආපු ප්‍රශ්ණත් එක්ක උන හැමදේටම එයා මගෙන් පලිගන්න හදනවාවත්ද කියලා. ඒත් මම දන්නවා එදා මම දැකපු හදවත තාමත් එයා ලඟ තියනවා කියලා. මොකද දන්නවද එයාගෙ අතීතයේ ගොඩක් දේවල් තාමත් ආදරණීයව මතක් කරන නිසා.
එයා කවදාවත් මගේ බ්ලොග් එක දකින්නෙ නෑ. ඒකයි මෙහෙම ලිව්වෙ.
8 comments:
ජීවිතයට හුරු පැරදුම හමුවේ....නොදොඩා ... නොසිතා බලා සිටින්නෙමි.
හ්ම්ම්ම්... ඒක නම් ඇත්ත. මම කිව්වෙ "ජීවිතයේ ලොකුම පැරදීමක් අද හෝ කවදාහරි. වෙනස් වෙන්නෙ දවස විතරයි. "
අහම්බෙන් හරි මේ පෙරලිලා තියෙන බ්ලොග් පිටුව දැක්කොත් එයා , මොනවා නම් හිතෙයිද . නේද . .
වැරදිලා හරි එයාගේ යාළුවෙක්හරි දැක්කොත් තමා වැඩේ.
ජීවිතේ මූනිච්චාවට හිනා වෙලා හිත ඇතුලෙන් දුක් විඳින ගොඩක් දෙනෙක් අද සමාජයේ ජීවත් වෙනවා. ඒ අයට ඒ දුක කියාගන්න කෙනෙක් නෑ. එහෙම කෙනෙක් හම්බවෙච්ච දාට මෙහෙම හරි දුක කියාවි.
මම එයාව දන්නව නම් ඇත්තමයි මේ ලින්ක් එක යවනවා..එතකොටවත් එයා වෙනස් වෙවි නේ... :O
අපි හැමෝම නොකිවට , අපි ජිවිතේ යම් කිසි දෙයකින් පැරදිච්ච උදවිය.
ජිවිතයේ දුක මේ යැයි නොදොඩා
නුඹ අබියස මා සිටිනෙමි නොහඩා
කවදා හෝ මට හිමි පැරදුම ගෙන
නික්මෙන්නෙමි මා සදහට නුඹ ගෙන් . .
මේ ජාලේ ඇතුලේ කිසිම දෙයක් කවුරුවත් නොදකීවියි කියලා හිතන්න එපා නංගී.. ඒත් එහම වෙන්න එපා කියලා මං හිතනවා...
@සුශාන්- හ්ම්ම්ම්.. ඒක නම් ඇත්ත. කොහොම උනත් පලිගැනීමේ චේතනාවක් තිබුනානම් ඒක නැති වෙයි.
@මධුරංග- එයාගෙ යලුවො කවුරුත් මං ගැන දන්නෙ නෑ. ඒ නිසා ඒ ප්‍රශ්ණෙත් නෑ. හ්ම්ම්ම්... එයාම කිව්වා එයා ගැන හිතලා වචනයක් හරි කියපු අය තව දෙන්නෙක් විතරයි ඉන්නෙ කියලා. ඒ නිසාම පොඩි හරි දෙයක් මාත් එක්ක කිව්වෙ.
@චතුමිතු- හ්ම්ම්ම්.. ලින්ක් එක යැව්වොත් සමහර විට වෙනස් වෙයි. ඒත් එහෙම නොවෙන්නත් පුලුවන්.
@සිතුමි- ඒකනම් ඇත්ත.. ඔයාගෙ කවියත් හරිම ලස්සනයි. ඒ වගේම ඒ අදහසත් මෙතනට ගොඩක් ගැලපෙනවා.
@දිනේශ්- ඔව් අයියේ. මම නොහිත්න විදිහට දකින්නත් ඉඩ තියනවා. ඒත් මම විශ්වාස කරනවා මේ කිසිම දෙයකින් එයාගෙ අනන්‍යතාවයට හානියක් නොවුන නිසා ගැටලුවක් ඇති කරගන්න එකක් නෑ කියලා.
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..