Buscar

ඉස්කෝලෙ කාලෙ කතා- චන්ඩිකම්



ඔන්න අද කියන්න යන්නෙ මම ඉස්කෝලෙ යන කාලෙ කරපු චන්ඩිකමක් ගැන. මම මිශ්‍ර පාසලකට ගියපු කාලෙදි තමයි මේක උනේ. ඉස්කෝලෙ මොකක්ද කියලා දන්නෝ දනිති. අපේ ඉස්කෝලවල ගුරුවරු ටියුෂන් ගුරුවරු එක්ක තියෙන්නෙ පුදුමාකාර තරහක් නේ. ඒ තරහා ළමයින්ගෙ පිටිනුත් යවන අය ඉන්නවා. මම ගියෙත් ඉස්කෝලෙ සර් ටිකක් අකමැති ගුරුවරයෙකුගෙ පන්තියකට. ගණිතය විෂය තමයි මේ ගුරුතුමා උගන්වන්නෙ. (හැබැයි මාත් අපේ ඉස්කෝලෙ සර්ට වරදින තැනක් බලන් ඉන්නෙ.) සර් මාත් එක්කත් ටිකක් විතර තරහයි. ටිකක් කියන්නෙ ඉතින් අපේ ගුරුතුමාගෙ ලිස්ට් එකේ මුලින්ම හිටියෙ මම. 



මගේ පන්තියෙ කොල්ලොත් මාත් එක්ක පොඩි තරහක් තිබුනා. මොකද ගුරුවරියකගේ නෑදෑ වෙන පුතෙක් ඉන්නවා අපේ පන්තියෙ.  මගේ මවු පාර්ශවයේ සම්පූර්ණ බලය මට තිබුණා එහෙදි. ඒ ගැන ඒ පිරිමි ළමයාගෙ හිතේ තිබුණ පොඩි ඉරිසියාවක් වගේ දෙයක් කොල්ලො ඔක්කොටම බලපාලා තිබුණා. ඕක තමයි අපේ තරහා. හැමදාමත් පන්තියෙ පළවෙනියා උනෙත් මම. ඒකත් සමහර අයට දිරවන්නෙ නෑනේ. ඔහොම ඉත්දි අපේ ගණන් සර් දවසක් පාඩමක් කරනවා. ඒකෙ දශම සංඛ්‍යා කියවනවා සර්. උදාහරණයක් විදිහට 0.67 සර් කියවන්නෙ බින්දුවයි දශම හැට හත කියලා. මාත් කොයි වෙලාවෙ වරදියිද කියලානේ බලන් ඉන්නෙ. මම කිව්වා නෑ සර් ඕක කියවන්නෙ ඔහොම නෙවෙයි බින්දුවයි දශම හයයි හත කියලා. කොහොම හරි ඔය කතාව දුර ගිහින් සර් මට ගහන්න කෝටුවකුත් කඩන් එන්න කියලා කොල්ලෙක්ව යැවුවා. :( ඒ ගොල්ලොත් බලන් හිටියේ මට හිනාවෙන්නනේ. දැන් කෝටුවත් ගෙනැත් ගහන්න තමයි ලෑස්තිය. මට කිව්වා අත දික් කරන්න කියලා. ඒවා කොහෙද ගුටි කන්න මම වැරදි දෙයක් කිව්වෙ නෑනේ. මම බෑ කිව්වා. බෑ කියලාත් නිකම් හිටියෙ නෑ. මම වැරදි දෙයක් කිව්වෙ නෑ කියලත් කිව්වා. කෙටි බිත්ති දෙපැත්තෙන් තියන පන්තියක් නිසා අනිත් පන්ති වලටත් පේනවා. සර් ගහන්නෙ නැතුව යන්න ලෑස්තිත් නෑ. මගේ අතින් අල්ලන් ගහන්නයි හැදුවෙ. 


හෆොයි මොන ලැජ්ජාවක්ද නොකරපු වැරැද්ද්කට කවදාවත් නැතුව ගුටි කන්න. ඊටත් මවු පාර්ශවයේ බලය තියෙද්දිත්. මටත් තරහයි හොඳටම. මම කරේ සර්ගෙ අතේ තිබුණ කෝටුව උදුරලා අරන් කඩලා විසි කරා. වැඩේ එච්චරම හොඳ නෑ තමයි. හැබැයි ඉතින් කෙල්ලෙක් චණ්ඩිකමක් කරපු මුල්ම අවස්ථාව. අන්තිමේ ඉතින් පන්ති භාර මිස්ටත් එන්න කියලා සර්ගෙ පාඩමේ ඉතුරු ටිකේ ලැබ් එකට වෙලා නම් ඉන්න උනා. (පන්ති භාර මිස් විද්‍යා ගුරුතුමියක් උන නිසා.) ඊට එහා දඬුවමක් නම් ලැබුණෙ නෑ. අම්මාටත් කියලා තිබුනා. සර්ගෙත් වරදක් නැත්තෙම නැති නිසා සර්ටත් ටිකක් ලැජ්ජයි කියලා පස්සෙදි හිතුනා. 


හැබැයි ඉතින් ඊට පස්සෙ නම් හොඳටද නරකටද මන්දා වරදක් නැතුව ළමයින්ට දඬුවම් කරන්න හදත්දි කිසිම ළමයෙක් නිහඬව දඬුවම් විඳින්න නම් ලෑස්ති උනේ නෑ. ගොඩක්ම ළමයි දඬුවම් කරන්න එපා කියලා සෘජුවම කියපු අවස්ථා අහන්න දකින්න ලැබුණා. හැබැයි ඉතින් කරපු පණ්ඩිත වැඩේ ගැන මටත් ලැජ්ජාවක් නැත්තෙම නෑ. මොකද දන්නවද කොහොම උනත් එච්චර කාලයක් ශාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේ හිටපු මම එක පාරටම හැපින්නක් උනානේ. 

21 comments:

සංකල්ප

ගුරුන්ට උනත් අකුරු වරදිනවා කියලා හිතන්න ඕනා. තමන්ගේ වැරැද්දක් පෙන්වලා දුන්නම ඒක පිළිගන්න තරම් නිහතමානිකමක් ඕන කෙනෙක් තුල තියෙන්න ඕනේ.

මට හිතෙන්නේ සර්ට තමන්ගේ වැරැද්ද තේරුනත් අර තියෙන තරහක් පිරිමහගන්න හැදුවා කියලා.ඊට පස්සේ ඔය සර් නංගි ගෙන් තරහා පිරිමහන්න ආවේ නැද්ද ?

නංගි අර විදිහට කෝට්ට කඩලා විසි කරපු එක නම් වැරදියි.

නංගි ගේ අම්මත් ටීචර් කෙනෙක් ද ?

Unknown

කෝටුව කඩලා විසිකරපු එකනම් හරිද මන්දා O.o
හැබයි ඉතින් ඔයාගෙත් වැරැද්දක් නැහැ නේ..
ඕවා ඔහොම තමයි ඉතින් ඉස්කෝලේ කාලේ..උදාහරණයක් විදියට පංතියේ දෙතුන් දෙනෙක් කරන වරදකට ඉතින් පාවලා දෙන්න බැරි නිසා පන්තියම ගුටි කන අවස්ථා .. :D

හංසි

@මධුරංග-ඊට පස්සෙ තරහා තිබුනා. ඒත් එක එක හේතු නිසා තරහා පෙන්නුවෙ නෑ. මගේ papers නොබලපු, ළකුණු අඩු කරපු වෙලාවල් තිබුණා. අවුරුදු 3ක්ම අපිට ගණන් ඉගැන්නුවෙ ඒ සර්. ඒත් අන්තිමේදි O/L paper එක බැලුවෙ සර් නොවුණ එක හොඳට ගියා.

කෝටුව කඩපු එක නම් වැරදියි තමයි. ඒත් ඒ දවස්වල පොඩියිනේ. ඒ ගැන ලොකු තේරුමක් තිබුණෙ නෑ. දැන් නම් තේරෙනවා. අපේ අම්මාත් ගුරුවරියක්.

හංසි

@ChammA- කෝටුව කඩපු එක වැරදියි.. ඒත් ඒක අයින් කරලා කතාව ලියන්න බෑනේ. :(

ඔව් ඔව්.. පන්තියම එකට ගුටි කාපු වෙලාවල් නම් ඕන තරම්. තණ කොළ උගුල්ලපුවා. punishment එකට කවි කට පාඩම් කරපුවා එහෙමත් තියනවා. මතක් කරනකොටත් හිනහයි.

සංකල්ප

@හංසි :
අම්මෝ ඔහොම සර්ලා නම් මට අනන්තවත් හම්බ වෙලා තියෙනවා. මොනා කරන්නද ඉවසගෙන ඉන්නවා. කිව්වත් වගේ සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්තර බලන්නේ වෙන අය හින්දා හොදා.

ඒ වගේම පෙරාපු රත්තරන් වගේ සර්ලත් හම්බවෙලා තියෙනවා.

එහෙම ඉන්න අය නම් අඩුයි. ඉදලා හිටලා තමා එහෙමත් සර්ලා ඉන්නේ. :)

ඔය ලින්ක් එකේ කතාව කියවලා මාව චාටර් කරනවා එහෙම නෙමේ. :)

හංසි

@මධුරංග- ඔව්.. ඒ සර් ප්‍රශ්න පත්‍ර බැලුවානම් මට අයිත් O/L කර කර ඉන්න වෙනවා campus එන එක කෙසේ වෙතත්.
ඒ මොකටද චාටර් කරන්නෙ ඉන්නකො කියවලාම බලන්න. එහෙනම් චාටර් කරන්න පුලුවන් දේකුත් ඇති.

පොඩි මෑන්

එල එල... එහෙම තමයි ඉන්න ඕනෙ.. :D

හංසි

@පොඩි මෑන්- හි හී ඉඳලා හිටලා මෙහෙම වැඩත් කරනවා ඉතින්. මේ පැත්තෙත් ආවට ස්තූතියි..

නාකියා

හංසි කෙල්ල එදා ඉදල තව වෙනකන් හැපින්නමද?
"ප" යන්නත් තියෙනවද මූණේ? ලොල්...

Unknown

ape skoleth ohoma wela panthiyama guti kawa..habai anthimata apita gahapu sirnam ita passe kawadawath scole innawa dakke na..:)

හංසි

ඒ කියන්නෙ ඔයාලත් සර්ට චණ්ඩිකමක් කරන්න ඇති. අනේ අනේ හොඳ ළමයි. හික්ස්Z..

Dinesh

වැරැද්දක් නැතුව කාටද ගුයි කන්න පුළුවන්.. මම නම් ඒ දවස් වල ඔය වගේ රණ්ඩු ගදා ගත්ත වෙලාවල් අන්තිමයි.. දෙපාරක්ම සර් ගහද්දී අතින් අල්ලලා නැවැත්තුවා.. හැබැයි එදායින් පස්සේ නම් කවුරුවත් මුකුත්ම කිවවුවේ නෑ..

හංසි

දිනේෂ් අයියාත් එහෙනම් චණ්ඩියෙක්. නියමයි නියමයි. පොඩි පොඩි චණ්ඩිකම් කරලා තියනවා වගෙයි කවුරුත්.

Dinesh

ඔව් ඔව්.. එකනම් ඇත්ත... ඊට ටික කාලෙකට පස්සේ මාව හෙඩ් ප්‍රිෆෙට් කලා... ඊට පස්සේ ඉතින් ලයිසන් චන්ඩි තමයි... :)

හංසි

අනේ පව්... ළමයි ගුරුවරු ඔක්කොම බය කරන් ඉන්න ඇති එහෙනම්.

KusH

බලාගෙන යද්දි හංසිත් හොඳ කෙක්කක් තමයි.........සර්ලගෙනුත් ගේම ඉල්ලලා........:P

දඩබ්බරී

කෝටුව කඩපු එක ටිකක් හොද මදි උනත් ඔය කරපු දේ හරි..සර්ට එයාගේ වැරැද්ද තේරුම ගන්න බැරුව ඔයාට දඩුවම් කරන්න ගිය එක නම් අන්තිම වැරදි..ඒ නිසා ඔයා කරපු දේ හරි..හිකිස්‌! (අපි ළමයි නරක කරනවද මන්ද :P)

හංසි

$කුබුවි$- කෙක්කක්??? ඔව් ඔව් ටිකක් විතර. හැබැයි මම කාගෙන් වත් ගේම ඉල්ලුවෙ නෑ.

දඩබ්බරී- අපෝ මෙන්න මේ දඩබ්බරී නරක ළමයින්ට හොඳයි කියනවා.. හික්ස්..! ඒකත් හරි. එයත් දඩබ්බරී නේ.

සරත් ලංකාප්‍රිය

අම්මෝ කොච්චි කරලක්නේ..

Anonymous

මේ ෆොටෝ එකක් එවන්නකො! (බයවෙන්න එපා! මල්පහන් තියන්න! :D ) [පොඩි විහිලුවක් කලේ අෑ]

සුපුන් විශ්වජිත්

මටත් ඔයවගේ ම ගැටලුවක් ගණිත ගුරුවරයෙකුගෙන් තියෙනවා ටියුශන් හින්දා.......
අපේ අම්මත් ඒ ඉස්කෝලෙම ටීච්ර් කෙනෙක්.......

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..