Buscar

අපි තවමත් මේ දුර ඇයි මගේ සිතැත්තී...



දයාබරව නුඹේ හදට
ළං වීලා ලඟින් ඉන්න
නුඹෙ හදවත මට දෙනවද
සොඳුරු සිතැත්තී...

අමාවකේ පායන තරු
මුලු අහසට එලිය දේවි
ඒ තරු ඇස් නුඹේ නොවෙද
සොඳුරු රුවැත්තී...

සිතිජය ලඟ මුලු අහසම
සයුර වැළදගෙන තියෙද්දි
අපි තවමත් මේ දුර ඇයි
මගේ සිතැත්තී...


(ගොඩක් දවසකින් අලුතින් මොනවත් ලියන්න බැරි උන නිසා, මේ පැත්තෙ එන්නත් බැරි උන නිසා, කලින් fb එකේ දාපු කවියක් බ්ලොග් එකටත් දැම්මා.)

11 comments:

රත්ගමයා

මඤ්ඤන් කවියක් කියන්නද මමත්

හංසි

@රත්ගමයා- කියන්න කියන්න මල්ලි මොකක් උනත් කවියක් නම් කමක් නෑ.

සංකල්ප

අම්මෝ ගොඩ දවසකට පස්සේ තමයි පෝස්ට් එකකින් දකින්න ලැබුනේ. කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ !!!!

කවි ටික ලස්සනයි. තමන් ආදරේ කරන කෙනාත් එක්ක ඉන්න තියෙනවනම් ආයේ වෙන මොනවැයි ඕනේ.

හංසි

@මධුරංග- ඔව්... ගොඩාක් දවසකින් මේ පැත්තෙ ආවෙ. දැන් ඉඩක් ලැබුණ ගමන් ගමේ යනවනේ. එහෙට 3G සිග්නල් නෑ. :(

ඇත්තමයි අයියේ.. තමන් ආදරේ කරන කෙනා දකින එක, කතා කරන එක, ලඟින් ඉන්න එක, තරම් සතුටක් වෙන නෑ.

Yasantha Hennayake

කවියක් කිව්වට ගීතයක පද වැල් වගේනේ.. ලස්සනයි.. මෙලඩියක් දාමුද??

Unknown

යසයා කිව්වා වගේ සිරාවටම සිංදුවකට නම් කියපු පදවැල් ටික...
මිට පස්සේ ගමේ සිග්නල් තියෙනේ පැත්තක් හොයාගන්න..ගොඩ කාලෙකින් පොස්ට් එකක් දැක්කේ..

හංසි

@යසයා- මෙලඩියක් දාමු. (අහන්න අය ඉන්නවනම්) :D ගොඩක් ස්තූතියි..

හංසි

@ChammAහි හී.... ගොඩක් ස්තූතියි.. මේක ලියලා නම් ටිකක් කල්.

ඔව්... සිග්නල් තියන පැත්තක් හොයාගෙන පැලක් වත් හදා ගන්න ඕන. මටයි මගෙ ලැප් එකටයි ඉන්න.

හිම හංසි

ලස්සනයි අක්කියෝ.අපි නම් ළo වෙන්න බෑරි තරම් දුර.මොනව කරන්නද ඉතින්.

Unknown

කෙවිය ලියලා තියන ආරෙන් කව්යෙ කෙලිලොල් බව නම් හොඳට දැනෙනවා.. හරිම නැවුම්!! එත් කෙලිලොල් ආරෙට තිබ්බට මෙකෙ කියන්නෙ දුක් කතාවක් නෙද?? එකට මං හරි කැමතියි..! ඇත්තමයි බ්ලොග් එකක මෙච්චර හොද කවියක් දැක්කමයි මං.. ගොඩාක් ලස්සනයි.....

…අනෙ මංදා... මගෙ කොමෙන්ට් එකෙන් කවියට නිග්‍රහා වේයිද දන්නැ...;) එ තරමටම මෙක හරිම ලස්සනයි...

සරත් ලංකාප්‍රිය

අපුරුයි.. හොඳ තනුවක් දාල ගත්තොත් නැගල යන ගීතයක් වෙයි..

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..