Buscar

දිනක එමි මා නුඹව සොයාලා...




දුර අහසෙ දඟ කරන
හඳ හාමි ගෙනැත් දුන්
තරු අතරෙ සිනාසෙන තරු දෙනෙත
නුඹෙ තමයි...
ගී කියන සියොතුනේ
සමනළුනි කිව මැනේ
ඒ දෙනෙත කොතනකද
සැනසෙන්නෙ කියාලා...
මගෙ දෑතෙ රැදෙන්නට 
වරම් නැතිමුත් නුඹට
මගෙ සෙනෙහෙ ඇත හදෙහි පිරීලා...
නොහඬන්න මගෙ මැණික
සිහින දැක නිදියන්න
දිනක එමි මා නුඹව සොයාලා...

10 comments:

සංකල්ප

ලස්සන කවි සිතුවිල්ලක් !!!
මට මොනවද කියන්නේ කියලා හිතාගන්න බෑ. ලස්සනයි. සමනලුන්ගෙන් තමයි අහන්න වෙන්නේ :)

නාකියා

දරුවා දාලා රට ගියපු අම්‍මලාට බහුලව සිතෙන සිතුවිල්ලක්..

නියම පද ගැලපුමක්..

රත්ගමයා

මරු :)

පිස්සු පුසා

ඇත්තටම ලස්සනට ගලපලා තියෙනවා

Unknown

මරේ මරු... +1 :)

සිත් අහස

හරිම ලස්සන කවියක්... මොනව කියන්නද හිතාගන්න බෑ

Shani (ශානි)

ගොඩාක් ලස්සනයී හන්සි,,,, :)

දඩබ්බරී

ලස්සනයි හංස පිහාටුව..

සරත් ලංකාප්‍රිය

දුර අහසෙ
සිනාසෙන
තරු දෙනෙත
බෝ දුරයි
ලඟින් ඇති
පහන් නෙතු
ඔබෙ ලොවට
එලිය දෙයි..

KusH

පද ගැලපුම සුපිරියි......:)

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..