Buscar

මගේ සුදු මැණිකේ..



සුදු මැණිකෙ කියන්නෙ මගේ ජීවිතේ මට ලැබුනු වටිනාම තෑග්ගක්. ඒකට හේතු ගොඩක් තියනවා. මගේ සිඟිති නැති උනාට පස්සෙ මට අහම්බෙන් වගේ ලැබුණු ඒ වගේම ගොඩක් අමාරුවෙන් ලබාගත්ත පුංචි හා පැටියෙක් එයා. ඇස් දෙක වගේ බලාගන්න කියලා දීපු හා පැටවු දෙන්නා මට දෙන්න බෑ කියලා තියෙද්දි, එක හා පැටියෙක් පූසෙක් අල්ලන් ගියාම අනිත් හා පැටියාව මට දුන්නා. ඉතින් දැන් මම එයාව ගොඩාක් ආදරෙන් ඇස් දෙක වගේම බලාගන්නවා. (මගේ ඇස් දෙක වගේ නම් නෙවෙයි. මොකද මගේ ඇස් දෙකට මම ඒ තරම් ආදරේ නැති නිසා.)


සුදු මැණිකෙට මම ආදරේට සුද්දො කියලාත් කියාවා. අපේ නංගි නම් තරූ කියනවා. එතකොට තමයි මට තරහා යන්නෙ. මගෙ සුදූට තරූ කියන්න ඕනෙ නෑනෙ එයාට. කොහොම උනත් මගෙ සුදූට මම ගොඩාක් ආදරෙයි. මම ඇති කරන හතර වෙනි හා පැටියා ඔයා. ඒ උනාට ඔයාගෙයි මගෙයි ජීවිත සම්බන්ධ කරපු බැම්ම නිසාම මට ඔයා ගැන ලොකු බැඳීමක් දැනෙනවා.


අපේ අත්තා හදිසියෙම නැති වෙලා කියලා දැනගෙන ඔයාව තියලා යන්න තැනක් නැති නිසා ඔයාව ගමේ එක්කන් ගියාම ඔයාව බලාගන්න කියලා මම මාලනී නැන්දලාගෙ ගෙදරට දුන්නෙ මළ ගෙදර ඔයාව තියාගන්න අමාරු නිසා. එදා ඉඳන් අද වෙනකල්ම ගොඩාක් ආදරෙන් බලාගෙන අද ඔයාව ආපහු අපිට බාරදෙන්න දුකින් අඬන්න තරමට මාලනී නැන්දා ඔයාට ගොඩාක් ලං වෙලා තිබුනා. ඒක මට ඔයාව බලන්න එහෙ ගියපු හැමදාකමත් දැනුනා. ඔයාට පුතේ කියලා කතා කරද්දි, මගේ දරුවා කියලා ඔයා ගැන කියත්දි, ඔයා ගැන මගේ හිත සතුටින් පිරුණා. 


හා පැටියාගෙ අයිතිකාරයා ගොඩක් අය ඉස්සරහ හා පැටියා එයාගෙ කියත්දි මගේ හිතට දැණුනු හැඟීම කියාගන්න බෑ. හැමදේම වෙලා ඉවරයි. ගමට අපිව බැඳගෙන තිබුණු ලොකුම බැඳීමත් ලිහුණා. ගමට මාව බැඳගන්න තිබුණු එකම බැඳීමත් මට අයිති නෑ කියලා දැණුනා. ඒත් හැමදේම අතරින් ඔයා මට සිහිවටනයක් වෙලා. හැමදේම අලුත් කරන්න මගේ ලඟ ඔයා ඉන්නවා. ඉතින්, හැමදාමත් ඔයා මගේ ජීවිතය අලුත් කරාවි. හැමදේම නැතත් මට ඔයා ඉන්නවා. මගේ සුදු මැණිකේ...


(මගේ සුදු මැණිකෙගෙ ෆොටෝ එකක් ඉක්මනටම දාන්නම්. ඩේටා කේබල් එක නැති නිසා ෆොටෝ එකක් දාන්න විදිහක් නෑ. )

5 comments:

Dinesh

හරිම අපූරු සෙනෙහසක්..
මේ බෑක්ග්‍රවුන්ඩ් එකනම් හොදයි නංගී...

සංකල්ප

පුදුම සෙනෙහසක්. අපේ ගෙවල් වල නම් ඔය වගේ සත්තු ඇති කරන්න බෑනේ. :(
ඉක්මනටම ෆොටෝ දෙක තුනක් දාන්න.

හංසි

@දිනේෂ්- ඇත්තටම මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. ඒත් මේ ආදරේ ඊට වඩා ගොඩක් වෙනස්. මට ආදරේ කරන්න අයිතියක් නැති කෙනෙක් වෙනුවෙන් මම මේ හා පැටියාට ආදරේ කරනවා.

අයියා කියල තිබුනානේ බැක්ග්‍රවුන්ඩ් එක ගැළපෙන්නෙ නෑ කියලා. මටත් ඒක නම් හිතුනා. ඒත් මම ඒකට ආස නිසයි තියලා තිබුනෙ. ඔන්න ඊයෙ ආපු ගමන් මම වෙනස් කරා.

@මධුරංග- අපේ ගෙදරත් එළියට දාලා නම් ඇති කරන්න බෑ. අපේ චූටි ඇතුලු පාබල හමුදාවම ඉන්නවනේ.. ගේ ඇතුලෙ නම් ඇති කරන්න පුලුවන්. මේ දවස් වල නම් එයා ඉන්නෙ බෝඩිමේ. මගේ ලඟම එයාව තියාගන්න ආස නිසා මම එයාව ගෙදර තියන්න හිතුවෙ නෑ තාම.

ෆෝන් එකේ නම් ෆොටෝ තියනවා. ගෙදර ගියපු ගමන් දාන්නම්.

N N K

මම හැම දම කියනවා වගේ ජීවිතේට ආදරේ ඕන එක ලැබෙන්නේ කාගෙන්ද කියන එක වැදගත් වෙන්නේ නැ. නමුත් ආදරේ කරද්දී කවද හරි ඒ ආදරේ තමන්ගෙන් ඇත්වෙනවා කියල දැනගෙන ආදරේ කරන එක තමා නුවනට හුරු. කොහොම උනත් ඔයාට මම කිවුව පොටෝ එකක් දන්නා කියල තම නැ.:(:(:(. කොහොම හරි ඔයා තවත් ගමේ යන්නේ නැත්නම් තමයි හොද...

හංසි

@NNK- ආදරේ ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත් ආදරේ කරන්නෙ මමම ඒ ආදරේ නැති කරගත්ත නිසා වෙන්න ඇති. දැන් නම් ෆොටෝ 2ක්ම තියනවා. මම ගෙදර ගියාම ඔයාට එවන්නම්. හැබැයි ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එක නම් පැහැදිලි නෑ. ගමේ ගියේ නෑ කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ.. අවුරුදු 5, 6ක අතීතයක් මෙච්චර කල් අමතක නොවුණේ ගමේ ගිහින් නෙවෙයි නේ.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..