skip to main |
skip to sidebar
මගේ හොඳම යාලුවාගෙ විවාහ ජීවිතයට සුබ පතන්න අද මේ බ්ලොග් එකෙන් ඉඩක් ගන්න හිතුනා. අද එයාලාගෙ අවුරුද්ද නේ.. ගොඩාක් කාලෙකට පස්සෙ එයාට කතා කරේ අවුරුද්දට සුබ පතන්න. එතකොටයි මම දැනගත්තෙ මටත් හොරෙන්ම එයාගෙ වෙඩින් එක අරගෙන. :( මට හොරෙන් නම් නෙවෙයි. එයාගෙ ලඟ මගේ නම්බර් එක තිබුනෙ නැතිලු. හොයලා හොයලා අන්තිමේදි තව යාලුවො තුන් දෙනෙක්ට විතරක් කියලා. ඒත් මම ගොඩාක් ආසවෙන් හිටියෙ එයාගෙ වෙඩින් එකේ එයා මනමාලියෙක් වෙලා ඉන්නවා බලන්න. අපි හැමදාමත් කතාකරත්දි කියන්නෙ අනිවාර්යෙන් වෙඩින් එක නම් කියන්නම ඕන කියලානේ. එයා පොරොන්දු වෙලා හිටියෙ අනිවාර්යෙන් අපිට නොකියා වෙඩින් එකක් ගන්නෙ නෑ කියලත්. ඒත් දෛවය සමහර දේවල් වෙනස් කරනවානේ. මගේ යාලුවෙක්ගෙන් අහපු පළවෙනිම වෙඩින් එක මගේ හොඳම යාලුවාගෙන්ම අහන්න ලැබීමේ සතුට විඳින ගමන් තමයි මේ පෝස්ට් එක ලියන්නෙ.
එයා යෙස්මින්. මට මුලින්ම හමු උනේ අජිත් සර්ගෙ ඉන්ග්ලිශ් ක්ලාස් එකේදි. ශෝල් එකකින් ඔලුව වහගෙන හිටපු හඳක් වගේ මූණක් තියන ලස්සන අහිංසක කෙල්ලෙක් එයා. මාත් එයාගෙ ලඟින් වාඩි උනාම නුහුරු විදිහට සිංහලෙන් කතා කරා. එදා ඉඳන් හැමදාමත් එයයි මායි හොඳම යාලුවො. සුනාමියෙන් අපේ සර් නැති උනාට පස්සෙ අපි ආයිත් මුණගැහුණෙ ඉස්කෝලෙදි. ඉස්කෝලෙ පන්ති වලදි එයා කොමස් කරේ. මම මුල් අවුරුද්දෙ සයන්ස් කරේ. සයන්ස් කරන කාලෙ සුහාරා, ෆස්මිනා, හයිෂිමා, මම තමයි පන්තියෙ හිටපු හොඳම යාලුවො. දෙන්නෙක් මුස්ලිම් දෙන්නෙක් සිංහල. යෙස්මිනුත් ඉන්ටවල් එකේදි කෑම එකත් අරන් දුවගෙන එනවා අපේ පන්තියට. ඊට පස්සෙ මම ආර්ට් ක්ලාස් එකට මාරු උනාට පස්සෙ පන්ති කට් කරේ, පරිසර සංගමේ වැඩ වලට ගියේ, අපි දෙන්නම එකට. ඒ නිසා බැනුම් අහපු වෙලාවලුත් අනන්තයි. ඒත් අපේ යාලුකම හරි පුදුමයි. මේ ලෝකෙ ජාති ආගම් භේදයක් තියනවාද කියලා හිතාගන්න බැරි තරමට අපි යාලුවො. අපි දෙන්නම වූ ෂූ කරා කිව්වොත් සමහර අය පුදුම වෙයි. මම ගැන නෙවෙයි යෙස්මින් ගැන. :D
ඒ දවස් වලත් හැමදාම අපි හීන ගැන කතා කරා. එයා ගොඩාක් ආස උනේ ඩොක්ටර් කෙනෙක්ට. ඒක එයාගෙ ලස්සනම ලස්සන හීනයක්. (මම නම් හැමදාමත් හිත ගිය තැන මාලිගාව කියලා හිතපු කෙනෙක් නේ. සඳුදාත් මම මගේ කැම්පස් එකේ හොඳම යාලුවා අනූ ගෙන් බැනුම් ඇහුවා හිත ගිය තැන මාළිගාව කියන්න ගිහින්.) ඒත් අද එයා විවාහ වෙලා තියෙන්නෙ ඩොක්ටර් කෙනෙක් නොවුනත් ගොඩක් ආදරෙන් එයාව රැක බලාගන්න හොඳ කෙනෙක් එයාට ලැබිලා ඇති.
අපේ යාලුවො හැමෝගෙන්ම විතරක් නෙවෙයි මගේ ජීවිත කාලෙටම දැකපු ලස්සනම ලස්සන ඇඟිළි තිබුනෙ යෙස්මින්ට. හරියටම චිත්රයක් වගේ. අපි හැමෝම මරතෝන්ඩි ගාපු ලස්සන දිග ඇඟිලි දිහා බැලුවෙ ලෝබකමට වගේ. ගැහැණිය කියන එකට ලස්සනම ලස්සන ප්රතිරූපය එයා. ලස්සන, ගතිගුණ, කතාබහ, හැම අතින්ම එයා පෙරදිග කාන්තාවක්.
යෙස්මින් කියන කෙනා ලබන්න තරම් ඒ අයියා ගොඩාක් වාසනාවන්තයි. එයාගෙ ඉදිරි ජීවිතය හැම අතින්ම සාර්ථක ලස්සනම ලස්සන ජීවිතයක් වෙන්න කියලා මම මුළු හදවතින්ම සුබ පතනවා. එයා වගේම ලස්සනම ලස්සන පුංචි දෝණියෙක් බලන්න දැන් නම් තියෙන්නෙ පුදුම ආසාවක්.(පුතෙක් උනත් කමක් නෑ... ඔන්න ඉස්සර වගේ ලැජ්ජාවෙන් හිනා වෙනවා එහෙම නෙවෙයි.) එයා ආන්ටි කියලා මටත් කතා කරාවිනේ එතකොට. :) ඔයාට සුබ අනාගතයක්...!!
ප.ලි- මේ පින්තූරෙ ඉන්නෙ යෙස්මින් නම් නෙවෙයි. එයාගෙ පින්තූරයක් වෙනුවට මට දාන්න පුලුවන් හොඳම පින්තූරෙ මේක විතරයි.
ප.ප.ලි- අපිත් ගෙදර හිටපු කාලෙ ඉවර වේගන වගෙයි එන්නෙ. :(
9 comments:
යාලුවා නම් ඉතින් ඔන්න සුභ මංගලම් කියලා එයාගේ ලොකෙට ගිහින්.. ඒ කියන්නේ හංසි ගේ කාලෙත් හරි කියන එකද?????
@දේවාගේ අඩවිය- ආ.. නෑ නෑ අයියේ. එයා ගියා කියන්නෙ අපිටත් තව ගොඩක් කල් ගෙදර ඉන්න ලැබෙන්නෙ නෑ කියලා මටත් මතක් උනා ඉතින්. හැබැයි මම යන්නෙ නෑ දැන්ම.
යාලුවාගේ පොඩ් එකා හංසිට ඇන්ට් කියනකම් තමයි මම නම් බලාගෙන ඉන්නේ :D :D
යාලුවට නම් මේ අවුරුද්ද ගොඩක් හොද වෙන්න කියලා මාත් ඔන්න සුභ පතනවා :)
ඒ කියන්නේ යාළුවගේ වෙඩින් එක ඉවරයි. යාලුවට අපිත් සුභ පතනවා. එතකොට ඔයාගේ එකත් ලගදීම ඒවිද ? යාළුවා ඔයාට කර විදියට කරන්නේ නැතුව අපිටත් කියන්න හොදේ...... බ්ලොග් එකට අන්දපු අලුත් ඇදුම ලස්සනයි රාමසාන් නිසාද ??
@ChammA- ආහ්හ්... මටත් වඩා මෙයාලානේ ආස මට ආන්ටි කියනවා අහන්න. :p එයා ආන්ටි කියනවාට මම නම් ගොඩක් ආසයි. මෙයාලා මට විහිලු කරන්න බලන් හිටියාට. ගොඩක් ස්තූතියි ඇවිත් සුබ පැතුවාට.. :)
@NNK- මගේ වෙඩින් එක නම් දැන්ම එන්නෙ නෑ. කවුරු හරි හොඳ කෙනෙක් හොයාගන්නත් ඕනනේ. හිත ගිය තැන මාළිගාව වෙයිද දන්නෙ නෑ. ඒ කාලෙදිත් වෙඩින් එක කියන්න තරමට හොඳ යාලුවො විදිහට ඉන්න ලැබෙන්න කියලා මාත් ප්රාර්ථනා කරනවා.
ඇඳුම ඇන්දුවෙ අද නෙවෙයි... ඔයාගෙ බ්ලොග් බබාටත් උපන්දිනේට මම ඇඳුම් එව්වානේ. ගොඩක් ස්තූතියි..
ඔන්න මමත් ඔයාගේ යාලුවාගේ විවහා ජිවිතයට සුබ පැතුවා කියලා කිව්වා කියන්න.
අද එයාලගේ ගෙවල් පැත්තේ එහෙම ගියා නම් රහට කෑම ටිකක් කන්න තිබ්බා.
ඒ පැත්තේ ගියේ එහෙම නැද්ද ???? හික්ස් :)
ඔන්න හාන්සි නංගි බදිනවනම් අපට කියන්න ඕඅන හරිද. නංගිගේ බ්ලොග් අඩවිය කියවන කට්ටියනේ අපි !!!
@මදුරංග- ඒ පැත්තෙ යන්න විදිහක් නෑනෙ අයියෙ දැන් මම ගෙදර නෙවෙයි නේ ඉන්නෙ. ගිය අවුරුද්දෙ විතර ගියාට පස්සෙ එයාලගෙ ගෙදර යන්නත් බැරි උනා. ගියා නම් අනිවාර්යෙන් ජෙලියි, බීමයි ලැබෙයි මොනවා නැතත්.
තව ගොඩක් කල් තියනවා මට නම්.. කියන්නම් කියන්නම්. :D
හොඳම මිත්රයෝ ලැබෙන්නේ තමුන්ගේ ජාතියෙන් නෙවෙයි කියල මමත් විස්වාස කරනවා. මගේ හොඳම මිත්රයෝ එහෙමයි.. ජාතියක් කියල තියෙන්නේ සම්මතයක් විතරයි කියල කියන්න වෙන සාධක මොකටද ?
හංසී කියන්නේ ගොඩාක් හොද යාලුවෙක්.. එක මන් හොදටම දන්නවා,, ඉතින් ඔයා වගේ හොද යාලුවෙකුට ලැබෙන්නෙත් ඒ වගේම හොද යාලුවෝ...
ඔයාගේ යාලුවට සුබම සුබ අනාගතයකට ඔන්න මමත් සුබ පතනවා,,,
ඔන්න හංසියෝ ඔයාගේ වෙඩින් එක නම් අපිට අනිවා කියන්න ඕනේ හොදේ :))))
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..