එදා නොදැනුන තරම් ආදරයක් අද මට දැනෙන්නෙ ඇයි? එදා වගේ නැතුව වචනෙකින් පවා ඔයා මාව එපා කියන්නෙ ඇයි? එක පාරක් එපා නම් දහස් වාරයක් එපා කියලා ඔයා හිතපු නිසාද?? නැත්නම් එන හැම ප්‍රශ්නෙටම මුහුණ දෙන්න තරම් හයියක් ඔයාගෙ හිතේ නැති නිසාද? එහෙමත් නැත්නම් ඔයා ඊට පස්සෙ ලබපු ආදරේ ඔයාගෙ මුල්ම ආදරේ කියලා ඔයා හිතන නිසාද?? අදත් ඔයා කිව්වෙ ඔයාගෙ හිතේ එහෙම දෙයක් තිබිලත් නෑ ඇත්තෙත් නෑ කියලා. ඒ වෙලාවෙ මට කියාගන්න දෙයක් නැති උනා. මම ඔයාට කිව්වෙ ඔයා එහෙම කියනවා නම් මටත් එහෙම කියන්න පුලුවන් කියලා. ඔයා වැරදි නැතිලු. මම දන්නවා ඔයා වැරදි නෑ කියලා. එතකොට මම වැරදිද? ආදරය කියන්නෙ වරදක්ද? නොගැලපීම් ගොඩක් තිබුනත් ආදරය කියන හැඟීමට ඒක බාධාවක් වෙනවද?? හිතට දැනුණු බය නිසා නෙවෙයිද මම ඔයාගෙන් ඈත් වෙන්න හැදුවෙ? ඒත් අද ඔයා දකිත්දිත් ඒ හැම බාධාවකටම වඩා ඔයා ගැන මගේ හිතේ තියන ආදරය ඉස්සර වෙන්නෙ ඇයි?
අද මට මගෙ තීරණ ගන්න මහා ලොකු බාධාවක් නෑ කියලා දැනෙත්දි කලින් තිබුණ ආදරේ ආයිත් මට දැනුනා. ඒකට ඔයාගෙ හිනාව, මගේ දිහා බලන විදිහ, කතා කරත්දි ඔයා කියපු සමහර දේවලුත් හේතුවක්. කාලෙකට පස්සෙ අහම්බෙන් වගේ දෙපාරක්ම ඔයාගෙ අත මගේ අතේ වැදෙත්දි, ඒ දවසම මම ඇත්තටම ජීවත් උනා මට දැනුනා. වෙනදා වගේ නැතුව ඔයා මගේ දිහා බලාගෙන ඉත්දි ජීවිතේ ආයිත් වෙනස් වෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් ඇති උනා. ඔයාගෙ ෆොටෝ එකක් ඔයාටත් හොරෙන් අරන් ඒ දිහා බලන් ඉන්නවා කියලා ඔයා දන්නවා නම් ඔයා මට බනීවි මීටත් වඩා. මගේ ෆෝන් එක කවුරු හරි අරන් කියලා මම හැම තැනම හොයත්දි ඔයා දැනන් හිටියා ඒක හංගලා කියලා. ඔයා දන්නවා නම් මම ඒ තරම්ම ෆෝන් එක හෙවුවෙ ඔයාගෙ ෆොටෝ එක කවුරු හරි දකින්න කලින් ෆෝන් එක හොයාගන්න ඕන නිසා කියලා..
ඔයා මට අද බැන්නෙ ඔයා ආදරය කරන කෙනා දිහා මම බලන් හිටියා කියලා එයා ඔයාට කියපු නිසා වෙන්න ඇති. ඒත් ඇත්තටම මට ඒක මතක් උනෙත් ගොඩක් වෙලාවකින්. මම එයාව ලඟට දැකලාම නෑ. ඒකයි මම එයා දිහා බැලුවෙ. වෙනදාට ඔයාගෙ ගෙදර ඉත්දි එයා මාත් එක්ක හිනා වෙනවා. එදා මම හිනා වෙලත් එයා මාත් එක්ක හිනා උනේ නෑ. ඊටත් මම වගේම එයත් ගොඩක් වෙලා මගේ දිහා බලන් හිටියා. ඔයාලගෙ ගෙදර ගියාමත් එයා මගේ දිහා බලන් ඉන්නවා. ඒත් මම ඒවා ඔයාට කිව්වෙ නෑ. ඇත්තටම මම හිතුවෙ ඒ හැම දෙයක්ම දැන් නවත්වලා කියලා. ඔයා මට එහෙම කිව්වා. එයාට ඔයාගෙ ගෙදරින් කැමති නෑ. එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවාලු. එයාලා තව අවුරුද්දකින් විතර කසාද බඳින්නලු ඉන්නෙ. මේ හැම දේම ඔයාත් මට කිව්වා.
හැමදේම වෙනස් වෙලා. ආයිමත් මට බලාපොරොත්තුවක් වත් නැති වෙලා. අද දවල් මගේ දිහා බලලා විහිළු කරපු ඔයා ෆෝන් එකෙන් කතා කරාම මට බැන්නෙ ඇයි?? ඔයා පැයකටත් වඩා අද දවල් කෝල් එකක හිටියා. මම එත්දිත් ඔයා කෝල් එකේ. දැන් සතියක විතර ඉඳන් ඔයා ගොඩක් වෙලා ෆෝන් එකෙන් කතා කරනවාලු. ඒ කියන්නෙ ආයිත් ඔයා පරන දේවල් පටන් අරන්ද? එයා ඔයාට කියපු දෙයක් නිසාද ඔයාට ඒ තරම්ම තරහා ගියේ?? ඔයාට මම ආදරේ නැත්තෙ නෑ. ඒත් මගේ හිතේ එහෙම දෙයක් නෑ කියන්න තරම් මම මගේ හිත එකඟ කරගෙන ඉන්නෙ. බත් කටක්වත් උගුරෙන් පහලට යන්නෙ නෑ ඔයා ගැන බලාපොරොත්තුවක්වත් තියාගන්න බෑ කියලා හිතෙත්දි. හැමදාමත් එහෙම වෙත්දි මට දැනෙන්නෙ හිත ඇතුලෙ පත්තු වෙන ගින්නෙන් ඇතුලතින් පිච්චි පිච්චි තවත් ඉන්නෙ නැතුව ඒ ගින්දරෙන්ම මාව පිච්චිලා අළු වෙලා යනවානම් හොඳයි කියලා.
කාලය හැමදේම විසඳනවා කිව්වාට කාලය අපිට නපුරුකම් කරනවා. කමක් නෑ.. ජීවිතය කියන්නෙ අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. ඒත් බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා.
අසුරු සැණින් එක මොහොතක දී.. කාලය නැවතී යලි ඇරඹී.. විශ්වය අලුතින් බිහි වේවා! ඔබේම වීමා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා...!
8 comments:
මොකද්ද මේකට ලියන්නේ කියලා ගොඩක් වෙලවක් කල්පනා කරලයි මම මේ ලියන්නේ.. ආදරේට නොගැලපීම් තියෙනවා කියන්නේ ඒක දිහා පිටින් බලන අය.. කොහොම උනත් ඔයා එයාගෙන් ඈත් වෙන්න මීට කලින් ගත්ත තීරණය මෝඩ තීරණයක්.. ඒ ගැන අද ඔයත් පසුතැවෙනවා..
ප.ලි. : හංස පිහාටු බ්ලොග් එකට මේ තීම් එක ගැලපෙන්නේ නෑ කියලා මට හිතෙනවා.. ඒක අදහසක් විතරයි...
හංසි ඔය ගත්ත තීරණය මෝඩයි කියල මට කියන්න බෑ. මොකද මම ඔයාගේ මේ කතාව ගැන ගොඩක් නැතිඋනත් සමහරක් දේ දන්නා නිසා. අකමැත්තෙන් උනත් මේ ටික මට කියන්නම වෙනවා මම ගොඩවෙලවට කියනවා වගේ ඔය දැන් එයා ගැන හිතන එක වැරදියි. වෙන්න පුළුවන් ඔයා ආදරේ ඇති එත් එයා දැන් ගිහින්. කවදාවත් ආදරේ කරු දෙන්නෙකුට නැත්නම් ආදරේ හිතේ තිබුන කෙනෙකුට හරි යාළුවො වගේ නැත්නම් වෙන විදියකට ඉන්න බෑ. එක බොරු වැඩක්. එකෙන් වෙන්නේ ඔයාගේ නැත්නම් ඔය දෙන්නගෙම හිත රිදෙන එක විතරයි. අපි මිනිස්සු අපි සෝවාන් වෙලා නැ අපිට නොලබිමේදී දුක ඇති වෙනවා එක සභාවිකයි. එක ඔයාට මට අපි හැමෝටම පොදුයි. ඔයාට මම අදත් කියන්නේ ඔතනින් අයින් වෙන්න ඔයා යන්නේ මිරිගුවක් පස්සේ අයින් උනාම ඔයාට සතුටක් නොදැනුනත් දුකක් ඇතිවෙන එක හරි නවතියි........
මොන දේ නොගැලපුනත් අදහස් ගැලෑනවා නම් ඒ ඇති නංගි. ගොඩක් දේවල් වල අගය වැඩියෙන්ම දැනෙන්නේ ඒ දේ අපි ලඟ නැති උනාම. ඒක ආදරයෙත් පොදු කාරණාවක්.
මම් වැඩියෙන් කියන්න නම් යන්නේ නෑ. මොකද මේ වගේ අත්දැකීමක් මටත් තියෙන හන්දා.
පොස්ට් එක එක හුස්මට කියවගෙන ගියත් මම මොනවද මේකට කියන්නේ කියලා ගොඩාක් වෙලා කල්පනා කරා... මේ දේවල් ගැන මම ගොඩාක් තියා දශමයක්වත් දන්නේ නැ.. ඉතින් කියවනකොට හිතුනා ගොඩාක් දේවල් වෙලා ඉවරයි වගේ කියලා...
අනේ මන්දා... ජිවිතේ පුදුමාකාරයි..
කුමට නම් ලත වෙනුද
කල නොකල දේ ගාව....???
මට නම් හිතුනෙ එච්චරයි......අනේ මන්දා.
මමත් NNK කියන එකට එකඟයි...ගොඩක් වෙලාවට කෙනෙක්ට අපි මොන තරම් ආදරේ කරලද කියලා තේරෙන්නෙ ඒ කෙනා ඈත් වුණාමයි...ඒ වගේම එක දවසක් හරි ආදරේ කරපු කෙනෙක් ගැන හිතේ වෙනසක් නැතුව ආයෙත් යාලුවෙක් විදිහට සලකන එක නම් කරන්න කොහෙත්ම බැරි දෙයක්.... :(
අපේ අත්තාගෙ මළ ගෙදර වැඩ කටයුතු නිසා හැමකෙනාටම උත්තරයක් ලියන්න බැරි උනා. අදහස් දක්වපු ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තූතියි...
ඔයා වාසනාවන්තයි අක්කෙ ඔයා ආදරේ කරන කෙනා දන්නවා අඩුගානෙ ඔයාගෙ ආදරේ ගැන...
මට..? එයා දන්නේවත් නෑ මගේ ආදරේ ගැන..
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..