පොත් ප්‍රදර්ශනේ..
ගොඩක් අය පොත් ප්‍රදර්ශනය ගැන මොනවාම හරි කියලා තියනවා දකිත්දි මටත් හිතුනා මොනවා හරි ලියන්න ඕන කියලා. අද ලිව්වෙ නැත්නම් ඒ ගැන ලියන්න තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවනේ. අපේ අත්තගේ හත්දවසේ දානෙ ඉවර වෙලා බෝඩිමට ඇවිත් අඟහරුවාදා කැම්පස් එකට ගියා ගොඩක් දවසකට පස්සෙ. ඒ වෙලාවෙ අනූ තමයි එක පාරටම පොත් ප්‍රදර්ශනේ ගැන මතක් කරේ. කොහොම හරි දෙන්නම කතා උනා ඊළඟ දවසෙ උදේ 8 වෙත්දි BMICH එකට යන්න එනවා කියලා.
අපි දෙන්නාටම 8 උනේ 9.30ට විතර. අම්මා උදේම දීපු සල්ලිත් අරගෙන බදාදා උදේ දෙන්නත් එක්ක 154 ට නගිත්දි කැම්පස් එකේ අයගෙන්ම බස් එක පිරිලා. ඒ මදිවාට මගදිත් සැමන් පැක් කරා. :( කොහොම හරි BMICH එක ලඟට යත්දි බස් එකේ හිර වෙලාම මහන්සියි.
මුලින්ම ටිකට් එකත් අරන් ඇතුලට ගිහින් මුල් කුටි 2ක් විතර යත්දි අතේ සල්ලි ඔක්කොම වගේ ඉවරයි. ඇතුලෙ තිබුණ කුටි වලත් ඇවිදලා ඉතුරු වෙලා තිබුණ සල්ලිත් ඉවර කරගත්තත් හිතට නම් හරිම සතුටුයි. අපි දෙන්නාම කතා උනේ ඊලඟ අවුරුද්ද වෙත්දි හැම මාසෙම පොත් ගන්නම කීයක් හරි ඉතුරු කරල තියාගන්නවා කියලා. කොහොම උනත් රස්නෙටයි තිබහාටයි බීපු ෆැන්ටා එක ඇරෙන්න කෑම බීමටවත් අපි දෙන්නා වියදම් කරේ නම් නෑ. ලෝබකමකට නම් නෙවෙයි ඒ සල්ලි වලිනුත් මොනවා හරි ගන්න පුලුවන් නිසා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ කුටියෙන් ගත්ත රුවන්මැලිසෑයෙ පින්තූරෙ දැකලා අම්මා ගොඩක් සතුටු උනා. ගෙදර ආපු ගමන්ම අම්මා කරේ ඒ පින්තූරෙ මට රාමු කරවලා ගෙනැත් දීපු එක. කොහොම උනත් පොත් ටිකයි ඊට අමතරව ගත්ත පින්තූර වගේ දේවලුයි දැකලා නංගිත් සතුටු උනා. මගේ පුංචි පුස්තකාලෙට කොහොම හරි තවත් හොඳ පොත් ටිකක් එකතු උනා.
Subscribe to:
Post Comments (Atom)
9 comments:
ආ මේ මෙයත් ලියලා තියෙන්නේ පොත් ප්‍රදර්ශනේ ගැන.. :)
චන්දන මෙන්ඩිස් ගේ පොතක් තියෙනවා , අර උඩම තියෙන පොත මොකක්ද හංසි ?
ආ මේ ඔයාට පොත් ගන්න ස්ට්‍රැටජියක් කියන්නද , කවදාවත් මුලින්ම තියෙන ස්ටෝල්ස් වලින් පොත් ගන්න එපා,මොකද ඊට වඩා ගොඩක් අඩුවෙන් වෙන තැන්වලින් ගන්න පුළුවන් වෙනවා , ඉස්සෙල්ලම හොදට ඇතුලේ රවුමක් දාන්න...ගන්න හිතන් ආපු පොත් ටික අඩුවෙන් තියෙන තැන් මීටර් කරගෙන ඊළග රවුමේදී පොත් ටික ගන්න..[ මතක ඇතිව අර නොමිලේ දෙන සිතියම අරගන්න,එතකොට වැඩේ ලේසියි..]
ඊළග පාර අත්හදා බලන්නකෝ ;)
මෙන්න මෙයත් පොත් බලන්න ගිහින්. නියමයි නංගි. පොත් අරන් තියෙන්නේ. මාත් ගත්තා එකෝම එක පොතක්. :)
ඔන්න ලබන සැරේ නම් අපිත් එනවා අනේ... හැමෝම බ්ලොග් පොස්ට් දානවා අපිට දුක නැද්ද?? එක්සැම් එක සෙට් උනේ නැත්නම් අනිවා අපිත් එනවා... හම්බුන දවසක කියවන්න ඔය පොත් ටික පරිස්සම් කරලා තියා ගන්නකෝ..
@ChammA- සිතියම බලලා නම් තමයි ඇවිද්දේ. අපි 2 වෙත්දි කැම්පස් එකට යන්න හිතාගෙන නේ ගියේ. කොහොම උනත් 5 විතර වෙනකම් අන්තිමේදි පොත් ගන්නම ඇවිද්දා. කොහොමටත් 20%ක් වගේ ඩිස්කවුන්ට් ගොඩක් පොත් වලට තිබුනේ. ගත්ත පොත් උනත් ඊට වඩා ලාබෙට තිබුනෙ නෑ. මුලින්ම සිංහල පොත් ගත්ත එකෙන් උනේ ඉංග්‍රීසි කතා පොත් දෙක තුනක් ගන්න සල්ලි නැති උන එක.
@මධුරංග- මම පොත් ගන්න එක්කන් ගියොත් ලේසියෙන් එක්කන් එන්න වෙන්නෙ නෑ කියලා අම්මා නම් දන්නවා. ඒ නිසා වෙන්න ඇති මම ඉල්ලුවාටත් වඩා සල්ලි දීලා යැවුවේ. නැත්නම් ඉතින් ඊලඟ දවසෙ අම්මාට මාත් එක්ක එන්න උනොත් ඊටත් වඩා දෙගුණයක පොත් ගන්නවානේ. අයියා ගත්ත පොත මොකක්ද??
@දේවාගේ අඩවිය- ඊළඟ පාර අනිවාර්යෙන් එන්න. එනකොට අපිටත් කියන්න. පොත් ටික නම් පරෙස්සම් කරලා තියනවා. මායි අනූයි මාරු කරගෙන කියවන්න හිතාගෙන පොත් ගත්තෙ. එයාත් ගොඩක් හොඳ පොත් ටිකක් ගත්තා.
හ්ම් හ්ම් ඒ කියන්නේ ඔයා පොතුත් කියවනවා හොදයි හොදයි. ගොඩක් හොදයි මනෝවිද්‍යාව ගැනකියවනවානම්. නිකම් අදහසක් කිව්වේ. ගනිපු පොත් කියවල ඉවර වෙලා අපිටත් ඕන කියවන්න...
මම ඒත් හිතුවා නංගි ගිහින් නැහැයි කියලා... පොත් කියවලා ඉවර වෙලා පොත් වල විස්තර අපිටත් කියන්නකෝ....
අනේ මේ පාර මට යන්න බැරි උනානේ... :( :(
ගත්ත පොත් ගැනත් කියන්න.....
මට යන්න බැරි වුණානේ,,,,,,
@NNK- මනෝ විද්‍යාව පොත් නම් වැඩිපුර කියවලා නෑ. ඒත් කියවන්න අකමැත්තක් නෑ. තාම නම් කියවන්න පටන් ගත්තෙ නෑ. අනිවාර්යෙන් දෙන්නම්.
@දිනේෂ්- ම්ම්ම්... කොහොම හරි යන්න නම් ඉඩක් ලැබුනා. පොත් කියවලා විස්තර කියන්නම්කො.
@දඩබ්බරී- අපරාදෙ.. ඊළඟ පාර අපිත් එක්කම යන්න එන්න.
@රහස් පරීක්ෂකයා- පොත් 10ක් විතර නම් ගත්තා.. ගොඩක් පොත් පරිවර්තන. තාම කියවලා නම් ඉවර නෑ. ඊළඟ පාර අනිවාර්යෙන්ම යන්න.
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..