skip to main |
skip to sidebar
එක පාරටම මගේ හිත අමුතුම පාලුවකින් පිරුණා. ආයිත් ඔයාව දකින්න ලැබෙන්නෙ නෑ කියලා දැනුනාම මුලු ඇඟම පිච්චිලා ගිහින් පපුව හිරවෙනවා වගේ දැනුනා. කිසිම දවසක බලාපොරොත්තු නොවුණ දෙයක් දකිත්දි මම කොහොමද ඉවසගෙන ඉන්නෙ. මිහිදන් වුන ඔයාගෙ සොහොන් කොත බදාගෙන මම අඬන හැටි ඔයාට පේනවා නම්... මට ඔයාගෙ ලස්සන මූණ, ඔය හිනාව ආයිමත් කවදාවත් දකින්න වෙන්නෙ නෑ. මම කොහොමද ඉවසන්නෙ?? ඒ නිසාම වෙන්න ඇති මම කෑ ගහ ගහ අඬන්න ඇත්තෙ. අන්තිම වතාවට හරි ඔය ලස්සන මූණ දකින්න මම කොච්චර ආස කරාද? ඒකත් මට අහිමි වෙලා. මට ඒ මූණ දකින්න ඇයි ඉඩක් නොදුන්නෙ කියලා මම කෑ ගහ ගහ ඇඬුවා. මම මටම සාප කරා. ඒත් වැඩක් නෑ..
ඔයා මුළු ලෝකෙම දාලා ගිහින්. කවදාවත් මට හිමි නොවුණත් ඔයාගෙ ඔය ලස්සන මූණ දකින්න විතරක් හරි මම කොච්චර ආස කරාද කියලා මට දැණුනා.. ඔයාගෙ හුළඟ හරි මගේ ඇඟේ වදිනවා.. ආසාවට හරි ඔයාව දකින්න වත් පුලුවන්. ඒත් ආයිත් කවදාවත් ඒ කිසිම දෙයක් මට ලැබෙන්නෙ නැත්නම් මම ජීවත් වෙන්නෙ මොකටද? අවුරුදු ගානක් තිස්සෙ ඔයා ගැන මතකය එකතු කරපු තැන් මතක් කර කර මම ඇඬුවා. එක අකුරකින් පවා ඔයාගෙ මතකය මම එකතු කරා. ඒ හැමදේම නංගිට පෙන්න පෙන්නා මම කෑ ගහ ගහ ඇඬුවා. මගේ මුලු ජීවිතේටම හිස් තැනක් ඉතුරු වෙලා.. රික්තකයක් වගේ.. කිසිම දෙයක් නෑ. ඒ හිස්තැන පිරෙන්නෙ කොහොමද?? මේ ලෝකෙ ලස්සනම කෙනා ඔයා කියලා දැකපු මම කොහොමද ඉවසන්නෙ?
ආපහු ඔයා දැක්කොත් මම ඔයාගෙ මතකය එකතු කරපු හැටි, අවුරුදු ගානක් තිස්සෙ මම එකතු කරපු පුංචි පුංචි දේවල් දිහා බල බලා මම අඬන හැටි, ඔයාව ආයිමත් මේ ලෝකෙදි දකින්න මම ආස කරන හැටි..., ඔයත් අඬාවි මාත් එක්කම. මට ආසයි ඒ හැමදේම ඔයාට පෙන්න පෙන්නා ඔයාව බදාගෙන අඬන්න. ඒත් කෝ ඔයා?? ගලක් වගේ තියෙන ඔයාගෙ හිත උණුවේවි එතකොට. ඔයාටත් විශ්වාස කරන්න බැරි තරමටම මම ඔයාගෙ එක අකුරක් ලියවුණු තැනක් පවා එකතු කරගෙන ඉන්න හැටි දැකලා ඔයාගෙ ඇස් වලත් කඳුලු පිරේවි. ඒ මොනවා නැතත් එක මොහොතකට හරි දකින්න ඔයා ඉන්නවා නම් ඒකත් මට ඇති.
12 comments:
අපි හැමදාම අඬනවා බොහෝ දේවලට.. එහෙම යනකොට අපිට ආත්මයම ඉරාගෙන යන විදිහේ දුක් කන්දරාවක් ඇතිවෙනවා. එදාට හිතෙනවා ඉස්සර අඬපු දේවල් ගැන හිනාවෙන්න තිබුනා කියලා.
ලස්සන කතාවක්!
කරුණාකරල මේකත් බලන්න!
https://www.facebook.com/#!/photo.php?fbid=237996109581572&set=a.115301068517744.6985.100001135551775&type=1&theater
ඔයාගේ ජීවිතේ තියෙන හිස් තැන කවදහරි පිරේවි. බය වෙන්න එපා.
ඇත්තටම හංස පිහාටුවක් වගේ සුන්දර , සංවේදී , හැඟිම්බර සටහනක් , කියවාගෙන යත්දි කඳුලක් උනන්නට තරම් සංවේදී සටහනක් ..
මේ හැගීම මට ගොඩක් ලගයි.. මේ ලිපිය ආයෙත් මාව ඒ මතකයට අරන් ගියා....
එක් අයෙක් වෙනුවෙන් හැදිච්ච ඉඩ වැහෙන්න හරි පිරෙන්න හරි ගොඩ වෙලාවක් යනවා එක මෙච්චර වෙලාවක් මෙච්චර දවසක් කියල අපිට ගණන් හදන්න බැහැ නමුත් කවද හරි පිරෙයි. ඔයාගේ හදවතේ ඉඩ කවද හරි පිරෙයි. එත් ඒ දවස වෙනකම් ඔයාගේ හදවත පරිස්සම් කරගන්න.. ඔයාට ජය....
ජීවිතේ ගලනවා ඔහේ ගලන්න යන පාර ලස්සනය්,අත්දැකීමෙන් කියන්නේ බර නැති සැහැල්ලු ජීවිතේ හරිම ලස්සනය්...
@සරත් ලංකාප්‍රිය- ඒක නම් ඇත්ත. සමහරවිට අද අපිට අඬන්න වෙන හේතු වලට වඩා හිත රිදෙන හේතු තවත් ඉස්සරහට ඇති. ඒත් ජීවිතේ හිනාවෙන් පිරිලා නෑ..
@තනි අලියා- බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවාට.. ඒත් මේ කතාව මට නම් ලස්සන නෑ.
ලින්ක් එකේ තියන කතාව දකිත්දි දුක හිතෙනවා.
@මධුරංග- ගොඩක් ස්තූතියි අයියේ... හැමදේම අපි හිතන විදිහටම සිද්ධ වෙන්නෙ නෑනෙ.
@මහේෂ් නිෂාන්ත- ගොඩක් ස්තූතියි ඔබතුමාත් මේ පැත්තෙ ඇවිත් අදහස් දැක්වුවාට. ජීවිතේ කියන්නෙ සතුට විතරක්ම නෙවෙයි නේ..
@දිනේෂ්- දුක හිතෙන දේවල් අහන්නවත් දකින්නවත් අපි කැමති නෑ. ඒත් සමහර වෙලාවට එහෙම දේවල් අහන්න දකින්න ලැබෙනවා. එහෙම වෙලාවට දැනෙන දුක, බය ගැන කියාගන්න බෑ..
@NNK- ඒක නම් ඇත්ත. කොයි තරම් අමතක කරන්න හැදුවත් සමහර දේවල් ගොඩක් කාලයක් මතකයේ රැඳෙනවා. වැළලිලා ගියත් සමහර වෙලාවට ඒ මතකය මතු වෙනවා. හදවත පරෙස්සම් කරගත්තාත් ආපහු ගන්න එයා එන්නෙ නැති නම්..
@Tharinduhw122- වෙන්න ඇති. ඇත්තටම ජීවිතේ ගලාගෙන යනවා.. ඒත් ගලාගෙන යන පාරට ආදරේ කරන්න පුලුවන් නම්.. ඒ ගලාගෙන යන පාර ලස්සනයි නම්... කොහොම උනත් ගොඩක් ස්තූතියි.. සැහැල්ලුවෙන් ගෙවන ජීවිතේ ගොඩක්ම ලස්සනයි.
හීනයක් විතරනේ...
ජිවිතේ විදින එක වඩා හොදයි..
@රහස් පරීක්ෂකයා- මේ වගේ හීන තරම් හිත රිද්දන දේවල් මේ ලෝකෙ කොහෙවත් නෑ... ඔව්. පුලුවන් තරම් සතුටින් ඉන්න ඕන. දුක් වෙන්න තියන හේතු වගේම සතුටු වෙන්න හේතුත් තියන නිසා. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවාට.
Post a Comment
හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..