වැවට උඩින් පායපු රත්තරන් පාට පුර හඳ
ලස්සනට රත්තරන් පාටින් දිළිසෙන රත්තරන් වතුර කන්දරාව..
කළු පාටින් පේන අතු විහිදුන ගහක්..
ඇස් දෙකෙන්ම දැකපු ඒ ලස්සන පින්තූරෙ
මම අවුරුදු ගානක් හොයපු පින්තූරෙ
මටවත් මතක නෑ ඇයි මම හොයන්නෙ කියලා
අදයි මතක් උනේ.
අවුරුදු ගානකට කලින් වෑන් එකේ වම් පැත්තෙ වීදුරුවෙන් මම දැක්කෙ.
පරාක්‍රම සමුද්‍රයට උඩින් පායලා තිබුණ හඳමයි මම හෙවුවෙ...
ඒ වගේම පින්තූරයක් මේ තියෙන්නෙ.
එදා දැක්කා වගේම නෑ තමයි...
ඒත් ඒ වගේමයි.
ඒ හඳ ඔයාත් දකින්න ඇති, සමහර විට මට වගේම ඔයාටත් මතක නැතිව තියෙන්නත් ඇති.
අහම්බෙන් වගේ ඔයාටත් මතක් උනොත් කවදාක හරි, එදාට ඔයාත් හිතන්න පටන් ගනීවි, ඔයාගෙ එකම වචනයක් පවා මහමෙරක් කරගත්ත කෙනෙක් ඒ පුරහඳ ඒ වගේම දකින්න ඇත්ද කියලා.....
ප.ලි- පින්තූරෙ දකිත්දි මතක් උන වචන ටිකක් විතරයි. මේක නම් ඉර පායන වෙලාවක ගත්ත පින්තූරයක් කියලයි තිබුණෙ.