රෑ අහසෙ තියන
තරුවක් දිහා බලාගෙන
හීන මවන ඔයත්
ලස්සනම ලස්සන තරුවක්..
ආකාසෙම තියන
හඳටවත් ලං වෙන්න බැරි
ලස්සනම තරුවක්.
ඉතින් මම කොහොමද ලං වෙන්නෙ??
ඒ හින්දා මම මේ පොළවෙ
වැලි වලින් අඳින්නම්...
ඔයාට සුබ උපන් දිනයක්...!!!
ඔයාට සුබ උපන් දිනයක්...!!!

![]() |
| මේ ඉන්නෙ මට 2006 දි අම්මා අරන් දීපු බෝනික්කෙකුයි, උපන්දිනේට තෑගි ලැබුණ ටෙඩී කෙනෙකුයි. |
![]() |
| පිටිපස්සෙන් තියෙන්නෙ උපන්දින තෑග්ගක්.. |
![]() |
| මෙයත් වැඩිපුරම ඉන්නෙ මගේ කාමරේ.. |
![]() |
| මේ මගේ පොත් මේසෙ. පිළිවෙලක් නෑ කියන්න එපා.. |
![]() |
| මේ පින්තූරෙ මම ගත්තෙ BMICH එකේ පොත් ප්රදර්ශනෙන්. |
![]() |
![]() |
| ආසම නිල් පාටට නිසා හැමදේම නිල් පාටයි. |
![]() |
![]() |
![]() |
| මේ අපේ ගෙදර.. නංගි කියන්නෙ ඉදුණු පළතුරු ගෙඩියක්ලු. |
![]() |
| මෙයා අපේ ගෙදරට අලුතෙන්ම එකතු උන අමුත්තෙක් |
![]() |
![]() |
| මෙතන තියන කබඩ් එකේ තමයි මම කියවපු පොත් ඔක්කොම තියෙන්නෙ |
![]() |
| මෙයා මම ගත්තෙ වැවුරුකන්නලින්.. මටම ගැලපෙනවා.. |
![]() |
එදා දවල් වෙත්දි අත්තා නැති වෙලා නිසා ආපහු අපි ගමේ ගියා. ඒ වැඩත් ඉවර වෙලා ආපහු මම ගෙදර ආවාම මගේ කාමරේ තීන්ත ගාන්න ඕන නිසා මට ආපහු නංගි එක්ක නිදාගන්න යන්න උනා. ඒ හැමදවසකම නොමී ඇවිත් නංගිගෙයි මගෙයි මැදින් ඇඳේ නිදාගන්නවා. එයා හැදුනෙ අපේ ගෙදරම කෙනෙක් වගේ.. අපි දෙන්නාට කිරි හදන්නත් කලින් සමහර දවසට අම්මා නොමීට කිරි හදලා දෙනවා. හැබැයි ඒ කිරි එකෙන් බාගයක් බීලා මගේ කිරි එකෙන් ඉතුරු කරලා එයාගෙ පුංචි පිඟානට දැම්මාට පස්සෙයි ඉතුරු ටික බොන්නෙ. එයා හැමදාමත් 10 පහුවෙනකම් නිදාගන්නවා. (කම්මැලියෙක්.) මගේ ඇඟට හේත්තු වෙලා නිදාගෙන ඉත්දි මම හොරෙන්ම නැගිටලා එයාට පොරවලා ඇඳෙන් බැහැලා යනවා. අපි අතරෙ තිබුනෙ ඒ වගේ බැඳීමක්. හරියට දරුවෙක්ට, සහෝදරයෙක්ට සලකනවා වගේ වෙන්න ඇති.| Umara - Wassanayata Atha Wanala .mp3 | ||
| ||
![]() | Found at bee mp3 search engine | ![]() |
ජීවිතේ බොහෝ දෙනෙක් අත්විඳින අත්දකින දේවල් වල එකතුවක්. ජීවිතේ පිහාටුවක් තරමට සැහැල්ලු කරගන්න පුලුවන් මතකයන් ගොඩක් ඉතිරි කරලා තියන්න හදා ගත්ත මගේම තැන.. ඇවිත් පොඩ්ඩක් නැවතිලා යන්න. ඔබේ මතකයත් ඉතිරි කරලා යන්න අමතක කරන්න එපා.