Buscar

මගේ සුදු මැණිකෙගෙ ෆොටෝ...

 ඔන්න දැන් ටික දවසකට කලින් මම මගේ සුදු මැණිකෙ ගැන කිව්වානේ.. ඔන්න අද මම එයාගෙ ෆොටෝ ටිකක් දාන්න හදන්නෙ..


මේ සුදු මැණිකෙ අපේ චූටි මල්ලියා එක්ක. එයා මට ලැබෙන්න කලින්.


මේ අපේ ගමේ බාප්පලාගෙ ගෙදරදි.. එයා මම අරන් ආවට පස්සෙ.


මාත් එක්ක වෙලට ගිහින් පිදුරු ගොඩක් ඇතුලට වෙලා ඉත්දි.


මේ මාලනී නැන්දලාගෙ ගෙදරදි..


මේ අපි ගමේ ඉඳන් එන දවසෙ. බාප්පලාගෙ ගෙදරදි.


මුල්ම ෆොටෝ එකත් එක්ක බලත්දි එයා ටිකක් ලොකු වෙලා වගෙයි. :D

(ඒත් මගේ පැටියාව වඩාගෙන ඉඳලාම එයා චූටි වෙලාද මන්දා..)

ප.ලි- මගේ සුදු මැණිකෙට බෝඩිමේ ගෙදර අය කියන්නෙ සුදු පුතා කියලා.. මාලනී නැන්දා තමයි එයාට මුලින්ම පුතා කිව්වෙ. අයිතිකාරයාට කියන නම හා පැටියාට කියන එකත් නරකම නෑ නේ...

9 comments:

N N K
This comment has been removed by the author.
N N K

සුදු මැනිකෙනම් ලස්සනයි හොදයි . එයා දීපු කෙනත් මේ වගේමද? ඔයා මෙයාට ගොඩක් ආදරෙයිනේ ................................
මෙයාව හොදින් බලාගනියි මම හිතන්නේ ඔයා.. කොහොම උනත් හොදයි. ඇත්තටම cute
ඔයා ප.ලි දල තියන නම කියන්න ඔයා අකමැති ඇති නේ. ඒ උනාට එක තමයි ගැලපෙන නම..... දුකයි නම් කියන්න එපා ....

දේව් ගේ අඩවිය

සුදු මැනිකේ.. මගේ ජිවිතේට ගොඩාක් සමිප වචනයක්.. ඔයාත් වාසනාවන්තයි නංගෝ....

හංසි

@NNK- ඔව්.. ගොඩක් ලස්සනයි... ඇත්තටම ගොඩාක් ආදරෙන් බලාගන්නවා, මම ගොඩක්ම ආදරේ කරන කෙනෙක්ගෙ ඇස් දෙක වගේ.. ගොඩක් ස්තූතියි සුදු මැණිකෙව බලලා ලස්සනයි කිව්වාට.

ආ... ප.ලි දාලා තියන නම කියන්න නම් අකමැති නෑ.. මොකද ඉතින් මෙයා මගේ පැටියෙක් වගේ තමයි.. :D

හංසි

@දේවාගේ අඩවිය- සමාවෙන්න අයියේ එහෙම සමීප නමක් මගේ පැටියාට දාපු එක ගැන. ඒත් මට හිතාගන්න බැරි ඇයි අයියා මම වාසනාවන්තයි කිව්වෙ කියලා..

Dinesh

ආසාවේ බෑ නංගියෝ........

සංකල්ප

ඔයාගේ සුදු මැණිකෙ මාර ලස්සනයි.
සුදු පුලුන් බෝලයක් වගේ. ඔන්න මාත් ඔය ෆොටෝ ටික ඉල්ලලා තිබ්බා.

සරත් ලංකාප්‍රිය

මේ ගොල්ල හදනවා නම් ඉතින් .. ඔනෑ නැහැ.. නොකියා ඉන්නම්.. මමත් දෙන්නෙක් හැදුවා ඒකයි..

හංසි

@දිනේෂ්- හ්ම්ම්ම්.... මාත් මෙයාට ගොඩක් ආසයි. ගෙදර හැමෝමත්. එයා හරි හුරතල්.

@මධුරංග- ඔව්.. එයා ගොඩක් ලස්සනයි. එයා බිම නිදාගෙන ඉත්දි බලන් ඉන්න ආසයි. අපේ නොමීයි (පූස් පැටියා)එයායි සෙල්ලම් කරනවා වෙලාවකට.

@සරත් ලංකාප්‍රිය- ඇයි එහෙම කිව්වෙ??? මාත් හා පැටවු හැදුවා. මුලින්ම ගෙනාපු දෙන්නම මැරුණා.. ඊට පස්සෙ ගෙනාවෙ සිඟිති එයා නම් ගොඩාක් කල් හිටියා.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..