Buscar

නුඹ නොවුණ නුඹ..


ජීවිතේ පුදුමාකාරයි. කොයි වෙලාවක හරි අපිට ගොඩක් ආදරේ කරපු කෙනෙක්ගෙ නමක් එක පාරටම අහන්න ලැබෙද්දි දැනෙන හැඟීම කොයි වගේද?? ඒ නම තියන කෙනාත් අපේ හදවතට සමීප වුන රූපයක් නම්?? අපි ගොඩක් ආදරේ කරන කෙනෙක්ට කතාකරන නමක් තව කෙනෙක්ටත් ගැලපෙනවා කියලා හිතෙත්දි ඒ කෙනාගෙ නම අපේ හදවතේ ඉන්න කෙනාගෙම නම නම්??? කොයි තරම් අපූරු හැඟීමක්ද දැනෙන්නෙ? නොගැලපීම් ගොඩක් මැද ඔයාගෙ ආදරය පිළි නොගත්තත් ඔයා ගැන මතක් කරත්දිත් දැනෙන්නෙ හිත පිරුණු ආදරයක්... මම ගැනම දැනෙන ආත්මානුකම්පාවක්. ගොඩක් කාලෙකට පස්සෙදි එදා ගත්ත තීරණේ මුළු ලෝකෙටම සාධාරණ උනත් මට සාධාරණ නැති බව දැනෙත්දි ඔයා නෑ..


මේ ජීවිතේම හීනයක් උනා නම් නපුරු හීන දකිත්දි ඇහැරෙන්න තිබුනා.. ලස්සනම ලස්සන හීන දකිත්දි ඒ හීනෙට වෙලා ඉන්න තිබුණා.. ඒත් නපුරු හීනයක් දකිත්දි ඇහැරිලා ඒක හීනයක් විතරයි කියන්න පුලුවන් උනාට මේ ජීවිතේදි ඒක කරන්න බෑනේ. ලෝබකම් පොදි බඳින්න එපා කිව්වාට ඔයා ගැන ලෝබ වෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද? හැමදේම හීනයක් වෙලා... හීන ලෝකෙ ගොඩක් ලස්සනයි හැබෑ ලෝකෙට වඩා. ඒ.. ඒ ලෝකෙ ඔයා මාත් එක්ක ඉන්න නිසා.. 

ලස්සනට ගස් පිරුණු හෙවණ තියන පාරක් දිගේ අතින් අල්ලන් ඇවිදන් යන්න ඔයා එන්නෙ නෑ. ඉර බැහැගෙන යන වෙලාවක මුහුදු වෙරළෙ රළ දිහා බලාගෙන කතා කරන්න ඔයා එන්නෙ නෑ.. වෙල් යායක පිදුරු ගොඩකට හේත්තු වෙලා ඉඳන් මං කියන දේවල් අහන් ඉන්න ඔයා එන්නෙ නෑ. ගොඩක් ලස්සන ප්‍රේම කතාවක් අපි දෙන්නා වෙනුවෙන්ම ලියන්න ඔයාට බෑ.. ඒත් ඒ ආදරය ගාණකටවත් ගන්නෙ නැතුව ඔයාව මගේ ජීවිතෙන් ඈත් කරලාම දැම්මෙ මමම නෙවෙයිද? ඒ ලස්සන කතාව අපි දෙන්නාම වෙනුවෙන් ලියවෙන්න ඉඩක් නොදුන්නෙ මමම නේද? 

හැමෝගෙම සතුට මගේ සතුට විදිහට හිතපු මට, මම කියන්නෙ වෙනමම කෙනෙක් කියලා දැනෙන්න පටන් ගත්තෙ නැත්නම් කොච්චර හොඳද?? ආයිත් මොනවාදෝ ලිවුවා. ජීවිතේට අරමුණක් හොයාගෙන යත්දි අහම්බෙන් හමුවුණ රූපයක්.. විශේෂ වෙන්නෙ ඇයිද මන්දා... ඒත් විශේෂයක් දැනුනා. අහම්බෙන් වගේ නම කියත්දි ඒ නමත් ඔයාගෙ නමමයි.. දුක හිතන්නද සතුටු වෙන්නද මන්දා ඒත් හිතට දැනෙන්නෙ නම් සතුටක්. ඒත් මම දන්නවා එහෙම නොවුණා නම් හොඳයි. මම හැමදාමත් ඒ නම හොයාවිද?? ඒත් ඒ නම අයිති රූපෙත් මම හොයයිද?? එහෙම උනොත් ඒකත් දුකක් විතරක් නෙවෙයිද??

9 comments:

Roshanherath

බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා. ඒ වගේම හීන දකින්නෙත් අපේ ජීවිතේ මේ වෙගේ වෙන්න ඕන කියලා බලාපොරොත්තු ඇති නිසායි. ඒ වුනත් හැබෑ ජීවිතය කියන්නෙ හීනයෙන් තරමක් ඈත්වෙලා දකින්න ඕන දෙයක්.
නමුත් පතන්නම් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම හැබෑ වෙන්න කියලා..

දේව් ගේ අඩවිය

හදවතින් ගෙනෙන්නම් පැතුමන් ඉ‍ටුවන්නට සිත් පුරා හැම හැගුමන්

බලාපොරොත්තු අපිව ජිවත් කරවනවා නංගෝ

Anonymous

මම මෙහෙම කියනවට තරහ වෙන්නනං එපා!

හීන ලෝකවල ජීවත් වෙන්න ලේසියි! හැබැයි වැඩක් නෑ!

සංකල්ප

ආදරය කරන කාලේ හරිම සුන්දරයි.ඒවගේම තමයි නංගි අහම්බෙන් සිද්ද වෙන පොඩි සිදුවීමක් ජීවිතයේ ලොකු කාලයක් මතකයේ තියෙනවා.

Dinesh

හීන ලෝකවල ජීවිතේ ලස්සනයි.. ඒත් යතාර්ථය ඊට ගොඩක් වෙනස්.. පුළුවන්නම් ඒ හීනයට සමු දෙන්න බලන්න...

Unknown

මම මධුරංගගෙ කියමන සමඟ එකඟයි!!! ලස්සනයි නංගි

N N K

හංසි ජිවිතේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපිට ජිවත් වෙන්න අරමුණක් ඕන බලාපොරොත්තුවක් ඕන එත් ඒ ලැබෙන දෙයක් ගැන මිස වෙන දෙයක් ගැන නෙවෙයි. ඔයා දවසක ගත්ත තීරණේ දැන් අරන් ඉවරයි අපහු එක වෙනස් කරන්න බැනේ. ජිවිතේ පිටින් බලන් ඉද්දි ආදරේ සුන්දරයි නමුත් යථාර්තේ වෙනස්. ඔයා කාට හරි ආදරේ කරන එක හොදයි එත් වඩා හොදයි ඒ කෙනත් එක දැනගෙන ආදරේ කරන එක. මම නම් දැන් කවදාවත් මොනවා හරි ලැබෙනකම් ඒ පිළිබද වැඩිය හිතන්නේ නැ. මොනවා හරි ලැබෙන්න තියනවා නම් ඒ දේවල් අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා.

මකුළු පැංචි (මංචි)

දෙවියනේ හංසි....මේ ඔයා කියන්නෙ මගේ කතාවද...??? :O

''ජීවිතේට අරමුණක් හොයාගෙන යත්දි අහම්බෙන් හමුවුණ රූපයක්.. විශේෂ වෙන්නෙ ඇයිද මන්දා... ඒත් විශේෂයක් දැනුනා. අහම්බෙන් වගේ නම කියත්දි ඒ නමත් ඔයාගෙ නමමයි.....'' !!!!

එක අකුරක්වත් වෙනසක් නැතුව...???මේ ලෝකේ මේ සිද්ධියම අකුරකින්වත් නොවෙනස්ව සිදුවුණු තවත් කෙනෙක්... හරිම පුදුමයි...

මකුළු පැංචි (මංචි)

දෙයක් කියන්නම් හංසි...නම එකම වුණාට..නව් වල අයිති කාරයිනුත් එක වගේම වෙයි කියලා මොහොතකටවත් බලාපොරොත්තු වෙන්න එපා.. ඒක සාධාරණ නැහැ...අලුත් වෙන්න.අලුතින් දකින්න...පුලුවන් කමක් තියෙනවනම්..හුරුපුරුදු නම පවා...අලුතින්ම දකින්න... :)))

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..