Buscar

පුර හඳ..



වැවට උඩින් පායපු රත්තරන් පාට පුර හඳ

ලස්සනට රත්තරන් පාටින් දිළිසෙන රත්තරන් වතුර කන්දරාව..
කළු පාටින් පේන අතු විහිදුන ගහක්..
ඇස් දෙකෙන්ම දැකපු ඒ ලස්සන පින්තූරෙ 
මම අවුරුදු ගානක් හොයපු පින්තූරෙ
මටවත් මතක නෑ ඇයි මම හොයන්නෙ කියලා
අදයි මතක් උනේ.
අවුරුදු ගානකට කලින් වෑන් එකේ වම් පැත්තෙ වීදුරුවෙන් මම දැක්කෙ.
පරාක්‍රම සමුද්‍රයට උඩින් පායලා තිබුණ හඳමයි මම හෙවුවෙ...
ඒ වගේම පින්තූරයක් මේ තියෙන්නෙ.
එදා දැක්කා වගේම නෑ තමයි...
ඒත් ඒ වගේමයි.
ඒ හඳ ඔයාත් දකින්න ඇති, සමහර විට මට වගේම ඔයාටත් මතක නැතිව තියෙන්නත් ඇති.
අහම්බෙන් වගේ ඔයාටත් මතක් උනොත් කවදාක හරි, එදාට ඔයාත් හිතන්න පටන් ගනීවි, ඔයාගෙ එකම වචනයක් පවා මහමෙරක් කරගත්ත කෙනෙක් ඒ පුරහඳ ඒ වගේම දකින්න ඇත්ද කියලා.....

ප.ලි- පින්තූරෙ දකිත්දි මතක් උන වචන ටිකක් විතරයි. මේක නම් ඉර පායන වෙලාවක ගත්ත පින්තූරයක් කියලයි තිබුණෙ.

8 comments:

Anonymous

පින්තූරෙට වඩා අදහස ලස්සනයි අදහසට වඩා පින්තූරෙ ලස්සනයි! :)

N N K

අනේ මන්ද ප.ලි එහෙම තිබුනට ඇත්තටම හිතුනු එකක්ක මන්ද. කොහොම උනත් හද පායනකොට ඒ වගේ තැනක දකින්න ලැබෙන දර්ශනේ නම් ලස්සනයි

හංසි

@තනි අලියා- ඒකත් එහෙමද? ඒ කියන්නෙ දෙකම ලස්සනයිද?? නැත්නම් පින්තූරෙ විතරක් ලස්සනද? බොහොම ස්තූතියි කොහොම උනත්.

@NNK- මේ වගේ දෙයක් ඇත්තටම දකින්න පින් කරන්න ඕන. මම උදේ 4.30ට විතර හඳ බැහැගෙන යනවා දැක්කෙ. හරි ලස්සනයි.. ම්ම්ම්...ඇත්තටම හිතුන දෙයක් නම් තමයි.

සංකල්ප

ගොඩක් ලස්සන අදහසක්. මොකෑ ඔයා ඒ පින්තූරේ හොය හොයා හිටියේ ???

Dinesh

ඉර බැසයද්දි ලස්සනට ගං දිය මතින්
මතකයි අපි හිටියා අත් වැල් අල්ලන් ආදරෙන්
තුරුළු වෙලා උණුහුමට පපුතුරෙන්
ආදරේ වින්දා මතකයි අද මෙන්...

සරත් ලංකාප්‍රිය

ඔය පින්තුරේ ඔහොමම දැක්ක කෙනා හම්බුනාද ?

Anonymous

නියමයි.... ඇත්තට පින්තූරේ ගත්ත කෙනාටත් ඔය ටිකම හිතෙන්න ඇති...

හංසි

@මධුරංග- අපි දවසක් පොලොන්නරුවෙ වන්දනාවෙ ගිහින් නැවතිලා හිටපු තැන ඉඳන් බදුල්ලට එන්න පිටත් උනා උදේම, එතකොටයි මම හඳ පායලා තියනවා දැක්කෙ. ඒක හරිම ලස්සනයි..

@දිනේෂ්- හරිම ලස්සනයි කවිය නම්.. ඒ වගේ අත්දැකීමක් ඊටත් වඩා ලස්සන ඇති.

@සරත් ලංකාප්‍රිය- හම්බුණත් පින්තූරෙ දැක්කාද කියලා අහන්න බෑනේ..

@prasanna86k- ඔව් ඔව්.. ඒක නම් ඇත්ත. මාත් දැක්කා මාලු ටැංකියෙත් ලස්සනම ලස්සන පින්තූර ටිකක් තියනවා..

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..