Buscar

මගේ උපන්දිනේ...




ඔන්න අද මගෙයි තාත්තාගෙයි උපන්දිනේ. එකම දවසෙ මෙහෙම උපන්දින තියන අය ඉන්නෙ ගොඩක් සීමිත ගානක් නේ.. එයින් එක පවුලක් අපේ පවුලත්. මම හිතන්නෙ අපේ තාත්තට ලැබුණු ගොඩක් වටිනාම උපන්දින තෑග්ග මම වෙන්න ඇති. කොහොම උනත් මගේ උපන්දිනේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ දවස ගොඩක් විශේෂයි. ඉතින් මගේ තාත්තාටත් සුබම සුබ උපන් දිනයක් වේවා..!!


ඊයෙ ඉඳන්ම සුබ පැතුම් තෑගි ලැබුණා. E-soft මාතර ශාඛාවේ BIT- sem 1 එකේ හැමෝටමයි, කාර්ය මණ්ඩලයටයි ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. ෆේස්බුක් එකෙන් ඊයෙ ඉඳන්ම සුබ පතපු හැමෝටමයි.. ටික දවසක් පොඩ්ඩක් විතර තරහින් හිටියත් උපන්දිනේ අමතක නොකරපු මගේ ආදරණීය ජයනි නංගියාටයි, උපන්දිනේ ලබත්දිම මාව ඇහැරවලා හිතුවෙත් නැති වෙලාවක සුබ පතපු මගේ හොඳම යාලුවා වගේම හොඳම රණ්ඩුකාරයාටයි (උණ හැදිලා මහ රෑ ඇහැරුණ නිසාලු wish කරේ. chat කරලා තරහ වෙලානේ ගියේ.), ඒ වෙලාවෙම එස්.එම්.එස් එකක් එවපු A/L කාලෙ යාලුවෙක්ටයි.. ඊට පස්සේ.... උදේම කෝල් එකක් දීලා ආයුබෝවන් කියලා මගේ ආයුෂත් වැඩි කරලා නොහිතපු විදිහට සුබ පතපු මගේ ආදරණීය  මිත්‍රයා ජනරඟටයි, එවෙලෙම කෝල් කරපු මගේ හොඳම යාලුවා අනූටයි, දැනට අවුරුදු ගානක ඉඳන් කවදාවත් දැකලා නැති උනත් හැමදාමත් සුබපතන "අම්පෙගම අයියා"ටයි,  හැමදාමත් ඕනම දෙයකදි මාත් එක්ක ඉන්න පබාටයි, උදේම මම දැනට භාවිතා නොකරන email address එකකට ඊමේල් එකක් එවලා ඊමේල් බලන්නෙ නැද්ද අහ අහ හිටපු අපේ නංගිටයි, ලස්සනම ලස්සන සුබ පැතුමක් එක්ක තවත් සුබ පැතුමක් එවපු NNKටයි (කේක් එකකුත් එවුවා.. ඔයා හොරෙන් කෑවාට මම නම් කේක් එක බෙදනවා.),  තාමත් සුබ පතන හැමෝටමයි.. (නම් නොකියවුණාට තරහා වෙන්න එපා.) ගොඩක්ම ස්තූතියි.


උපන්දිනය වෙනුවෙන් මාව සතුටු කරන්න හැම වියදමක්ම දරන අපේ අම්මායි තාත්තායි, මම්මායි, ලොකු අම්මායිත් ආදරෙන් මතක් කරනවා.

මෙන්න මගෙන් කේක් එකක්.. මම ආසම ෆැන්ටා තමයි පහලින් තියෙන්නෙ. කේක් කාලා ෆැන්ටා බීලා යන්න.


13 comments:

වැසි දැරිය - The Rain Girl

ලස්සන වැඩේ ම‍ගෙයි ඔයාගෙයි උපන්දිනේ එකම ළග තියෙන එකනේ..මට හරියටම බලාගන්න බැහැ පෝස්ට් එක දාලා තියෙන දිනේ..මම නම් ඔක්තෝබර් 16 වැනිදා සුබ පැතුම්..

Anonymous

මූණුපොතට දාපු එක එහෙම්මම................. :)

සුභ උපන්දිනයක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා .. හංසි! :)

https://mzkg6w.blu.livefilestore.com/y1pxKiliqGr6zkDuxR0lZvrkT4XzejE2xCRtfeovdY-7DSyA_Hz_YuRShwOe87ndllNZ26-OID-pJlrqaJ87sCUGw/02%20in%20the%20end%20piano.mp3?download&psid=1

Dinesh

හැමදාම වගේ මම අදත් පරක්කුයිනේ.... කමක් නෑ.. ඔයාටත් තාත්තටත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. හැමදාම සතුටින් ඉන්න...

හිරණ්‍ය

සුබ උපන් දිනක් වේවා! :)

N N K

මම දන්නේ නැනේ ඔයාගේ තාත්තගේ උපන් දිනේ අද බව. එකත් මරු ඔයාගේ තාත්තට සුභ උපන්දිනයක් වේවා.. මම නම් හොරෙන් කැවේ නැ එත් ඔයා අපිට පාටි එකක් දුන්නේ නැනේ. කමක් නැ තව පාරක් එහෙනම් සුභ උපන් දිනයක් වේවා කියල කියනවා.

Unknown

සුභ උපන් දිනයක් වේවා හංසි :)

දේව් ගේ අඩවිය

ලේට් නම් තමා ඉතින් ඔන්න ඒත් ඉතින් දැන ගත්තේ දැන්නේ.. අනිවා නෙක්ස් ඉයර් විශ් කරන්නම්කෝ මම ජිවත් වෙලා උන්නොත්... සුභම සුභ උපන් දිනයක් වෙවා... දෙන්නටම

සංකල්ප

මුලින්ම,

ඔයාගේ තාත්තටයි ඔයාටයි සුබම සුබ උපන්දිනයක් වේවා !!! ඒ වගේම දෙන්නටම නිදුක් නිරෝගී සුව පතනවා !!!
(අමාරුම වැඩේ ඉවරයී )

එහෙනම් මාත් කේක් කෑල්ලක් කාලා බීම එකකුත් බොන්නම්. මම් ආසම බටර් කේක් වලට.කමක් නෑ බටර් කේක් නැති උනාට මේ කෑල්ලක් කන්නම් :)
-ස්තූතියි-

හංසි

@වර්ෂා- බොහොම ස්තූත්යි වැස්ස.. ඔයාටත් සුබ උපන්දිනයක් කියලා ප්‍රමාද වෙලා උනත් සුබ පතනවා...

@තනි අලියා- බොහොම ස්තූතියී...!! ඒත් ඇයි සුබ අලුත් අවුරුද්දක් කියන්නෙ?? ලස්සනයි...

@දිනේෂ්- ඇයි අයියේ එහෙම කියන්නෙ?? පරක්කු නෑ.. ඔයා ඊයෙ සුබ පතලා තියෙන්නෙ. මගේ උපන්දිනේ 17 නේ. බොහොම ස්තූතියි අයියේ..

හංසි

@හිරණ්‍ය- ඔයා නේද සම්මතයට එහා ගියපු කතා ලියන්නෙ?? මාත් ඒ පැත්තෙ එනවා.. බොහොම ස්තූතියි.

@NNK - ගොඩක් ස්තූතියි යාලුවේ.. මම තාත්තගෙ උපන්දිනේ කියලා දාලා තිබුනා. ඔයා නම් කේක් හොරෙන් කෑවා කියලා මම දන්නවා.

@ChammA- බොහොම ස්තූතියි..!! මූණුපොතෙනුත් සුබ පැතුමක් තියනවා දැක්කා..

හංසි

@දේවාගේ අඩවිය- ලේට් වෙන්නෙ කොහොමද?? දවස පුරාම සුබ පතන්න පුලුවන්. කොයි වෙලාවෙ සුබ පැතුවත් එක වගේ වටිනවා. බොහොම ස්තූතියි අයියේ..!!

@මධුරංග- බොහොම ස්තූතියි මධුරංග අයියේ.. අම්මෝ බටර් කේක් වලට ආස කෙනෙක් ගැන ඇහුවාමයි. අනිත් දවසෙ බටර් කේක් එකකුත් ගෙනැත් තියන්නම්.

The Lion

ඔන්න සිංහයාගෙනුත් සුභ පැතුම් දෙන්නටම (තව අවුරුද්දකින් නාකි උනාට ) ......:D

හංසි

@The Lion- බොහොම ස්තූතියි... මම චෙස් ගැන කියවන්නත් ගියා... වෙලාවක ඔක්කොම කියවන්න ඕන.

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..