Buscar

එදා ඔබ.. අද මම...



ඔයා
මහා අයිස් කන්දක්
දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි
තවතවත් මිදෙන්න හදන 
මහා අයිස් කන්දක් 
මම
ඒ අයිස් දිය කරලා
වතුර ටිකක් අත් දෙකට ගන්න 
බලාගෙන හිටියා

දැන්
මුලු උණුහුමම බින්දුවක්වත් ඉතිරි නොවෙන්නම
නැති වෙලා ගිහින්..

එක පාරටම මහා වතුර කන්දරාවක්
අත්දෙකම පිරෙන්න ගලාගෙන ඇවිත්
ඒත්... 
ගලාගෙන යන වතුර වල 
සීතලවත් නොදැනෙන්නම 
මම
සීතලෙන්ම මිදිලා ගිහින්. 

9 comments:

තනි අලියා

කියවද්දි මොකද්ද අමුතු එකක් දැනෙනව,...... හැබයි ලස්සනයි! :)

Dinesh

වෙනස්ම අදහසක්.. ලස්සනයි...

Gayan Rupasinghe

නියමයි..

ජය..

මධුරංග

මේ කවිය කියවනකොට මව හීතලෙන් ගල් ගහුනා. ලස්සන අයිස් කවියක් !!!!

යසියා

හ්ම්... මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ..

"ඒ අයිස් කන්ද දියවෙලා හිතාගෙන හිටිය විදියට ඔයාගෙ බලාපොරොත්තු ඉටු නොකලාම, ඔයාගෙ ඇස්වලින් ඉනුව කදුලු වල උනුහුමට ඒ හීතල නැතිවෙලා ගියේ නැත්ද??...

N N K

ජිවිතේ පරක්කු උනාම ඔයා වගේ දේවල් වෙනවා. එක්කෝ තමන් ගැන හිතන්න ඕන නැත්නම් වටේ ඉන්න අය ගැන හිතන්න ඕන. කවුරුගන හිතුවත් පස්සේ දුක්නොවි ඉන්න තමන් දැන ගන්න ඕන. මොකද හැම දෙයක්ම තීරණය කලේ තමන්ම නිසා.. කොහොම උනත් පද පෙලිටිකනම් ලස්සනයි

දඩබ්බරී

වෙනස් ලස්සනක් තියෙනවා....

හංසි

@තනි අලියා- බොහොම ස්තූතියි මල්ලී....!! මොකක්ද දැන් අමුතු එකක් දැනෙන්නෙ?? සීතලට ගල් ගැහෙනවා වගේද??

@දිනේෂ්- බොහොම ස්තූතියි අයියේ..! ම්ම්ම්... ජීවිතේට දැනෙන දේවල් අමුතුම විදිහට ලියන්න පුලුවන් අයියේ..

@මධුරංග- හි හී... එහෙනම් ආක්ටික් පැත්තට ගිහින් ආවා වගේ ඇති. ගොඩක් ස්තූතියි අයියේ..

හංසි

@Gayan Rupasinghe - බොහොම ස්තූතියි ගයාන්..!

@යසියා- කඳුලු පවා මිදෙන සීතලක්..!!! ම්ම්ම්.. අයිස් දිය වෙන්න පටන් ගනිත්දි සීතලට ගල් වෙලා ඉවරනේ..

@NNK - ම්ම්ම්... සමහර දේවල් ගැන කොහොම තීරණය කරත් දුක් වෙන්න වෙනවා.. බොහොම ස්තූතියි NNK..

Post a Comment

හංස පිහාටුවට මොකද කියන්නෙ කියලත් කියලම යන්න..

 

කියවන්න එකතුවෙන්න..